+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (3 වැනි කොටස)

1_E.png

අපි ඉගැන්වීමේ සැසි වාරයන් වලට පැමිණෙන්නට හේතුව වන්නේ දෙවියන්වහන්සේගේ වචනය නැවත නැවත ඇසීම සඳහායි. 

ඔබ දිගටම වචනය අසමින් සිටින කල ඔබට ආචාරීන්වහන්සේව අනුගමනය කරන්නට හැකි වේ.

ඔබට උන්වහන්සේගේ හඬ අසන්නට හැකි වන අතර, “උන්වහන්සේ යහපත් දෙවි කෙනෙකු බව මම දැන් විශ්වාස කරමි” කියා ඔබට පැවසිය හැකිය.

යේසුස්වහන්සේ මනුෂ්‍යයන් වෙතට පැමිණ  ප්‍රකාශ වන තුරු ඔවුන්ට දෙවියන්වහන්සේ ගැන තිබුණේ වෙනත් අදහසකි. 

ඔවුන් සිතුවේ දෙවියන්වහන්සේ ඔවුන්ගේ ජීවිත විනාශ කරන්නට යන කෲර පාලකයෙකු බවයි

එහෙත් යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන්ටම යහපත්කම් කරමින්ද සුවකරමින්ද, යේසුස්වහන්සේ ගිය බව ඔව්හු දුටු කල; උන්වහන්සේ කවරෙකු මත අත තැබුවද ඔව්හු සුවය ලැබූ අතර, ඇදහිල්ලෙන් උන්වහන්සේව ස්පර්ශ කළ අයද සුවය ලැබුවෝය.

“ඔබ මා දුටුවා නම්, ඔබ පියාණන්වහන්සේ දුටුවේය” යැයි උන්වහන්සේ කීසේක. (යොහන් 14:9)

යේසුස්වහන්සේ පියාණන්වහන්සේව ප්‍රකාශ කළසේක, ඒ තුළින් උන්වහන්සේට යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීමට හැකි වූයේය.

යක්ෂයාගේ ක්‍රියා විනාශ වූයේය, දැන් උන්වහන්සේ ඔබට සතුරාගේ සියලු බලය කෙරෙහි සියලු ආධිපත්‍යය දී ඇත.

ඔබ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු නම්, ඔබට තවත් ගෝලයන් වැඩි කරන්නට හැකි වන්නේය.

නමුත් ඔබ කිසි ස්ථාවරයක් නැති කෙනෙකු මෙන්, "ඉතින්, මම නිකමට විශ්වාස කරන්නෙමි, ඔව්; නමුත් මම විශ්වාස නොකරන අවස්ථාද තිබේ," යැයි පවසන්නේ නම්, ඔබ කිසි විටෙකත් ගෝලයන් බිහි කරන්නේ නැත.

ගෝලයන් ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සැබෑ අනුගාමිකයන් වේ.

ඔවුන් තමුන්ගේ මනසින් ස්ථිර ලෙස තීරණය කර ගෙන සිටී: “ලෝකයා මා පිටුපසින් වන අතර ස්වාමීන් මා ඉදිරියෙන් සිටිනසේක, මම ලෝකය අත්හැරයෙමි. මම ස්වාමීවූ යේසුස්වහන්සේ අනුගමනය කරමින් සිටින්නෙමි.” 



ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#852)]

Read 39 times