+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ ගිවිසුමේ පොරොන්දු අපට අයිතියි!

1_E.png

යේසුස්වහන්සේ, සියලුම ඇදහිලිවන්තයන් සමඟ ලේ ගිවිසුමක් ඇති කළසේක. 

අප ගිවිසුමේ සෙනඟ වන බැවින් උන්වහන්සේ අපව ආරක්ෂා කරන්නට පොරොන්දු වී ඇත. 

එබැවින් අපි “ස්වාමිනි, මෙම ගිවිසුමේ සෑම පොරොන්දුවක්ම අපට අයිතියි.” යැයි පවසමු.

එම ගිවිසුමේ පොරොන්දු ඉෂ්ට කරන්නට දෙවියන්වහන්සේ නිතරම බලා සිටිනසේක. 

තවද උන්වහන්සේගේ කැමැත්ත නම් අප නිදහස්කම තුළ ජීවත්වීමයි. 

දෙවියන්වහන්සේගේ දරුවෙකු ලෙස, උන්වහන්සේගේ නිදහස්කම තුළ ජීවත් වීම අනිවාර්යයෙන්ම දේව කැමැත්තයි. 

උන්වහන්සේගේ කැමැත්ත අප බියෙන් හා බන්ධනයෙන් ජීවත්වීම නොවේ.

  

උන්වහන්සේ පැවසුවේ, "ඔබ ධර්මිෂ්ඨකමෙන් ස්ථීරව පිහිටුවනු ලබනවා ඇත. ඔබ බලාත්කාරයෙන් දුරුව භය නැතුව සිටින්නෙහිය; භීතියෙනුත් දුරව සිටිනවා ඇත, ඒක ඔබට ළං නොවන්නේය." 

යෙසායා 54:14 වන පදය කියවන්න.

ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේ අපට දී තිබෙන නව ස්වභාවයයි. මෙම නව ස්වභාවය තුළ කිසි බියක් නැත.

එබැවින් අපි උන්වහන්සේගේ දරුවන් බවත් අපට භය වෙන්නට කිසිවක් නැති බවත් දැන ස්ථිරව සිටිමු.

දෙවියන්වහන්සේ පවසන්නේ, නිතරම මට සවන් දෙන කෙනා ස්වර්ගීය සමාදානයෙන් කිසි කැළඹීමක් නැතිව, බියෙන් නිදහස්ව, නිසැකව ධෛර්යවත්ව ජීවත් වනු ඇත කියාය.

ඔහු ජීවිතයේ කුණාටු වලින් රැකවරණය ලබා බියෙන් තොරව විවේක ගන්නවා ඇත.

හිතෝපදේශ 1:33 කියවන්න.

මතක තබා ගන්න: දෙවියන්වහන්සේ ඔබට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව, උන්වහන්සේ ඔබට බලවත්වූ බලයත් ප්‍රේමයත් හික්මවීමේ මනසක් දී ඇත. 2 තිමෝති 1:7

ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි, මක්නිසාද භය දඬුවමින් යුක්තය; භයවන තැනැත්තේ ප්‍රේමයෙහි සම්පූර්ණ නොවී සිටියි. 1 යොහන් 4:18

එබැවින්: "ස්වාමීන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද?" කියා අපට මහත් ධෛර්යයෙන් යුක්තව පැවසිය හැකිය. හෙබ්‍රෙව් 13:6

 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#6)]

Read 140 times