+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව ප්‍රේමය - යෝෂා මනූ
August 22, 2021 Sunday Sermon Notes


Yasha

 දෙවියන්වහන්සේ ප්‍රේමයය.
1 යොහන් 4:8, 16.

 1 කොරින්ති 13:8 ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.

දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැනගෙන විශ්වාස කළ යුතුයි.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි පවතින කෙනා දෙවියන්වහන්සේ තුළ පවතී.

ඒමෙන්ම දෙවියන්වහන්සේත් ඒ කෙනා තුළ පවතී.

යොහන් 3:16 හි පවස පරිදි දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය පෙන්වා දුන්නේ කෙසේද? තමන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් මුලු ලෝකයා වෙනුවෙන් පූජා කීරීමෙනි. එසේ කළේ යේසුස්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබාගන්නා පිණිසය.

දෙවියන්වහන්සේ මට කවදාවත් ප්‍රේම කළේ නැහැ කියා කිසිකෙනෙකුට කිසිදා කිව නොහැකිය.

ඔබ මනුෂ්‍යයන්ගෙන් කවදාවත් ප්‍රේමය ලැබුවේ නැති නිසා, ප්‍රේමය පෙන්වන දෙවි කෙනෙක් නැහැ කියා නොපවසන්න.

ප්‍රේමයේ දෙවියන්වහන්සේ නිතරම බලන්නේ මනුෂ්‍යයාට ප්‍රේම කරන්නටත් යහපත පෙන්වා දෙන්නටත්ය.

"සැබවින්ම මට ප්‍රේම කරන දෙවි කෙනෙකු සිටිනවා නම්, මට ප්‍රකාශ වෙන්න එවිට මම විශ්වාස කරන්නම්" කියා ඔබ කිවහොත් උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබට ප්‍රකාශ වී එළිදරව් කරනවා ඇත.

ඔබට දෙමාපියන්ගේ ප්‍රේමය නොලැබී ඇත්නම්, අද දින මම කියන්න කැමතියි ඔබව මැවූ, අහස පොළොව සහ මේ මුළු විශ්වය මැව්ව ප්‍රේමයේ දෙවි කෙනෙකු සිටිනවා. ඒ නිසාමයි උන්වහන්සේ මේ පව්කාර ලෝකයට පැමිණ අපි වෙනුවෙන් කුරුසපත් වී මැරුණේ.

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුනු නිසයි අපට අද ඒ දිව්‍යමය ප්‍රේමය අත්දකින්නට පුලුවන් වන්නේ.

ප්‍රේමයයි අප වෙනුවෙන් දිවි පිදුවේ.
ප්‍රේමයයි අප වෙනුවෙන් දුක් වින්ඳේ.
ප්‍රේමයයි අප වෙනුවෙන් නිරයට ගොසින් යක්ෂයාව  සම්පූර්ණයෙන්ම විනාශ කළේ.
ප්‍රේමයයි අද දින ඔබට බලාපොරොත්තුවක් දෙන්නේ.
ඔබ ප්‍රේමයේ දෙවියන්වහන්සේ විශ්වාස කර අදහා ගතහොත් උන්වහන්සේ ඔබ තුළට පැමිණ ඒ අසීමිත ප්‍රේමයෙන් ඔබට ප්‍රේම කරන්නේය.

යෙරෙමියා 31:3 හි ස්වාමීන්වහන්සේ ඔබට ප්‍රකාශ වී පවසන්නේ, "මම ඔබට සදාකාල ප්‍රේමයෙන් ප්‍රේම කරනසේක." ප්‍රේමයේ සීමාවක් නැති දෙවියන්වහන්සේ ඔබව උන්වහන්සේගේම ප්‍රේමයෙන් අනුකම්පාව පෙන්වා දෙමින් ඔබව දයාබරකමින් තමන්වහන්සේ වෙතට ළංකර ගන්නට කැමැත්තෙන් සිටී.

එපීස 2:4 හි දේව වචනයේ පවසනවා, උන්වහන්සේ අපට මහත් ප්‍රේමයෙන් ප්‍රේම කරන බව. විශාල ප්‍රේමයකින් උන්වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරන්නේ
උන්වහන්සේ දයානුකම්පාවෙන් පොහොසත්ව සිටින නිසයි.

