+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඔබට ප්‍රේම කරනසේක!

1_E.png

දෙවියන්වහන්සේගේ වචනය පවසන්නේ, ස්වාමීන්වහන්සේ ඔබට සදාකාල ප්‍රේමයකින් ප්‍රේමකරන බවයි. උන්වහන්සේ ඔබව තමන්වහන්සේ වෙතට ඇදගෙන තිබෙන්නේ දයාබරකමින්ය. යෙරෙමියා 31:3

උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරන නිසා, කිසි කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළුපැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලේ  කරණකොටගෙන ඔබව මිල දී ගෙන ඇත. මක්නිසාද ඔබව කුණු නොවෙන්නාවූ බීජවලින්, දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනයෙන් නැවත උත්පාදනය කරනු ලැබූසේක.

තවද උන්වහන්සේ ඔබ තුළ රෝපණය කරන ලද මෙම “බීජය” කිසිදා විනාශ කළ නොහැක, නමුත් ඔබ තුළම සදාකාලිකව ජීවත් වෙමින් වර්ධනය වනු ඇත.

1 වැනි පේත්‍රැස් 1 වැනි පරිච්ඡේදයේ 18 සිට 19 පද සහ 23 වන පදය දක්වා කියවන්න. 

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ඔබව නොමිලයේ ධර්මිෂ්ඨ කර ඇත; නිර්දෝෂ කර ඇත. 

දැන් උන්වහන්සේ ඔබ දෙස බලන්නේ පව්කාරයෙකු ලෙස නොව, කිසි පාපයක් හෝ කිසි වරදක් නොකළ කෙනෙකු ලෙසයි.  

ඔබ නොමිලේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ධර්මිෂ්ඨව නිර්දෝෂ වූ නමුත් එය ඔබ වෙනුවෙන් ලබා දෙන පිණිස, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මිදීමේ මිලය ගෙවනු ලැබූසේක. රෝම 3:24

දැන් ඔබ දෙවියන්වහන්සේ ඉදිරියෙහි "නිර්දෝෂ" (“ධර්මිෂ්ඨ”) ලෙස ප්‍රකාශ කර ඇත.

ඔබ ගැළවීම ලබා ඇත්තේ අනුග්‍රහයෙන් පමණි. එපීස 2:8

ඔබගේ ගැළවීම වෙනුවෙන් ඔබට කිසිවක් කරන්නට තිබුණේ නැත. 

මිලය ගෙවනු ලැබුවේ ඔබ නොවේ, එය ඔබට නොමිලේ ලබා දෙන ලදි.

අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ වෙනුවෙන් මිදීමේ මිලය ගෙවනු ලැබූසේක. 

උන්වහන්සේ ඔබට සදාකාල ජීවනය නොමිලේ දෙන ලද්දේය. 

“ඔබ නොවටිනා පව්කාරයෙකු” යැයි නොපවසන්න!

මිදීම යනු, ඔබ වෙනුවෙන් "මිලය ගෙවා ඔබව යක්ෂයාගේ වහල්භාවයෙන් නිදහස් කර මුදනු ලැබීමයි." 

යේසුස්වහන්සේ ඔබගේ පාපය හා වරද ගෙන, ඔබව මුදවා ගන්නා පිණිස ඉතා අධික මිලයක් ගෙවනු ලැබුවේය. 

උන්වහන්සේගේම අනර්ඝ ලේ වලින් මිදීමේ සම්පූර්ණ මිලය ගෙවා නිම කළසේක. 

අද දින, ඔබ උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව, නිර්දෝෂව දේව දරුවෙකු මෙන් සිටින්නේ ඒ ගෙවූ සම්පූර්ණ මිලය නිසයි! හාලෙලුයියා! 

 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#5)]

Read 150 times