+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාද කර ඇත - යෝෂා මනූ
December 5, 2021 Sunday Sermon Notes

 

මේ ස්ථීරව තිබෙන  වචනය අපගේ හදවත් තුළ අපි ස්ථීර කර ගත යුතුයි. 

ස්වාමීන්වහන්සේගේ වචනය සමඟ අපි  එකඟවීමෙන් අ උන්වහන්සේගේ මුඛය බවට පත් වන්නෙමු.  

ගීතාවලිය 138:2

මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක. 

මේ වචනයට ඔබ උතුම්ම ස්ථානය දෙන්න. 

යාකොබ්ට තමාගේ මව විසින් නම් කරනු ලැබුවේ ඔබ වංචාකරුවෙකු කියාය.  ඉතින් පසුකාලයේ දෙවියන්වහන්සේ ඔහුගේ නම වෙනස් කළා. 

ආබ්‍රම්ගේ නාමයද දෙවියන්වහන්සේ ආබ්‍රහම් කියා වෙනස් කරනු ලැබුවා.

දෙවියන්වහන්සේ අපගේ නාමය කියා අපට හඬගසනු ලබනවා. 

1 ලේකම් 4:9-10

9 යාබෙශ් තමාගේ සහෝදරයන්ට වඩා ගෞරව ලැබුවේය. ඔහුගේ මවු: මම වේදනාවෙන් ඔහු බිහිකළෙමියි කියා ඔහුට යාබෙශ් යන නම තැබුවාය.

10 යාබෙශ්ද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට: අහෝ, ඔබ මට ආශීර්වාදකර, මාගේ සීමාව විශාලකර, ඔබගේ අතින් මට පිහිටවී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනවයි කීවේය. දෙවියන්වහන්සේද ඔහුගේ ඉල්ලීම ඉෂ්ටකළසේක. 

යාබෙශ් යන නමෙහි තේරුම: වේදනාව=කනගාටුව, කනස්සල්ල, දුක, ශෝකය,

යාබෙශ්ගේ මවට ඇතුවූ වේදනාව නිසා ඇය ඔහුට ඒ නම තැබුවේ. 

යාබෙශ්ට තමාගේ නම හඬ ගසන විට ඔහුට ඇසුනේ ශෝකය, දුක, වේදනාව කියාය. ඔහු කල්පනා කරන්න ඇති මම මගේ මවට වේදනාව ගෙන ආව නිසා මගේ ජීවිතයත් ශෝකයට හැරී තිබේ. 

දෙවියන්වහන්සේ අප ගැන නිතරම යපපත කතා කරමින් පවසන්නේ ඔබ විශේෂයි, ආශීර්වාද ලද්දෙකුය, ඔබ ජයග්‍රාහිකයි. 

යාබෙශ් තීරණය කළා ස්වාමීන්වහන්සේ වෙතට ගිහින් යාච්ඤා කරමින් ඔහුට හිමිවූ ශාපය කඩා බිඳ දමන්නට, වෙනස් කරගන්නට. 

ඔහු ස්වාමීන්වහන්සේට කීවේ මට ආශීර්වාද කරන්න.

එපීස 1:4

හි පවසන්නේ ස්වාමීන්වහන්සේ දැනටමත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල තිබෙන සියලු ආත්මික ආශීර්වාදවලින්  අපට ආශීර්වාද කර තිබෙන බවයි.

යාබෙශ් කීවේ ස්වාමිනි මගේ මවු මට වැරදි වචන කතා කර තිබෙනවා නමුත් ඔබවහන්සේ මට පිහිටවෙන්ට. මගේ සීමාව විශාල කරන්න. 

අලුත් ගිවිසුම තුළ ස්වාමීන්වහන්සේ අපට පවසන්නේ ඔබ මම ඔබ ගැන පවසා තිබෙන වචන කතා කරන්න. කණගාටු නොවන්න, කනස්සලු නොවන්න. ඒක අපි කළ යුතුයි.

ස්වාමිනි, මම කනස්සලු වන්නේ නැහැ. මම භය වන්නේ නැහැ.   

පිලිප්පි 4:1-8

1 එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.

2 ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙන මෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි.

3 එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.

4 ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි. 

අපි තීරණය ගත යුතුයි මගේ ප්‍රීතිය කිසිකෙනෙකුට උදුරා ගන්නට නොහැකියි.

5-7

5 නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක.

6 නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න.

7 එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

8 ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න. 

ඔබ කියන්න ස්වාමීන්වහන්සේ තුළ මට ශක්තිය තිබෙනවා. මට ප්‍රීතිය තිබෙනවා.  

යාබෙශ් වචන ප්‍රකාශ කරමින් තමාගේ ජීවිතයේ තිබූ ශාපය කඩා බිඳ දමා වෙනස් කර ගත්තේය. එවිට ඔබට ඔබගේ ජීවිත ගමන වෙනස් කර ගත හැකියි.

 


Watch the Sermon Video

Read 508 times