රෝම 8:38-39, කිසිකෙනෙකුටවත් කිසිදෙයකටවත්, යක්ෂයාටවත් බැහැ ඔබව දේව ප්‍රේමයෙන් වෙන් කරන්නට. ඒ ප්‍රේමය පුදුමාකාර ප්‍රේමයක්.
"......මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම් වලටවත්, දැන් පවතින දේ වලටවත්, මතු පැමිණෙන දේ වලටවත්, පරාක්‍රම වලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන්කරන්ට නොහැකි වන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි" කියා පාවුල්තුමා පැවසුවා.

රෝම 5:6 අනුව අප දුර්වලව, අභක්තිකයන් ලෙස සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසාම මැරුණේය.

රෝම 5:8, දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අපි පව්කාරයන් ලෙස සිටියදීමයි. පව්කාර අය වෙනුවෙන්මයි ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ.

ඒ මන්ද? අපව පාපයෙන් හා පව්කාරකමෙන් ගළවා, මුදවා නිදහස් කර ධර්මිෂ්ඨ දේව දරුවන් කරන පිණිසයි. හාලෙලුයියා!


Watch the Sermon Video

විශ්වාස කරමින් ඔබේ ඇදහිල්ලේ ප්‍රකාශය තදින් අල්ලාගන්න - මනූ මැතානි

August 22, 2021 Sunday Sermon Notes

 

 

22.08.2021 Manu

 

2 තෙසලෝනික 2:10

විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.

1 සාමුවෙල් 15:29
ඇරත් ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණෝ බොරු නොකියනසේක, නොතැවෙනසේක. මක්නිසාද තැවෙන්ට උන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවේයයි කීවේය.

යාකොබ් 1:22-24
22 නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.

23 මක්නිසාද යමෙක් වචනය අසන නුමුත් එය පිළිපදින්නේ නැත්නම්, ඔහු කැඩපතකින් තමාගේ ස්වාභාවික මුහුණ බලන මනුෂ්‍යයෙකුට සමානය.
24 මක්නිසාද ඔහු තමාම බලාගනිමින් සිට අහක්ව ගිය කල, තමා කෙබඳු මනුෂ්‍යයෙක්ව සිටියේදැයි එවෙල්ම මතක නැතිකරයි.

හෙබ්‍රෙව් 10:23
අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

තීතස් 1:1
බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ,

මතෙව් 18:19
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.

මාර්ක් 9:23
යේසුස්වහන්සේ උත්තරදෙමින්: ඔබට පුළුවන් නම්! විශ්වාසකරන්නාට සියල්ල පුළුවනැයි කීසේක.

ලූක් 9:27
එහෙත් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින තුරු කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

පිලිප්පි 4:6
නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.

යොහන් 16:22-23
22 එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නුමුත් නැවත නුඹලා දකින්නෙමි, එවිට නුඹලාගේ සිත ප්‍රීතිවන්නේය, නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය.

23 ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබැවක් සැබැවක් නුඹලාට කියමි- පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක.

24 මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.

හෙබ්‍රෙව් 10:35-36
35 එබැවින් මහත් විපාකයක් ඇත්තාවූ නුඹලාගේ නිසැකකම අත් නාරින්න.
36 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට ඉවසිල්ල ඕනෑය.

හෙබ්‍රෙව් 10:23

ගීතාවලිය 23:5

2 කොරින්ති 1:20

ගීතාවලිය 1:1
දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ,

2 ලේකම් 20:20
ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යුදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.

හිතෝපදේශ 23:7

ගීතාවලිය 35:27

ගීතාවලිය 23:1

පිලිප්පි 4:19

යොහන් 10:10

ගීතාවලිය 1:3
ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.

1 යොහන් 5:14-15
14 උන්වහන්සේ ඉදිරියෙහි අපට තිබෙන නිසැකකම නම්, අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය.

15 අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම්, අප උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව.

යාකොබ් 1:6-8
6 නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.

7 එබැවින් එබඳු මනුෂ්‍යයා තමාට ස්වාමීන්වහන්සේගෙන් යමක් ලැබේයයි නොසිතාවා.

8 ඔහු දෙසිත් ඇති මනුෂ්‍යයෙක්ව, තමාගේ සියලු මාර්ගවලදී අස්ථිරව සිටින්නේය.

හෙබ්‍රෙව් 4:12

2 කොරින්ති 4:18
ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

ගීතාවලිය 113:7-8
අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස

8 උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.

නික්මයාම 1:11

 


Watch the Sermon Video

Read 663 times