+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

කුණාටු මධ්‍යයේ “නිශ්චලවෙව” යි (“සමාදානය වේවා” යි) කතා කරන්න!

1_E.png

යේසුස්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: “නිශ්ශබ්දවෙව, නිශ්චලවෙව” යි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය. මාර්ක් 4:39 

ඔබ කොතැනක සිටියත් ඔබ මොනම දෙයක් තුළින් ගමන් කළත්, දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටියි. 

ඔබගේ තත්ත්වය කුමක් වූවත්, එය කුමන ආකාරයෙන් තිබුණත් වැදගත් නොවේ. 

ඔබගේ තත්වය සැබෑ අපායක් බව පෙනෙන්නට තිබුණත්, ඔබ දෙවියන්වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති පුදුමාකාර දේ කෙරෙහිත් ඔබේ මනස යොමු කර තබා ගන්නේ නම්, ඔබට එම තත්වය මධ්‍යයේ ප්‍රීතිය හා සමාදානය සොයාගත හැකිය.

දෙවියන්වහන්සේගේ වචනය අපට පොරොන්දු දහස් ගණනක් දී ඇත. 

බයිබලයේ සමහර ශුද්ධවන්තයන්ගේ අත්දැකීම් වලින් ඔවුන් තත්වයන් පාලනය කළ ආකාරයත් භයානක තත්වයන් මධ්‍යයේ ප්‍රීතියෙන් හා සමාදානයෙන් සිටීමෙන් ඔවුන් ඒවා අභිබවා ජයගත් ආකාරයත් අපට දැක ගත හැකිය. 

ඔබ අවංක නම්, ඔබගේ ජීවිතය දෙස ආපසු හැරී බලන්න. 

ඔබට කිසිවක් කරකියා ගන්නට හෝ තීරණයක් ගන්නටවත් නොහැකි වූ විට පවා, ස්වභාවිකවම ඔබ වටා දේවල් කඩා වැටෙන බවක් පෙනෙන්නට තිබුණත්, ඔබ දෙවියන්වහන්සේ වෙතට හැරී උන්වහන්සේට හඬ ගැසූ විට, ස්වාමීන්වහන්සේ ඔබට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කළ ආකාරය සිහි කරමින් ස්තුති දෙන්න. 

ඔබ ජීවිතයේ අරගලයකට පැටලී හෝ කුණාටුවකට හසු වී  

ඔබේ ස්ථාවරය වෙනස් කළ පමණින් ඔබගේ ජීවිතය උදෙසා දෙවියන්වහන්සේගේ අරමුණ සහ සැලැස්ම වෙනස් වී නැත. 

වචනයට අනුව නැවත පෙළ ගැසී, ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ඔබට උපදෙස් දෙන දේවල් කරන්න. 

විවිධ පැතිවලට ඇදී නොයන්න, නැතහොත් කිසි දෙයක් ගැන කරදර නොවන්න. 

සෑම දිනකම යාච්ඤාවෙන් සංතෘප්තව (සම්පූර්ණයෙන්ම පිරී) සිටින්න, ඔබගේ ඇදහිල්ලෙන් පිරුණු ඉල්ලීම් දෙවියන්වහන්සේ ඉදිරියෙහි 

කෘතඥතාවයෙන් යුතුව ඉදිරිපත් කරන්න. 

ඔබේ ජීවිතයේ සෑම විස්තරයක්ම ස්වාමීන්වහන්සේට කියන්න, එවිට මනුෂ්‍ය අවබෝධය ඉක්මවා යන දෙවියන්වහන්සේගේ පුදුමාකාර සමාදානය, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබේ හදවත සහ මනස ආරක්ෂා කරනු ඇත. පිලිප්පි 4:6-7

සමාදානයේ දෙවියන්වහන්සේ වන යේසුස්වහන්සේම ඔබ සමඟ සිටිනසේක.

 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#3)]

Read 141 times