+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න - යෝෂා මනූ
October 31, 2021 Sunday Sermon Notes

දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කිරීම ඉතා වැදගත්.

දෙවියන්වහන්සේගේ හදවතේ තිබෙන එකම ආශාව අපි උන්වහන්සේ සමඟ සම්බන්ධකමක් ගොඩනගා ගෙන ජීවත් වීමයි. එනම් දෙවියන්වහන්සේ සමඟ කතා කිරීම. උන්වහන්සේ සමඟ කතා කරන්නට කාලය වෙන් කරනවා විතරක් නෙවෙයි මුළු දවස් පුරාම උන්වහන්සේ සමඟ සම්බන්ධතාවක් ගොඩනගා සිටීම යහපත්.

උන්වහන්සේ සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගන්න. උන්වහන්සේව සෑම මොහොතේදීම සිහි කරන්න.

පළමුකොට උන්වහන්සේට කාලය දෙන්න. කාලය සොයාගන්න. එවිට ඔබට උසස් වූ ජීවිතයක් ගත කරන්නට පුලුවන් වේ.

මේ වචනය තුළ පැවතීමෙන් වර්ධනය වෙන්න. අපගේ අත්මික ජීවිතය ගොඩනගා ගැනීමෙන් අපි ආශීර්වාද ලබා  ගන්නවා.

උත්පත්ති 4:6

කායින් ආබෙල්ව මරා දමන්නටත් පෙර ඔහුට කතා කළා. ඔහු උන්වහන්සේගේ සඬට සවන් දුන්නේ නැහැ.

ඒවගේම ඔහු ආබෙල්ව මරා දැමුවාට පසුවත් දෙවියන්වහන්සේ ඔහුට කතා කළා.

කෝපයෙන් සිටින මනුෂ්‍යයන්ට දෙවියන්වහන්සේ අද දින කතා කරනවා.

උත්පත්ති 4:16

කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කෙළේය.

කායින් ස්වාමීන්වහන්සේ වෙතින් ඉවත්වී ගියා. දෙවියන්වහන්සේ ඔහුට පසුතැවිලි වීමටත් කමාව ලබාගෙන නැවත තමාගේ ජීවිතය ගොඩනගා ගන්නට උපකාර කරන්නට තුබුණා. නමුත් ඔහු තමාගේ පාපය සඟවා ගෙන තබාගන්නට තීරණය කරමින් ස්වාමීන්වහන්සේගෙන් ඈත් වී ගියා.

උත්පත්ති 5:1-4

ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක;

2 පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක.

3 ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.

සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

ආබෙල් මැරුණාට පසු සෙත්ගේ පරම්පරාව දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස තැබු පරම්පරා වුණා.

ඉතින් අපි උත්පත්ති පොතේ පරම්පරා දෙකක් බිහිවන බව දකිනවා.

කායින්ගේ පරම්පරාව සහ සෙත්ගේ පරම්පරාව.

සෙත්ගේ පරම්පරාව දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූ නිසා දෙවියන්වහන්සේගේ පුත්‍රයන් කියා ඒ පරම්පරාව හඳුන්වනු ලැබුවා. කායින්ගේ පරම්පරාව ස්වාමීන්වහන්සේගෙන් ඉවත්වී ගිය නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ පරම්පරාව කියා හඳුන්වනු ලැබුවා.

උත්පත්ති 6:1-3

1 තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල

2 දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන්ශෝ භන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය.

3 ස්වාමීන්වහන්සේද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක.

උත්පත්ති 6:4-8

4 ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.

5 මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.

6 තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක. ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක. එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව (අනුග්‍රහය) ලැබුයේය.

උත්පත්ති 5:22

ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

උත්පත්ති 6:9

නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය.

නෝවා දෙවියන්වහන්සේ සමඟ කාලය ගත කළා. ඔහු තමාගේ ජීවිතය ශුද්ධ පවිත්‍රව තබා ගන්නට තීරණය කළේය.

 


Watch the Sermon Video

Read 528 times