+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ මහත්කම ගැන විශ්වාස කරන්න - මනූ මැතානි
September 17, 2021 Bible Study Notes

 

ගීතාවලිය 23:1

යොහන් 10:27

යෙසායා 59:1

බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.

යෙරෙමියා 32:17

 අහෝ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලයෙන්ද දිගුකළ ඔබගේ හස්තයෙන්ද ඔබ අහසත් පොළොවත් මැවූසේක; ඔබට බැරිවූ කිසි දෙයක් නැත්තේය.

1 පේත්‍රැස් 3:12

මක්නිසාද ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.  නුමුත් ස්වාමීන්වහන්සේගේ මුහුණ නපුර කරන්නන්ට විරුද්ධව තිබේ.

ලූක් 11:20

යෙරෙමියා 2:13

1 පේත්‍රැස් 4:18

ධර්මිෂ්ඨයා අමාරුවෙන් ගැළවෙන්නේ නම් අභක්තිකයාද පව්කාරයාද කොතැන පෙනෙද්ද?

1 පේත්‍රැස් 4:19

එබැවින් දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස දුක්විඳින්නෝ යහපත කරමින්, විශ්වාස මැවුම්කාරයාණන්ට තමුන්ගේ ආත්ම භාරදෙත්වා.

ගීතාවලිය 16:11

නික්මයාම 14:11

ගණන් කථාව 12:3

මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.

මතෙව් 11:28

වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.

මතෙව් 11:29-30

29 මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.

30 මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

හිතෝපදේශ 13:20

ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය;  එහෙත් අඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.

ගීතාවලිය 119:63

මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

1 පේත්‍රැස් 5:6

එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

ගීතාවලිය 90:12

ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව.

ගීතාවලිය 90:10

අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය;  මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.

ගීතාවලිය 91:16

දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

ගීතාවලිය 75:5-6

නුඹලාගේ අඟ උස් නොකරව්;  තද කුළල් ඇතිව කථා නොකරව්. මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.

ගීතාවලිය 75:7

නුමුත් දෙවියන්වහන්සේ විනිශ්චය කාරයාණෝය.  උන්වහන්සේ එක්කෙනෙකු පහත් කරනසේක, අනිකෙකු උසස් කරනසේක.

රෝම 11:29

මක්නිසාද දෙවියන්වහන්සේගේ දීමනාද කැඳවීමද වෙනස් නොවන්නේය.

ලූක් 9:57

ඔවුන් මාර්ගයේ යද්දී එක්තරා මනුෂ්‍යයෙක්: ඔබවහන්සේ යන කොතැනට නුමුත් මමත් ඔබ අනුව එන්නෙමියි කීවේය.

ලූක් 9:58

යේසුස්වහන්සේද: සිවලුන්ට බෙනත් ආකාශයේ පක්ෂීන්ට කූඩුත් තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක.

යොහන් 1:37

ඒ ගෝලයන් දෙදෙනා ඔහුගේ කීම අසා යේසුස්වහන්සේ පස්සේ ගියෝය.

යොහන් 1:38

යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථයයි.)

යොහන් 1:39

ඇවිත් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එසේ ඔව්හු ගොස් උන්වහන්සේ සිටින ස්ථානය දැක, එදින උන්වහන්සේ සමඟ නැවතුණෝය. ඒ වේලාව දසවෙනි පැය පමණ විය.

ලූක් 9:59

උන්වහන්සේ තවත් කෙනෙකුට: මා අනුව එන්නැයි කීසේක. නුමුත් ඔහු: ස්වාමීනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භූමදානකරන්ට මට අවසර දුන මැනවයි කීවේය.

මතෙව් 6:33

ලූක් 9:60

උන්වහන්සේද: මළාවූ අය තමුන්ගේ මළවුන් තැන්පත්කරත්වා; නුඹ ගොස් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශකරන්නැයි ඔහුට කීසේක.

ලූක් 9:61

තවත් කෙනෙක්ද: ස්වාමිනි, ඔබ අනුව එන්නෙමි; නුමුත් පළමුකොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩදුන මැනවයි කීවේය.

ලූක් 9:62

එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.

මතෙව් 6:33

නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය. 

1 රාජාවලිය 19:19

මෙසේ ඔහු එතැනින් ගියවිට ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා ඔහුට සම්බවුණේය, එලිෂා ගවයන් දොළොස් බානක් පස්සේ හාමින් දොළොස්වෙනි බාන සමඟ සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සළුව ඔහු පිට හෙළීය.

1 රාජාවලිය 19:20

එවිට ඔහු ගවයන් අත්හැර එලියා පස්සේ දුවගොස්: මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්ට මට අවසර ලැබේවා, ඉන්පසු ඔබ අනුව එන්නෙමියි කීවේය. ඔහුද: හැරී යන්න; මම නුඹට කුමක් කෙළම්දැයි ඔහුට කීවේය.

1 රාජාවලිය 19:21

එවිට ඔහු වෙතින් ඔහු හැරී ගොස් ගවයන් බාන රැගෙන මරා, ගවයන්ගේ වියදඬුවලින් උන්ගේ මස් තම්බා, මිනිසුන්ට දුන්නේය. ඔව්හුද කෑවෝය. පසුව ඔහු නැගිට එලියා අනුව ගොස් ඔහුට සේවයකෙළේය. "

2 රාජාවලිය 3:10

එවිට ඉශ්‍රායෙල් රජ: අහෝ ස්වාමීන්වහන්සේ මෝවබ් අතට පාවා දෙන්ට මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි කීය.

2 රාජාවලිය 3:11

නුමුත් යෙහෝෂාපාට් කථාකොට: අප විසින් ස්වාමීන්වහන්සේගෙන් විචාරන පිණිස ස්වාමීන්වහන්සේගේ ප්‍රොපේතවරයෙක් මෙහි නැද්දැයි ඇසුවේය. එවිට ඉශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තරදෙමින්: එලියාගේ අත්වලට වතුර වත්කළාවූ, ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා මෙහි ඉන්නේයයි කීවේය.

2 රාජාවලිය 3:12

යෙහෝෂාපාට්ද: ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේයයි කීය.


Watch the Sermon Video

Read 788 times