+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලෙන් ශක්තිමත් වන්න! (1 වන කොටස)

1_E.png

දෙවියන්වහන්සේ යෙසායා 51:2හි පවසන්නේ, "ඔබගේ පියවූ ආබ්‍රහම්ද ඔබ බිහිකළ සාරාද දෙස බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි." 

දේව වචනයේ පවසන්නේ, ආබ්‍රහම් සැබෑ “ඇදහිල්ලේ පියා” බවයි. මක්නිසාද අදහන්නාවූ අප සියලු දෙනාගේ පියා වීමට ඔහු සුදුසුකම් ලැබුවේය. 

දැන් අපි ආබ්‍රහම් අපගේ ඇදහිල්ලේ පියා වූයේ කෙසේදැයි බලමු. 

ස්වාමීන්වහන්සේගේ වචනය ආබ්‍රහම් වෙතට පැමිණ පැවසුවේ, “ඔබේම ශරීරයෙන් (ඔබ තුළෙන්) නික්මෙන පුත්‍රයා උරුමක්කාරයා වන්නේය” යි කියාය. උත්පත්ති 15:4

  

සියලු බාධක වලට එරෙහිව, එය බලාපොරොත්තු රහිත බවක් පෙනුනත්, ආබ්‍රහම් පොරොන්දුව විශ්වාස කරමින් දෙවියන්වහන්සේ එය ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙළේය. 

ඔහු දෙවියන්වහන්සේ කී වචනය විශ්වාස කළ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු බොහෝ ජාතීන්ගේ පියා බවට පත් විය.

ඔහු කෙරෙහි දෙවියන්වහන්සේගේ පැවසූ ප්‍රකාශය සිදු වූයේය: “ඔබේ පරම්පරාව ගණන් කළ නොහැකි තරමට බොහෝ වනු ඇත!” රෝම 4:18

ආබ්‍රහම් කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ පොරොන්දුව විශ්වාස කිරීම නතර කළේ නැත, මන්ද ඔහු දරුවෙකුගේ පියෙකු වීමට තම ඇදහිල්ල ශක්තිමත් කරන ලදී.

එමෙන්ම ආබ්‍රහම් ඇදහිල්ලෙන් බලවත්ව දෙවියන්වහන්සේව ගෞරවයට (මහිමයට) පත් කළේ, තමාගේ පොරොන්දු ඉෂ්ටකරන්ට අවශ්‍ය සියලු බලය දෙවියන්වහන්සේට තිබෙන බව ඒත්තු ගෙන සිටි නිසාය. රෝම 4:20-21

ආබ්‍රහම් දෙවියන්වහන්සේ විසින් ඇදහිල්ලෙන් පොරොන්දු වූ පුත්‍රයා දකින්නටත් පෙර, ඔහු දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කළේය.

ඔහු දෙවියන්වහන්සේගේ වචන විශ්වාස කළ නිසා, ඔහුගේ ඇදහිල්ල ඔහුට දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලද්දේය. 

සරලව කිවහොත්, දෙවියන්වහන්සේ තමාගේ යාච්ඤාවට පිළිතුරු දෙන්නටත් පෙර, සිතින් සැක නොකොට ඇදහිල්ලෙන් ඒක සිදුවන්නේය කියා ඔහු දෙවියන්වහන්සේට ස්තූති කළේය.   

තවද ආබ්‍රහම් බොහෝ ජාතීන්ගේ පියා වූයේ බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන ඔහු බලාපොරොත්තුවෙන් විශ්වාස කළ නිසාය.

පොරොන්දුව ඉෂ්ට කරන්නට අවශ්‍ය සියලු බලය දෙවියන්වහන්සේට ඇති බව ඔහු ඒත්තු ගෙන සිටියේය.



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#9)]

Read 131 times