+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඔබ ඕනෑම තත්ත්වයකදී නිශ්චලව සිටින්නේ කෙසේද? (1 වන කොටස)

1_E.png

අපි බලන්න යන ඊළඟ චරිතය නම්, නෝවා - උප්පත්ති 6. 

දැන් එන්න, එන්න දේවල් අන්ත තත්ත්වයට පත්වන විට, ආදම් ඒවද උන්වහන්සේට විරුද්ධව පව්කළ මොහොතේ ඊටපසුව දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන් කරන හැම දෙයක්ම නපුරුව තිබෙන බව.

දැන් ඔබ මතක තබාගන්න යේසුස්වහන්සේ කිව්වා, උන්වහන්සේ එන්නාවූ දවස්වල නෝවාගේ දවස් මෙන් වෙන්ට යන බව. දැන් මේ කාලවල්වල තමා අපි ජීවත් වන්නේ. 

දැන් අපි දකිනවා මනුෂ්‍යයන් තුළ නොකඩව ඔවුන්ගේ මනස් නපුරුව තිබෙනවා. නපුරු සිතුවිලි තිබෙනවා දිගටම, නිරන්තරයෙන්ම නපුරුව තිබෙනවා. 

දැන් ඔවුන්ට කරන්ට ඕනෑවූ හැම දෙයක් ඔවුන් කළා, සොරකම් කිරීම, මරණය, විනාශ කිරීම. ඉතින් ඔවුන්ගේ මනස් ඔවුන් දකින දේ අනුව සැලසුම් කරගන්නවා, සූදානම් කරගන්නවා. 

දෙවියන්වහන්සේ දැක්කා මනුෂ්‍යයන්ගේ මනස්වල තිබෙන්නාවූ නපුරුකම්. උන්වහන්සේ කිව්වා මැවිල්ලේ කෙළවර දැන් පැමිණ තිබෙනවා. 

ඊටපස්සේ එකපාරට 8 වෙනි පදයේ යම් වෙනසක් සිද්ධ වෙනවා. 

එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගේ කරුණාව (අනුග්‍රහය) ලැබුවේය. දැන් නෝවා කියන වචනේ අර්ථය තමයි විවේකයෙන් සිටින්නාවූ පුද්ගලයෙක්.

දැන් මම ඔබටත් කියන්නේ ඔබ වටා මේ හැම දෙයක්ම සිද්ධවෙන මොහොතේදී ඔබ විවේකයෙන් සිටින්න. 

එතකොට ඔබට දෙවියන්වහන්සේගේ ඇස් ඉදිරියේ කරුණාවයි, අනුග‍්‍රහයයි ලැබන්ට යනවා. ඊටපස්සේ ඔහුගේ චරිතය ගැන සඳහන් කරනවා. 

මෙන්න මේකයි නෝවාගේ චරිතය:

ඔහු ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව සිටියා. 

තමාගේ පරාම්පරාවන්හී ඔහු ධර්මිෂ්ඨව සිටියා. දැන් ඔබට නෝවා දිහා බලලා කියන්ට පුලුවන් මොහු විවේකයෙන් සිටින්නාවූ මනුෂ්‍යයෙක්. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්.

දැන් ඔබට දෙවියන්වහන්සේගේ උපකාර ලැබෙන්ට යනවා, ඔබ ධර්මිෂ්ඨ ලෙස දේවල් කරන විට. තමාගේ පරම්පාරාවන්හී ඔහු සම්පූර්ණව සිටියා. 

ඔහුගේ පවුල ඔහු පිළිවෙලකට තැබුවා. ඔහුට පුත‍්‍රයන් තිදෙනෙක් සිටියා, ඔවුන්ව විවාහ කර දුන්නා. නිතරම ඔවුන්ගේ ජීවිතවලටත් ඔහු බලපෑම් කළා.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

______________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

? යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර ඉහත අංකයට පණිවිඩයක් එවන්න, අපි ඔබ වෙත එවීමට සතුටු වන්නෙමු. එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#33)]

Read 68 times