+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මුළු දවස පුරාම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටින්න - යෝෂා මනූ
August 14, 2022 Sunday Sermon Notes


දේව භය කියන දේ සරලව හැඳින්වුවහොත් දෙවියන්වහන්සේගේ වචනයට උතුම්ම ගෞරවය දීමයි. එමෙන්ම වෙන්වූ ජීවිතයක් ගත කිරීමයි.

අප සාමාන්‍ය මනුෂ්‍යයන් නොවේ. වහලුන්ව සිටි අපව මිදීමේ මිලයක් ගෙවා යේසුස්වහන්සේ අපව මුදවා ගත්තා. එම නිසා අප උන්වහන්සේට අයිතියි.

උන්වහන්සේගේ ආශාව අපේ යහපත උදෙසා මේ ලෝකයේ දේවල් භුක්තිවිඳිමින් මනුෂ්‍යයාට සුභ ආරංචිය ප‍්‍රකාශ කරමින් අප මේ ලෝකයේ බැබළීමයි. එය ඉතාම වැදගත්.

මනුෂ්‍යයන් දෙවියන්වහන්සේගේ රසවත්භාවය අප තුළින් දකින්ට අවශ්‍යයයි.

ඔබගේ ජීවිතයේ ඒ රසවත්භාවය මනුෂ්‍යයාට පෙන්නුම් කරන්න.

අපට දෙවියන්වහන්සේ නොමැතිව තනිවම ජීවත්විය නොහැක

දේව භය තිබෙනවිට අප නපුරු කි‍්‍රයාවලින් වෙන්වූ ජීවිතයක් ගත කරනවා.

හිතෝපදේශ 23:17
ඔබේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම (රෑ දාවල්) ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා.

පව්කාරයන්ගේ ජීවිත දෙස බලා ඔවුන්ට ඊර්ෂ්‍යා නොකරන්න. ලෝකයා කරන දේවල් ඔබේ ජීවිතයට සසඳන්න එපා.
දෙවියන්වහන්සේ අපට සීමා තබා තිබෙන්නේ අපගේ ආරක්ෂාවටයි.

දවස පුරා දෙවියන්වහන්සේ ප‍්‍රසන්න ලෙස ජීවත්වෙන්න අවශ්‍යයයි.

ගීතාවලිය 1:1-2
දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.

දෙවියන්වහන්සේ නාඳුනන අයගේ ක්‍රියාවන් නිසා ඔබ කෝපයෙන් දැවෙන්නට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට, ඔබ දෙවියන්වහන්සේට ශුද්ධ භක්තියෙන් නමස්කාර කරකරන්න.

ගීතාවලිය 1:3
ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි.

හිතෝපදේශ 24:1
දුෂ්ට මනුෂ්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්න, ඔවුන් සමඟ සිටීමට ආශා නොවන්න.

ගීතාවලිය 37:1‭-‬6
1 නපුරකරන්නන් නිසා කල නොකිරෙව, අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව.
2 මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.
3 ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.
4 ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක. ඔබගේ මාර්ගය ස්වාමීන්ට භාරදෙව; උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව, උන්වහන්සේ එය ඉෂ්ටකරනසේක.

දුෂ්ඨ මනුෂ්‍යයා දෙස බලා කලකිරෙන්න එපා. මන්ද ඔවුන්ට ජීවනයක් නැත

නමුත් ඔබ තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ඇත.
ඔබගේ නම ජීවන පොතේ ලියා ඇත.

දෙවියන්වහන්සේගේ තුළ අපට සදාකාල පි‍්‍රතිය ඇත

ගීතාවලිය 73:3‭-‬7
මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය (සඵලත්වය) දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි. මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය. වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත. එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි. ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.

ගීතාවලිය 73:8‭-‬14
8 ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති,

9 ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.

10 එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති.

11 ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති.

12 බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති.

13 සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;

14 මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි,

දුෂ්ඨ සෙනඟ ඒ අය ගැන වර්ණනා කරයි. නමුත් ඔබ දුෂ්ඨ මනුෂ්‍යයා දෙස බලමින් ඊර්ෂ්‍යා නොකරන්න.

ඔබගේ ජීවිතයේ ඔබ මම දේව භයින් දෙවියන්වහන්සේට ගෞරව දෙමින් ජීවත්වන්නෙමියි පවසන්න.

මන්ද දෙවියන්වහන්සේ ඒ අයගේ අවසානය දන්නා සේක.

ඒ අය සිටින්නේ ලිස්සන පොළොවකය.


Watch the Sermon Video

Read 411 times