+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලෙන් ශක්තිමත් වන්න! (2 වන කොටස)

1_E.png

“මම ඔබව බොහෝ ජාතීන්ට පියෙකු කෙළෙමි"යි ශුද්ධ ලියවිල්ල පවසන විට එහි තේරුම මෙයයි. ආබ්‍රහම් දෙවියන්වහන්සේගෙන් එම පොරොන්දුව ලබාගත්තේය යනුවෙනි. 

ඔහු අපගේ ආදර්ශය හා ඇදහිල්ලේ පියාය, මන්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔහු විශ්වාස කළේ, දෙවියන්වහන්සේට මළවුන් ජීවත්කරන්ටත් නැති දේ ඇති දේ මෙන් සඳහන්කරන්ටත් හැකි බවයි.

ආබ්‍රහම් තමාගේ ප්‍රශ්නය දෙස බැලුවේ නැත. 

තමාගේ වයස ගැනවත් සැළකුවේ නැත. 

ආබ්‍රහම්ගේ අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදීත්, ඔහුගේ ඇදහිල්ල කිසි විටෙකත් දුර්වල වූයේ නැත. 

ඔහු සිය පුරුෂ ශක්තිය බොහෝ දුරට මළ බවත් ඔහුගේ බිරිඳ සාරාටත් දරුවන් පිළිසිඳ ගැනීමට නොහැකි බවත් ඔහු දැන සිටියේය.

නමුත් ආබ්‍රහම් කවදාවත් දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන සැක කළේවත් ප්‍රශ්න කළේවත් නැත.

ඔහුගේ ඇදහිල්ල ඔහුව ශක්තිමත් කළ අතර, ඔහු සියලු ගෞරවය දෙවියන්වහන්සේට දුන්නේය.

තම පොරොන්දුව ඉෂ්ට කරන තරමට දෙවියන්වහන්සේ පොහොසත් බව ඔහු තරයේ විශ්වාස කළේය.

ආබ්‍රහම් දෙවියන්වහන්සේව මහිමවත් කළ අතර ඔහුගේ ඇදහිල්ලද ශක්තිමත් කළේය.

දෙවියන්වහන්සේව මහිමයට (ගෞරවයට) පත්කිරීමත් ප්‍රශංසා කිරීමත් ඉතා වැදගත්ය, එය අපගේ ඇදහිල්ලේ ජීවන රටාවේ කොටසක්ද විය යුතුය. 

ශුද්ධ ලියවිල්ලට අනුව ඉවසිලිවන්තවද ස්ථාවරවද සිටිමින් කටයුතු කරන්න, මක්නිසාද බොහෝ දෙනෙක් තමුන්ගේ නොඉවසිලිමත්කම නිසා මඟ අසල වැටී අසාර්ථක වන්නෝය.

ඇදහිල්ලද ඉවසිලිමත්කමද, යන දෙක එකට සම්බන්ධ කිරීමෙන් ඔබට දෙවියන්වහන්සේගේ පොරොන්දු උරුම කර ගැනීමට හැකියාව ලැබේ! හෙබ්‍රෙව් 6:12

එබැවින් වාතාවරණයන් දෙස බලා ඒවා ගැන කතා කිරීමෙන් ඔබගේ ඇදහිල්ලේ ගමන කෙටිකර නොගන්නට මතක තබා ගන්න. 

ජීවිතයේ ස්වර්ගීය වචන දැන ඇඳිනගෙන ජයග්‍රාහී ලෙස ජීවත් වීමට ස්වභාවිකව ඔබ දකින දේවලට එරෙහිව ඒවා ප්‍රකාශ කරන්න! යෝබ් 22:21  

ඔබ තුළ බලවත් ලෙස ක්‍රියා කරන ශුද්ධාත්මයාණන්ගේ ශක්තියට වඩා විශාල ශක්තියක් අවශ්‍ය වන්නේ නැත.

ඔබට අවශ්‍ය වන්නේ අදහාගෙන ශක්තිමත්ව ජීවත් වීමත්, ඇදහිල්ලෙන් පිරුණු වචන කථා කිරීමත් වන අතර, එය නිසැකවම ඔබව ජයග්‍රාහකයෙකු බවට පත් කරනු ඇත. 

හාලෙලූයා!



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#10)]

Read 137 times