+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ වතුර මිදි යුෂ කළේ

VERSE:
ඔබ වතුර මිදි යුෂ කළේ
සැඩ සුළඟ නැවැත්වූයේ
අන්ධකාර බලයන් බිඳ හෙළුවේ
ජීවනයේ වචන තුළින්  (x2)

හාස්කම් කරනා සමිඳු ඔබයි
හදවත් සුව කරනා දෙවිඳු ඔබයි (x2)

 

අප මධ්‍යයේ වැඩ වසනා
ජීවමාන රජිඳු ඔබයි (x2)

ඔබ ලෙඩ රෝගීන් සුව කළේ
යක්ෂ ආත්ම එලවා හැරියේ
අන්ධයන්ගේ නෙත් ඔබ විවර කළේ
ඇදහිල්ලේ වචන තුළින්

මළවුන් නැවත නැගිටුණේ
දුබල වූවන් ඔබ සැනසුවේ
මිනිසුන්ගේ ජීවිත වෙනස් කළේ
ජයග‍්‍රාහී වචන තුළින්

යේසුනි මගේ යේසුනි x2
ශුද්ධ ආත්මයන්ගේ බලය තුළින්
ඔබ මා තුළ ජීවත් වේ

 

 

Read 62 times
More in this category: « SEHE OBA SEHE MA OBAHATA AADAREI »