+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි! (1 වැනි කොටස)

1_E.png

ස්වාමීන්වහන්සේට අවශ්‍ය කරන්නේ ඔබගේ ජීවිතයේ තව තවත් වැඩි වැඩියෙන් වැඩි කරන්නටයි. 

අපගේ ජීවිතවල සියල්ලක්ම සිදුවන්නේ උන්වහන්සේ පවසන කියමන් අනුවයි.

තවද අප උන්වහන්සේ පවසන කියමන් ලබා ගත් කල අපගේ ජීවිතයේ වැඩි වන්නේය.

අපි අපගේ ජීවිතේ ශ්‍රේෂ්ඨ දේවල් සිදුවෙනවා දකින්නට යන්නෙමු.

හැම අවස්ථාවකම අපට මෙම ප‍්‍රශ්නය  අපගේ මනසට එන්නට පුලුවන්, “ස්වාමීනි, ඔබවහන්සේ මගේ ජීවිතයේ කරන්නේ කුමක්ද?"

හරි, උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ක්‍රියා කරමින්ද උන්වහන්සේ හොඳ වැඩක් ඔබගේ ජීවිතයේ කරමින් සිටී. 

උන්වහන්සේ ඔබේ ජීවතය විනාශ කරන්නට යන්නේ නැහැ.

උන්වහන්සේ පවසන්නේ, “ඔබ වෙනුවෙන් මා තුළ තිබෙන සැලසුම් යෝජනාවල්, සමාදානයේ යෝජනාවන් හා ප්‍රීතියේද සහ මා හට ඔබ කෙරෙහි තිබෙන සිතුවිලි සමාදානයේ සිතුවිලි මිස, විනාශයේ සිතුවිලි නොවේ.”

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේ ඔබ වෙනුවෙන් නිතරම හොඳම දේ කරන්නට කැමැත්තෙන් සිටින බව, කියා අප විශ්වාස කරන්නයි.

සෑම යහපත් දෙයක්ම පැමිණෙන්නේ අපගේ ස්වර්ගීය පියාණන්ගෙනි.

දෙවියන්වහන්සේට අපට දෙන්නට   අයහපත් කිසිවක් නැත; උන්වහන්සේට අපට දෙන්නට ඇත්තේ යහපත් දේවල් පමණි.

සෑම අයහපත් දෙයක්ම යක්ෂයාගෙන් පැමිණේ; ඇත්තටම එය ත්‍යාගයක් හැටියට නොවෙයි දී තිබෙන්නේ, නමුත් දෙවියන්වහන්සේ අපට යහපත් දීමනාවන් දෙන්නේය.

ඔබගේ ජීවිතයේ යහපත සිදුවේවි කියා විශ්වාස කරන්න.

තවද, "විශාල ලෙසින් පසුතැවිලිවීමේ වර්ෂය පැමිණ ඇති බවත්, විශාල ලෙසින් නැවත පිහිටුවීම් සිද්ධ වෙන්ට යන බවත්"

ස්වාමීවහන්සේගේ ආත්මයේ හඬ දිගටම මා අසමින් සිටින බව විශ්වාස කරමි!

පසුතැවිලිවීම් තිබෙන ස්ථානයේ නිතරම නැවත පිහිටුවීම් සිද්ධ වන්නේය.

පසුතැවිලිවීම කියන වචනයෙන් අදහස් කරන එක් වැදගත් කරුණක් අප විසින් දැන සිටිය යුතුය. එනම්, “ඔබ සිතන්නාවූ ආකාරය වෙනස් කිරීම, ඔබගේ ජීවිතයේ දේවල් අනික් පැත්තට හැරවීම සහ උන්වහන්සේගෙන් මඟ පෙන්වීම් ලබා ගැනීමට පටන් ගැනීමත්ය.”

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#847)]

Read 34 times