+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ අපව කැඳවා ඇත්තේ ජයග්‍රාහිකව ජීවත් වීමටයි!

1_E.png

දේව දරුවෙකු ලෙස ඔබව කැඳවනු ලැබුවේ ජයග්‍රාහිකයෙකු ලෙස ජීවත් වන්නටයි. 

බයිබලය පවසන්නේ, දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ සෑම කෙනෙක්ම ජයග්‍රාහී කෙනෙකු වන අතර ඔහු ලෝකයාගෙන් ජය ගනී. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ—අපගේ ඇදහිල්ලයි. 1 යොහන් 5:4

බලන්න, ඔබට ජයග්‍රාහී ජීවිතයක් ගත කළ හැකි වන්නේ, මනුෂ්‍යයාගේ කුණුවෙන්නාවූ බීජවලින් නොව, නමුත් ජීවමානවූ නොවෙනස්වන්නාවූ සදාකාලිකව පවතින්නාවූ, කුණු නොවෙන්නාවූ දෙවියන්වහන්සේගේ වචනය නැමති බීජය තුළින් අලුත් උපතක් ඔබට ලැබී ඇති නිසාය. 1 පේතෘස් 1:23

ඔබගේ අලුත්  ජීවිතය ඔබගේ පැරණි පව්කාර ජීවිතයට සමාන කළ නොහැකියි. 

ඔබේ ස්වභාවික උපත පැමිණියේ මරණීය බීජ වලින් වන නමුත් ඔබේ නව උපත පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ ජීවමාන වචනයෙනි. 

මදක් සිතා බලන්න: ඔබගේ නව ජීවිතය දෙවියන්වහන්සේ විසින්ම පිළිසිඳ ගන්නා ලද්දකි. 

සදාකාලික හා ජීවමාන වචනය තුළින් දෙවියන්වහන්සේගේ ඝණයේ (ආකාරයේ) නව ජීවනයක් දැන් ඔබ තුළ ඇති අතර, දෙවියන්වහන්සේ ඔබ තුළ රෝපණය කර ඇති මෙම “බීජය” කිසි විටෙකත් විනාශ කළ නොහැකි නමුත් ඔබ තුළ සදාකලයටම ජීවත් වනු ඇත. 1 කොරින්ති 15:57

ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අපගේ ඇදහිල්ලයි. 2 කොරින්ති 2:14 

ජයග්‍රහණය යනු, අපගේ ජීවිතයේ මුහුණ දෙන ඕනෑම තත්ත්වයකින් ජය ගත හැකි බලයයි. 

අපගේ ගළවුම්කරු වන යේසුස්වහන්සේ සතුරා පරාජය කර, මරණය හා නිරය ජය ගත්සේක. 

දැන් ස්වාමීන්වහන්සේ  ඔබටත් මටත් පවසන්නේ, "මම ජීවමාන තැනැත්තාය! මම මැරුණෙමි, නමුත් දැන් බලන්න—මම සදහටම ජීවතුන් අතර සිටිමි. මරණයේ (මිනීවළේ) හා නිරයේ (නොපෙනෙන ලෝකයේ) අගුළු හරින යතුරු මා සතුව ඇත." එළිදරව් 1:18 

දැන් අපට ජයග්‍රහණය ලබා දුන් නිසාත් අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අතිශයින්ම ජයගන්නට හැකිවීම ගැන අපි දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමු! රෝම 8:37 

දෙවියන්වහන්සේ නිතරම උන්වහන්සේගේ අනුග්‍රහය ක්‍රිස්තුස්වහන්සේ තුළින් දකින්නට සලස්වන අතර, උන්වහන්සේගේ නිමක් නැති ජයග්‍රහණයේ හවුල්කරුවන් ලෙස අපව ඇතුළත් කරනසේක. 

අපගේ කැප වූ ජීවිතය තුළින්, අප යන සෑම තැනකම දෙවියන්වහන්සේ පිළිබඳ දැනුමේ සුවඳ උන්වහන්සේ පතුරුවනසේක!

එබැවින් මතක තබා ගන්න: ස්වාමීන්වහන්සේ ඔබට ප්‍රේම කරන අතර ඔබගේ සියලු දුෂ්කරතාවන්ගෙන් අතිමහත් ජයග්‍රහණයක් ලබා දෙනසේක.



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

►යාච්ඤාව සඳහා අමතන්න: +94722340440 / +94717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#11)]

Read 144 times