+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ධර්මිෂ්ඨකම පරම්පරාගත ආශීර්වාද ගෙනදේ- යෝෂා මනූ
May 29, 2022 Sunday Sermon Notes

 

දෙවියන්වහන්සේ දේවදූතයන් පත්කර ඇත්තේ අපට සේවය කරණ පිණිසයි.

ඒවාගේම දේවදූතයන් නිතරම කීකරු වන්නේ දෙවියන්වහන්සේගේ වචනයටයි.
අපි දේව වචන යහපත් වචන කතා කරනවානම් දේවදූතයන්ට ඒක තේරෙනවා. නමුත් අපි ඊට පටහැනි වචන ප‍්‍රකාශ කරන්නේ නම් අපට ඔවුන්ගෙන් උපකාර ලැබෙන්නේ නැත.

දේවදූතයන් මනුෂ්‍යයන්ට දර්ශනය වන විට ඔවුන්ගේ ප‍්‍රකාශය වන්නේ, “භය නොවන්න” යනුයි. ( ලූක් 1:13 / ලූක් 1:30)

මරියාට ගාබි‍්‍රයෙල් යන දේවදූතයා යේසුස්වහන්සේගේ උපත ගැන ශුභාරංචිය පවසන්නට පණිවිඩය ගෙන ආ විටත් පැවසුවේ “භය නොවන්න” කියාය.

දෙවියන්වහන්සේ යමක් කරන්නේ අපගේ කැමැත්ත ඇතිවයි.

එළිදරව් 3:20 මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ හදවත නැමැති දොරටුවට තට්ටු කරමින් පවසන්නේ “මම කැමතියි ඔබ තුළට පැමිණ මාගේ වචනය ඔබට එළිදරව් කරන්නට මට ඉඩ දෙන්න.”

ලූක් 1:34 එවිට මරියා දේවදූතයාට කථාකොට: මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි කීවාය.

මරියා දේවදූතයාගෙන් ප‍්‍රශ්න කළේ සැක කළ නිසා නොව නමුත් එය වෙන්ට යන්නේ කෙසේද කියා දැනගන්නා පිණිසයි.

ලුක් 1:38 මරියාද: බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවයි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් ගියේය.

දේව කැමැත්තට කරන්නට මරියා එකඟව පැවසුවේ: “ඔබගේ වචනය ලෙස මට වේවා!”

මෙම දේවදුතයාම සෙකරියස්ටත් දර්ශනය විය. නමුත් සෙකරියස් ඔහු කී වචන සැක කළා.

ලූක් 1:18 සෙකරියස්ද: මම මේක කුමකින් දැනගනිම්ද? මක්නිසාද මම මහල්ලෙක්ය, මාගේ භාර්යාවත් වයස්ගතයයි දේවදූතයාට කීවේය.

ලූක් 1:20 බලව, නියම කාලයට සම්පූර්ණවන්නාවූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින්, මේ කාරණා සිදුවන දවස දක්වා, නුඹ කථාකරන්ට නොහැකිව නිශ්ශබ්දවන්නෙහියයි කීවේය.

දෙවියන්වහන්සේගේ වචනය බල රහිත නොවන්නේය. ලූක් 1:37

දෙවියන්වහන්සේගේ කැමැත්ත වන්නේ අප තුළිනුත් උන්වහන්සේගේ කැමැත්ත මේ පොළොවේ ඉෂ්ට වන්නටයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප තුළින් ධර්මිෂ්ඨ පරමිපරාවක් බිහිකිරීමයි.

අප දෙවියන්වහන්සේ සමඟ ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය දරුවන් හටත් කියාදී ඔවුන් තුළින් ධර්මිෂ්ඨ පරමිපරාවක් බිහිකිරීමයි දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුව.

උත්පත්ති 12:2-3
2 මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි; නුඹට ආශීර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි; නුඹද ආශීර්වාදයක් වෙන්න.
3 තවද නුඹට ආශීර්වාද කරන්නන්ට මම ආශීර්වාදකරන්නෙමි, නුඹට ශාපකරන්නාට මම ශාපකරන්නෙමි. පොළොවේ සියලු පවුල් නුඹ කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝයයි කීසේක.

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගෙන් බලාපොරොත්තු වූයේද එයයි. ආශීර්වාදවත් පරමිපරාවක් බිහිකිරීමයි.

දෙවියන්වහන්සේට කැමති පවුල් පිටින් ආශීර්වාද ලබමින් මේ පොළොවේ ජීවත්වන්නටයි.

