+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ අතීතය ගැන සිතීමෙන් ඔබගේ ඇදහිල්ල දුර්වල කරන්නේය - මනූ මැතානි
July 17, 2022 Sunday Sermon Notes

 

ස්වාමීන්වහන්සේගේ අනුග්‍රහය අපට සෑහේ.

උන්වහන්සේගේ අනුග්‍රහය තුළින් අපට ජයග්‍රාහී ජීවිතයක් ගත කළ හැකියි.

උන්වහන්සේ සියල්ල දකින්නේ ආරම්භයෙන් නොව අවසානයෙන්.

මෙවැනි කාලවල් වල පවා අපට
ශුද්ධාමයාණන්වහන්සේගේ හඬ අසමින් ජයග්‍රාහී ලෙස ජීවත් වන්නට පුලුවන්.

මේ වර්ෂයේ මුල පටන්ම ඔබ මුහුණ දෙන්නට යන දේවල් ජය ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ පැවසුවේ "ඔබ බලවත්වූ ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනඟා ගන්න කියා" මන්ද උන්වහන්සේ මේ සියල්ල පැමිණෙන බව කලින්ම දැන සිටියා.

අපි සියලු දෙනාම ශුද්ධාමයාණන්ගේ උපකාරය ඇතුව ජීවත් වෙන්නට තෝරා ගමු.

ස්වාමීන්වහන්සේ කුරුසපත් වීමෙන් තමන්වහන්සේගේ මරණයෙන් සහ නැවත නැගිටීමෙන් සම්පූර්ණ මිලය ගෙවා නිම කළා.

මේක දෙවියන්වහන්සේගේ සැලැස්ම වූසේක.

දැන් අපගේ මනස අපි අලුත් කළ යුතුයි. එය වෙනස් කිරීම අපගේ වගකීමයි.

දෙවියන්වහන්සේගේ වචනය නැමැති වතුරෙන් අපගේ මනස සෝදා ගනිමු. අප විසින් දිනපතා මෙය කළ යුතුයි.

එපීස 5:27 තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.

පරණ දේවල් අපි අමතක කරමු. අපි අලුත් විදිහට සිතමු. නව මැවිල්ලක් වී සිටින්නන් මෙන් ජීවත් වෙමු.

උන්වහන්සේ දකින්නේ ඔබ ශක්තිමත් වූ නව මැවිල්ලක් වී සිටින සෙනඟ ලෙසයි.

අලුත් මනුෂ්‍යයා පැළඳගන්න.

ඔබගේ පරණ රෝග, පරණ මනුෂ්‍යයා සහ පරණ ක්‍රියා මතක් කරන සෑමවිටම ඔබ දුර්වල වෙන්නටයි යන්නේ.

ඔබ දෙවියන්වහන්සේගේ ස්වරූපයට මැවූ කෙනෙකුය.

පරණ මනුෂ්‍යයා ඔබ අත් හැර දමන්න.

ස්වාමීන්වහන්සේ ඔබට උගතුන්ගේ දිවක් දී තිබෙනවා.

යෙසායා 50:4 විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.

ඔබ ප්‍රඥාවන්ත කෙනෙකුය. ඔබ දක්ෂ කෙනෙකුය.

ගීතාවලිය 45:1 මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.

දුර්වල අයව නිසි කාලයට වචනයෙන් ශක්තිමත් කරන පිණිස දෙවියන්වහන්සේ මට උගතුන්ගේ දිව මට දී තිබේ.

ඔබ සිතින් දුර්වල වන්නේ ඔබගේ සිත ඔබටම දොස් තබන නිසයි.

1 යොහන් 3:19-21 මෙයින් අප සැබෑකමෙන් වන බව දැනගෙන, අපේ සිත් අපට දෝෂාරෝපණයකරන විට උන්වහන්සේ ඉදිරියෙහි අපේ සිත් සහතිකකරගන්නෙමුව; මක්නිසාද දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලු දේම දන්න නිසාය. ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

ඔබගේ සිත ඔබට දොස් තබන්නේ නම්, ඔබ කළ වැරදි නිසා, දෙවියන්වහන්සේ ඔබට පවසන්නේ උන්වහන්සේ ඔබේ සිතට වඩා උතුම්

ඔබට එන බලපෑම් නිසා, මනුෂ්‍යයන් ඔබගේ දුර්වලකම් දන්නා නිසාත් ඔබගේ සිත ඔබට දොස්පැවරිය හැකියි නමුත් නව මැවිල්ලට ඉඩ හරින්න වචනය තුළින් ඒ දේ ඔබට සිහි කරන්න.

ගීතාවලිය 23:6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි.

කරුණාවෙන් අනුග්‍රහයෙන් උන්වහන්සේ ඔබව නව මැවිල්ලක් කර ඇති ආකාරයට ඔබ දෙස බලන්න.

ගීතාවලිය 23:1‭-‬3 ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක.

ධර්මිෂ්ඨ මාර්ගයේ උන්වහන්සේ ඔබව ගෙන යයි.

පරණ දේවල් සිහි කිරීමෙන් ඔබගේ ජීවතයට මරණය ගෙන දෙන්නේය.

ඔබගේ හදවත තුළට උන්වහන්සේගේ ප්‍රේමය වගුරුවා ඇත.

ඔබ උන්වහන්සේගේ හස්තයට යටත් වෙන්න.

දෙවියන්වහන්සේ කිසිකෙනෙකුව බලෙන් වෙනස් කරන්නේ නැත.

ශුද්ධාමයාණන් ඔබට ප්‍රතිකාර ගෙන දෙනසේක.

