+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමීන්වහන්සේ ඔබගේ එඬේරාය (2 වැනි කොටස)

1_E.png

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය ඔප්පු කර ඇත්තේ තමාගේ උතුම්ම වස්තුව වන උන්වහන්සේගේ පුත්‍රයා දීමනාවක් ලෙස අපට දීමෙනි. තවද දෙවියන්වහන්සේ අප සියල්ලන් උදෙසා පූජාවක් ලෙස උන්වහන්සේව නොමිලේ ඔප්පු කළ බැවින්, උන්වහන්සේ පූජා කළ යුතු වෙනත් කිසිවක් අපගෙන් වළක්වන්නේ නැත. රෝම 8:32

ඔබ තුළ වැඩ ක්‍රියාකරන්නටත් මේ සියල්ල ඉෂ්ට කරන්නටත් දෙවියන්වහන්සේගේ බලවත් බලය කිසි විටෙකත් සැක නොකරන්න. 

උන්වහන්සේ ඔබගේ විශාලතම ඉල්ලීමටත් වඩා, ඔබට අදහාගන්නට නොහැකි සිහිනයටත් වඩා, සිතන හැම දේටත් වඩා, ඉතා අනන්තව අධිකව වැඩි දෙයක් කරනු ඇත! උන්වහන්සේගේ හාස්කම් බලය නිරතුරුවම ඔබව බලගන්වන බැවින් උන්වහන්සේ ඒ සියල්ලම අභිබවා කරනසේක. එපීස 3:20

ඔව්, දෙවියන්වහන්සේ සෑම ආකාරයකම අනුග‍්‍රහයෙන් ඔබව අතිමහත් ලෙස පුරවන්නට සූදානම් වී සිටියි, එවිට ඔබට සෑම දෙයකින්ම—සෑම මොහොතකම සහ සෑම ආකාරයකින්ම ඕනෑවටත් වඩා තිබෙන්නේය. ඔබ කරන සෑම යහපත් දෙයක් තුළම උන්වහන්සේ ඔබට බහුල ලෙස පූර්ණකම ලබා දෙනු ඇත. 2 කොරින්ති 9:8

“ස්වාමීන්වහන්සේ මට කතා කරන්නේ නැත"යි කියමින් කිසිවිටෙකත් නොකියන්න. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ සමඟ සන්නිවේදනය කිරීම නවත්වා ඇති බවට වන සාතන්ගේ බොරුව කිසි විටෙකත් විශ්වාස නොකරන්න.

උන්වහන්සේ නුඹගේ යහපත් එඬේරා වන අතර නුඹලා උන්වහන්සේගේ බැටළුවෝය. යේසුස්වහන්සේ පැවසුවේ, මාගේ බැටළුවෝ  මාගේ හඬ අසති, මමද ඔවුන් අඳුනමි, ඔව්හු මා පස්සේ එති. යොහන් 10:27 

දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීමත් උන්වහන්සේගේ හඬත් ඇසීම ගැන ඔබ නොදැන සිටිනවා යැයි නොසිතන්න.

බැටළුවන් තමුන්ගේ එඬේරාට සන්සුන්ව සවන් දී සිටියි. ඔවුන් කලබල නොවී සිටිමින්, උන්වහන්සේගේ හඬට සවන් දෙමින්, උන්වහන්සේ පස්සේ යති.

දෙවියන්වහන්සේගේ හදවත නම් උන්වහන්සේගේ සෙනඟ තවදුරටත් බියෙන් හෝ කලකිරීමට පත් වීමෙන්—බිඳුණු හදවතක් ඇතුව අධෛර්යමත් වීමෙන් වියවුල්භාවයෙන් නොසිටිය යුතු බවයි.

උන්වහන්සේ තම සෙනඟ දැනගැන්මෙන් හා තේරුම්ගැනීමෙන් පෝෂණය කරන පිණිස තමාගේ හදවතට එකඟව එඬේරුන් පත් කරන්නේ මේ හේතුව නිසයි.

සමාදානයේ දෙවියන්වහන්සේම සදාකාල ගිවිසුමේ ලේ කරණකොටගෙන බැටළුවන්ගේ මහත් එඬේරා වන අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේව මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලැබුවේය. හෙබ්‍රෙව් 13:20

සියලු හානිවලින් හා අන්තරායන්ගෙන් ආරක්ෂාව සඳහා යේසුස්වහන්සේගේ සදාකාල ලේ ගිවිසුම කෙරෙහි ඇදහිල්ල තබමින් විශ්වාස කරමු!

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ WhatsApp හරහා "දෛනික බයිබල් අධ්‍යයනයන්" ලබා ගැනීමට කැමති නම්, කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#8)]

Read 154 times