ආබ‍්‍රහම් ඇදහිල්ලේ පියා ලෙස හදුන්වයි. බයිබලයේ සදහන් බොහෝ ශුද්ධවන්තයන් පැමිණියේ ආබ‍්‍රහම්ගේ පරම්පරාවෙන්.

ආබ‍්‍රහම්ව ඇදහිල්ලේ පියා ලෙස හදුන්වන්නේ ඔහු දෙවියන්වහන්සේව විශ්වාස කල නිසයි. උන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ඨවන බව විශ්වාස කල නිසයි.

උත්පත්ති 15:5-6

දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ට පැවසුවා නුඹේ වංශය අහසේ තරු මෙන් වැඩිවෙනවා, පොළොවේ දූලි මෙන් වැඩිවෙනවයි කියා.

ආබ‍්‍රහම් අතින් දුර්වලකමක් සිදුවුනත් දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙවියන්වහන්සේ අයින් කලේ නැහැ.

යම් දෙයක් අපගේ ජීවිතයෙන් ඉෂ්ඨවෙන්න ඔින කියා දෙවියන්වහන්සේගේ කැමැත්ත තිබේකම්, අප කරන වැරදි නිසා දේව කැමැත්ත වෙනස්වන්නේ නැහැ.

අප වෙනස්වෙන්න ඔින කියන තීරණය ගන්නා මොහොතේ පටන්ම දෙවියන්වහන්සේ අපගේ ජීවිතය තුළ උන්වහනසේගේ කැමැත්ත කරන්න පටන් ගන්නවා.

අවුරුදු 25 පසු ආබ‍්‍රහම්ගේ ජීවිතයේ පොරොන්දුව ඉෂ්ඨ විය

ආබ‍්‍රහම්ගේ ජීවිතයට ඊසාක්ගේ උත්පත්තියෙන් සිනහව පැමිණියා. එය පැමිණියේ බොහෝ කල් ගිහින්. උත්පත්ති 21:6

ඔබගේ ජීවිතයට සිනහව අවශ්‍යයයි. ඔබගේ ජීවිතයෙන් සිනහව නැතිකර ගන්න එපා.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප පවුල් පිටින් උන්වහන්සේට නමස්කාර කිරීමයි.

ගීතාවලිය 103:17
නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව (ප්‍රේමය) තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.

භය ඇත්තන් යනු - දෙවියන්වහන්සේට ගෞරවය කරන්නන්ය.

මනුෂ්‍යයාගේ ආයුෂ සීමා වී තිබෙනවා අවුරුදු 120ට

අපි කවුරුත් සදාකාලයට ගොස් නැත. මේ පොළොවෙන් ගියාට පසු යේසුස්වහන්සේ පිළිගත් අප ඇතුල්වන සදාකාල ලෝකයේ සදාකාලයටම ජීවත්වන්නට යනවා.

දෙවියන්වහන්සේ සොයන්නේ ධර්මිෂ්ඨ පරම්පරාවක්.

ආදම්ගේ පළමු දරුවා කායින් - උත්පත්ති 4:1

කායින් තම සහෝදරවු ආබෙල්ව මැරුවා. උත්පත්ති 4:8

පසුව කායින් ස්වාමීන්වහන්සේගෙන් ඈතත්ව වෙන්ව ගියා. උත්පත්ති 4:16

අනතු රුව ආදම්ගෙන් සෙත් ඉපදුනා.

උත්පත්ති 5:3 ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.

සෙත්ගෙන් ධර්මිෂ්ඨ පරමිපරාවක් බිහිවුනි.

කල්යාමේදී දෙවියන්වහන්සේගේ සෙනඟ අන්‍ය අය හා විවාහ වී පවිකාර ජීවිත ගත කරන ලදි.

උත්පත්ති 6:4-5
4 ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය.
5 මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මවා දුක්වුනා.

උත්පත්ති 6:6 තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.

දෙවියන්වහන්සේ පවිකාර සෙනඟ විනාශකර දමන්ට තීරණය කරා.

උත්පත්ති 6:7 ස්වාමීන්වහන්සේ: මා විසින් මවනලද මනුෂ්‍යයා භූමිය මතුපිටින් නැතිකර දමන්නෙමි; මනුෂ්‍යයන්ද මෘගයන්ද බඩගායන සත්වයන්ද ආකාශයේ පක්ෂීන්ද නැතිකර දමන්නෙමි; මක්නිසාද මම ඔවුන් සෑදූ බැවින් තැවෙමියි කීසේක.

නමුත් නෝවා දෙවින්වහන්සේගේ කරුණාව ලැබුවා.

උත්පත්ති 6:8 එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලැබුයේය.


Watch the Sermon Video

Read 448 times