උඩඟු මනුෂ්‍යයාට පවසන්නේ ඔබ මාගේ හස්තයට යටත් වෙන්න.

උඩඟු මනුෂ්‍යයන් අඥානයන්, ඒ අය අන්ධයන් මෙන් සිටී.

1 යොහන් 3:21 ප්‍රේමවන්තයෙනි, අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය;

පරන දේවල් පහවී ඇත.

කරුණාවන්තව, ප්‍රේමයෙන්, ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වීම වැදගත්.

ඔබගේ නියම ස්වරූපය ලෙස ඔබ ඔබව දැකිය යුතුයි.

මා නැවත නැගිට සිටින්නෙක්, ධර්මිෂ්ඨකමෙන් ජීවත් වන්නේ, සමාදානයෙන් සිටින්නේ

හිතෝපදේශ 28:1 කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.

කරදර මධ්‍යයේ අපි සමාදානයෙන් සිටිමු.

යෝවෙල් 3:10 නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

ඔබ සිංහයන් මෙන් රාජාලීන් මෙන් ජීවත් වන්න.

යෙසායා 40:30-31 තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

යෞවනයෝ තමුන්ගේ බාහිර ශක්තිය කෙරෙහි විශ්වාසය නොතබන්න. උන්වහන්සේ ඉදිරියේ එය වැදගත් වන්නේ නැත.

යොහන් 14:27
නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

නිතරම සමාදානයෙන් සෑදී සිටින්න.

1 පේතෘස් 3:15 නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරන්න. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තරදෙන්ට නිතර සෑදී සිටින්න, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.

ඔබ සිතින් වෙන්වූ පුද්ගලයෙකු ලෙස ජීවත්වෙන්න.

සිතින් වෙන්වූ කෙනෙකු මෙන් සිටින්න.

ඔබ සිතින් දුර්වල වුවහොත් සෑම දෙයින් දුර්වල වන්නට පටන් ගන්නේය.

නිතරම යටහත් හදවතකින් දේව භය ඇතුව අන් අයට ඔබ තුළ තිබෙන බලාපොරොත්තුව කියා දෙන්න.

එපීස 2:6 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීයවූ ස්ථානවල උන්වහන්සේ සමඟ අප හිඳවූසේක.

ඔබ ස්වර්ගීය පුරවැසියකුය.

තව කෙනෙකුට මේ වචනය කතා කරන්න.

අපි සාක්ෂිකාරන් ලෙස ජීවත් වෙමු.

හෙබ්‍රෙව් 10:10 ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය එකම වරක් පූජාකිරීම කරණකොටගෙන අපි පිරිසිදුකරනු ලැබ සිටිමුව.

ඔබව පවිත්‍ර කර ඇත.

හෙබ්‍රෙව් 10:11 තවද සියලු පූජකයෝ සිටගෙන, දවස්පතා සේවය කරමින්, කිසි කලෙකත් පාපය පහකරන්ට නොහැකිවූ එම පූජාවල් බොහෝ වර ඔප්පුකරති.

ඔබගේ සිත පවිත්‍ර කර ගන්නට තෝරා ගන්න. මනසේ ඇති සිතිවිලි පවිත්‍ර කර ගන්න.

හෙබ්‍රෙව් 10:12 නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක.

ස්වාමීන්වහන්සේ කළා වූ දේවල්වලට අපට ස්තූතිමත් හදවතක් තිබිය යුතුයි.

හෙබ්‍රෙව් 10:12‭-‬17 නුමුත් මුන්වහන්සේ සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පුකොට, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. එතැන් පටන් තමන්ගේ සතුරන් තමන්ගේ පාපුටුව කරන තුරු උන්වහන්සේ බලාසිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක. ශුද්ධාත්මයාණන්වහන්සෙත් අපට සාක්ෂිදෙමින්: ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සමඟ කරන ගිවිසුම නම්, මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිත්වල තබා, ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කී පසු, උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමියි කියනසේක.

උන්වහන්සේගේ සතුරන් අපගේත් සතුරන් වන සේක. ඒ සතුරන් උන්වහන්සේගේ පාද යටට ගෙන එමු.

උන්වහන්සේ ඔබගේ පාප පූජාවයි. අපි උන්වහන්සේගේ පුත්‍රයන්.

යේසුස්වහන්සේගේ වචනයට කීකරු වෙමු. ඒවා අපගේ සිත තුළ තබාගැනීමෙන් සිටිමු.

උන්වහන්සේ අප ගැන යහපත් සිතුවිලි සිතනසේක.

යෙරෙමියා 29:11 මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.

උන්වහන්සේ ඔබ ගැන සමාදානයේ සිතුවිලි සිතනසේක. උන්වහන්සේ සිතන ආකාරයට ඔබ සිතන්න.

ශුද්ධාමයාණන්වහන්සේ ඔබට මඟ පෙන්වයි.

උන්වහන්සේගෙන් ප්‍රඥාව ලබා ගන්න.

අවංකකම නිතරම ජයගන්නේය.

යෙසායා 48:17
නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

යෙසායා 59:19 එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,

එළිදරව් 12:12 එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.

ඔබගේ ප්‍රමිතිය ඔබ ඔසවන්න.

ද්වීතීය කථාව 28:7 නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය.

පිලිප්පි 2:13-15 මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය. වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය.

මේ වංකවූ පරම්පරාව අතර ජීවනයේ වචනය අල්ලා ගෙන ආලෝකයෙන් බැබලෙන්න.


Watch the Sermon Video

Read 372 times