+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ ඔබගේ එඬේරාය (1 වැනි කොටස)

1_E.png

ගීතාවලිය 23:1 පවසන්නේ, "ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය, මට හිඟයක් නොවන්නේය."

ස්වාමීන්වහන්සේ ඔබගේ එඬේරා සහ ඔබගේ හොඳම මිත්‍රයා වන විට, ඔබට සෑම විටම ඕනෑවටත් වඩා වැඩියෙන් තිබෙනු ඇත. උන්වහන්සේ නිතරම ඔබ වෙනුවෙන් සිටින නිසා උන්වහන්සේ ඔබව පෝෂණය කරමින්, ඔබට මඟ පෙන්වා, ඔබව ආරක්ෂා කරයි.

අප උන්වහන්සේගේ සැබෑ දරුවන් බවත්, දෙවියන්වහන්සේ පුත්‍රකමේ ආත්මය අපගේ හදවත් තුළට මුදා හරිමින්, “මගේ පියාණෙනි!” “මගේ සැබෑ පියාණෙනි!” යනුවෙන් සමීපව හඬ ගසන්නට අපව පොලඹවන බවත් ශුද්ධ ලියවිල්ල පවසයි. (ගලාති 4:6)

"කොතරම් කළත් හොඳ මදි" යන බියෙන් ආගමික කටයුතු කිරීම සඳහා ඔබ කිසි විටෙකත් බන්ධනයේ ආත්මයක් ලබා ගත්තේ නැත. නමුත් ඔබව දෙවියන්වහන්සේගේ පවුලට ඇතුල් කිරීමෙන් ඔබට "සම්පූර්ණ පිළිගැනීමේ ආත්මයක්" ලැබී ඇත. කිසි විටෙකත් ඔබට අනාථ වූවෙකු මෙන් හැඟෙන්නේ නැත. මන්ද උන්වහන්සේ ඔබ තුළ සිටින කල, "අබ්බා පියාණෙනි" යන මෘදු මොළොක් ස්නේහයේ වචන කියමින් ඔබගේ ආත්මය උන්වහන්සේ හා එක් වෙයි. රෝම 8:15

ස්වාමීන්වහන්සේට පූජා කිරීම සඳහා ආබ්‍රහම්ට බැටළුපැටවෙකු අවශ්‍ය වූ කල, තමන්වහන්සේම ඔහුට “යෙහෝවා යීරේ”, එනම්, “ස්වාමීන්වහන්සේම සපයනු ඇත” ලෙස එළිදරව් කළසේක. උත්පත්ති 22:14

ආබ්‍රහම් එම ස්ථානයට “ස්වාමීන්වහන්සේ සපයනසේක" යන නාමය තැබීය. “ස්වාමීන්ගේ කන්දේ සපයන ලද්දෙය” යනුවෙන්

අද දිනටත් එසේ කියනු ලැබේ.

එමනිසා, ඔබගේ ජීවිතයේ අවශ්‍යතාවයක් ඇතිවීමට පෙර, උන්වහන්සේ එය දැක ඇති බවත්, උන්වහන්සේ ඔබ වෙනුවෙන් සපයන බවත් මතක තබා ගන්න.

දෙවියන්වහන්සේ දැන් ඔබගේ "ස්වර්ගීය පියාණන්වහන්සේ” නිසා උන්වහන්සේ ඔබට අවශ්‍ය කරන සියල්ල සපයා දෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළසේක. 

ස්වාමීන්වහන්සේ තුළ ඔබගේ ප්‍රීතිය හා සැබෑ සැපත සොයා ගන්න, එවිට උන්වහන්සේ ඔබ ආශා කරන දේ ඔබට ලබා දෙනු ඇත. ගීතාවලිය 37:4

ස්වාමීන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සහභාගිකම් පවත්වමින් උන්වහන්සේට සේවය කිරීම භුක්ති විඳීමයි. උන්වහන්සේ සමඟ ආශ්‍රය කිරීමෙන් ඔබගේ සතුට උන්වහන්සේ තුළම සොයන්න. එවිට ඔබගේ හදවතෙහි ආශා කරන සෑම දෙයක්ම උන්වහන්සේ සැබවින්ම ඔබට දෙනු ලබන්නේය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#7)]

Read 144 times