+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඕනෑම තත්ත්වයකදී නිශ්චලව සිටින්නේ කෙසේද? (2 වන කොටස)

1_E.png

බයිබලයේ පවසනවා නෝවා කියන්නේ ධර්මිෂ්ඨකමේ දේශකයෙක්. ඔහු, තමා අවට සිටිය සියලු දෙනාට කතා කළ නමුත් මනුෂ්‍යයන් ඔහුව විශ්වාස කළේ නැහැ. 

ඉතින් ඔහු කියන්ට ඇති ඔහු අවට සිටි අයට, වර්ෂාවක් පැමිණෙන්ට යනවා, ජලගැල්මක් එනවා, මනුෂ්‍යයන් විනාශ වෙන්ට යනවා කියලා, නමුත් ඔවුන් නෝවාට කියන්න ඇති, ඔබ මෝඩයෙක් ඔබ පැත්තකට වෙන්න.

ඉතින් නෝවා කියන පුද්ගලයාගේ අර්ථය විවේකයේ සිටින්නාවූ මනුෂ්‍යයෙක්. ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්, ඔහු සම්පූර්ණ මනුෂ්‍යයෙක්. ඉතින් සම්පූර්ණ කියන වචනයේ අර්ථය තමයි: හරි ලෙස සිටීම, නැත්තම් මුළු හදවතින්ම ස්වාමීන්වහන්සේට කැපවී සිටීම.

දැන් ඊළඟ කොටසේ තමයි නෝවාගේ ඉතාම අලංකාර චරිතයේ කොටසක් තිබෙන්නේ. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, නැත්තම් ගමන් කළේය. පොඩ්ඩක් හිතලා බලන්න ඔබගේ මුළු ජීවිත කාලේම ඔබ දෙවියන්වහන්සේ සමඟ ගමන් කරනවා. 

දෙවියන්වහන්සේ සමඟ ඔබ ගමන් කරනවා ඔබගේ මුළු ජීවිත කාලයේම. මම නම් ඇත්තටම ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක ගමන් කරන්න කැමතියි. මම හිතනවා දෙවියන්වහන්සේ තමයි මගේ ජීවිතයේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයා. 

මම මේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා සමඟ මගේ ජීවිතයේ ගමන අත්විඳින්ට යනවා. 

ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්, සම්පූර්ණ මනුෂ්‍යයෙක්, දෙවියන්වහන්සේ සමඟ හැසිරුණාවූ, ගමන් කළාවූ මනුෂ්‍යයෙක් වූයේය.

ඔබත් තෝරගන්න මේ 2021 වසර දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න. 

දැන් දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න පුලුවන් එකම පුද්ගලයා හැටියට සිටින්නේ යටහත් චරිතයක්. 

යටහත් චරිතයක් තිබෙන්නාවූ පුද්ගලයෙක්. 

ඔබට ඕනේද දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්න? බයිබලය කියවන්න තරම් ඔබ යටහත් වෙන්න. බයිබලය කියවන්න. 

ඔබ යාච්ඤා කරන විටත් ඔබ විශ්වාස කරන්න, උන්වහන්සේ ඔබේ යාච්ඤාවට ඇහුන්කන් දෙන බව. උන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න. දැන් ඒක තමයි ඔබගේ දෙවියන්වහන්සේ සමඟ ඔබ යටහත්ව ගමන් කිරීම කියන්නේ.

දැන් ඔබ විසින් මුහුණ දෙන්ට යන්නාවූ බොහෝ අභියෝග තිබෙන්නාවූ වසරක් හැටියටයි මේ අලුත් වසර තිබෙන්නේ. 

ඉතින් අපි පළවෙනි චරිතය හැටියට බැලුවේ ඉතාමත්ම, එනම් කිසිම දෙයකට වටින්නේ නැති කාන්තාවක් ඇය කොහොමද දෙවියන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ ඇයව එසෙව්වේ. 

ඊටපස්සේ අපි දකිනවා නෝවාට කොහොමද ඉතාම පුදුමාකාර චරිතයක් තිබුණේ. ඔහු දෙවියන්වහන්සේ සමඟ ගමන් කළා.



මෙම කෙටි පණිවුඩය:

https://youtu.be/IcAQC-YMBYk

මේ මුළු දේශනාව අපගේ youtube නාලිකාවේ නරඹන්න:

බොහෝ අභියෝග සහිත වසරක්!

https://youtu.be/fG82bFN_U9c

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#34)]

Read 72 times