+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ ඔබගේ සැනසිලිකාරයාණෝය!

1_E.png

ඔබ පීඩාවෙන්, සිත් රිදීමෙන් හෝ වේදනාවෙන් සිටින්නේ නම්, ස්වාමීන්වහන්සේ ඔබට සැනසිල්ලේ වචන කතා කරනසේක.

උන්වහන්සේ නිතරම බලවත් වන අතර, කරදර කාලවලදීත්, සැනසිල්ල අවශ්‍ය වූ විටදීත් ඔබට දේව වචනය වෙත හැරිය හැකිය. 

උන්වහන්සේගේ නොවෙනස්වෙන පොරොන්දු ඔබට නිසැකවම සැනසිල්ල ලබා දෙනු ඇත. 

2 කොරින්ති 1:3-4 කියවන්න.

ඔබ පහත්ම තත්වයටම වැටී සිටියත්, ස්වාමීන්වහන්සේ නිතරම ධෛර්යමත් කරමින් ඔබව ඔසවා, උසස්කරනසේක. 

දෙවියන්වහන්සේ පහත්ව ඉන්නන් උසස්කරනසේක, ශෝකයෙන් ඉන්නන් සුරක්ෂිතකරනසේක. යෝබ් 5:10  

ඔබ දුකෙන් (ශෝකයෙන්) තනිවී සිටින්නේ නම්, උන්වහන්සේ ඔබව සුරක්ෂිතව ආරක්ෂාකරන බව මතක තබා ගන්න.

"මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් ඔබ අත් නොහරිමි" යි උන්වහන්සේම කියා තිබෙන නිසා මම සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද සිටිමින් මේ සෑම දෙයින් ඇදහිල්ලෙන් ජයගත්තෙමි කියා පවසන්නෙමි. හෙබ්‍රෙව් 13:5; රෝම 15:13

ස්වාමීන්වහන්සේ ඔබ සමඟමයි; ඔබ භය නොවන්න; තැති නොගන්න. ඔබේ දෙවියන්වහන්සේ ඔබව ශක්තිමත්කොට, ඔබට උපකාර කරනසේක; ඔබ කිසිදා පරාජය වන්නේ නැත; මන්ද ධර්මිෂ්ඨකම නැමති දකුණතින් උන්වහන්සේ ඔබව උසුලනසේක. යෙසායා 41:10

ඔබ, ඔබටම පවසන්න: "මම ස්වාමීන්වහන්සේ කෙරෙහි බලා සිටිමින් ශක්තිමත් වන්නෙමි. මම මාගේ සිත ධෛර්යමත් කරගන්නෙමි." ගීතාවලිය 27:13-14

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් කිසිකෙනෙකුටවත්, කිසිදෙයකටවත් මා වෙන්කරන්ට නොහැකිවන්නේ යයි මම ඒකාන්තයෙන්ම දනිමි. රෝම 8:37-39

උන්වහන්සේ මගේ සියලු පීඩාවලදී මා සනසනසේක. යොහන් 16:33

උන්වහන්සේට, ප්‍රේමකරන්නන්ටත් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ටත් සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව මා දන්නා බැවින් මාගේ ගැළවුම්කරුතුමාණන්ට මම අද දින ස්තූති පුදන්නෙමි. ආමෙන්! රෝම 8:28

යේසුස්වහන්සේ පැවසුවේ, ඔබ මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ ඔබ සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු ඔබට දෙනසේක. ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. ඔබ උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ ඔබ සමඟ නැවතී සිටිනසේක, ඔබ තුළෙහි සිටිනසේක. යොහන් 14:15-17

 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#4)]

Read 141 times