+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (2 වැනි කොටස)

1_E.png

ජීවනය භුක්ති වින්ඳ නැති මනුෂ්‍යයන්ගෙන් කවදාවත් මඟ පෙන්වීම් ලබා ගන්නට නොයන්න.

පරාජිතයෙකු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකකත්වයෙන් ජීවත් විය නොහැකිය. 

ජීවිතය සාර්ථක කරගත් යමෙකුව 

ඔබ අනුගමනය නොළහොත් ඔබට කිසිදා සාර්ථකකත්වය භුක්ති විඳින්නට බැරිය.

“මා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ අනුගමනය කරන්නා සේ ඔබ මාව අනුගමනය කරන්න” කියා ප්‍රේරිත පාවුල්තුමා පැවසුවේය. 

හෙබ්‍රෙව් පොතේ, ස්වාමීන්වහන්සේගේ ආත්මය පවසන්නේ, "ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන්න" යනුවෙනි. (හෙබ්‍රෙව් 6:12)

ඇදහිල්ලෙන් ගමන් නොකළ යමෙකුව කවදාවත් අනුගමනය නොකරන්න, මන්ද ඔබ භියෙන් ජීවත් වන්නෙකු අනුගමනය කරන්නේනම්, ඔබත් අන්තිමේදී ඔහු වැටී තිබෙන වළටම වැටෙන බව සොයාගනු ඇත.



එබැවින් භියෙන් සිටින්නන් අනුගමනය නොකරන්න; ඇදහිල්ලෙන් ජීවත් වන කෙනෙකුව අනුගමනය කරන්න, ඔබට ඇදහිල්ල ඉගෙන ගත හැකි වන්නේ  එලෙසිනි.

ඇදහිල්ල දෙවියන්වහන්සේව ප‍්‍රසන්න කරනසේක; ඇදහිල්ල ඔබට දේවල් වලින් ජයගන්නට හැකියාවද ලබා දෙන්නේය (හෙබ්‍රෙව් 11:6)

ඇදහිල්ල නිතරම ඉදිරියට ගමන් කරන්නාවූ බලවේගයකි, නමුත් බිය ඉදිරියට නොව, එය හැමවිටම පස්සට යන්නාවූ බලවේගයකි.

දෙවියන්වහන්සේ අපට හැමවිටම, "යන්න," කියා පවසන බව අපට ශුද්ධ ලියවිලිවල පෙනේ. 

“ආපසු එන්නට එපා” කියා උන්වහන්සේ කීසේක.

ලොව මුළුල්ලට ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. (මාර්ක් 16:15)

දෙවියන්වහන්සේට නිකම්ම ආගම් මාරු කරන්නට අවශ්‍ය නැත; උන්වහන්සේට අවශ්‍ය වන්නේ ගෝලයන්ය, මක්නිසාද යම් පුද්ගලයෙක් ආගමකට හැරුණායින් පසු ඔහුට නැවතත් තමා පෙර විශ්වාස කළ දේ වෙතට ආපසු හැරී යා හැකි බැවිනි.

නමුත් ඔබ ගෝලයෙකු නම්, ඔබ යේසුස් ස්වාමීන් අනුගමනය කරන්නට තරම් විනයගරුක වේ.

“ගොස් ගෝලයන් කරන්න” කියා යේසුස්වහන්සේ පැවසුවේ ඒ නිසයි. 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#848)]

Read 40 times