+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(6 වැනි කොටස)

1_E.png

1 තිමෝති, 6:17 හි පවසන්නේ, “මේ ලෝකයේ ධනවතුන්ට අණ කරන්න,” නැතහොත් මේ ලෝකයේ ධනවතුන්ට උගන්වන්න” කියාය.

"අණ කරන්න" යන වචනයේ තේරුම "උගන්වන්න" යන්නයි.

ධනවතුන්ට උඩඟු සිත් ඇත්තන් නොවී සිටින්නට උගන්වන්න.

උඩඟු හදවතක් ඇතිව නොසිටින්න.

මට මේ ධනසම්පත් ලැබුණේ මගේ මහන්සියෙන් හා මගේ සවිශක්තියෙන් යැයි නොකියා සිටින්න.

නමුත් ඔබට ධනසම්පත් ලබා ගැනීමට හැකියාව ලබා දෙන, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, සිහිකරන්න.

"ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකරන්න; සම්පත් ලබා ගැනීමට පුළුවන්කම නැතහොත් ධනසම්පත් ලබා ගැනීමට ඔබට බලය ලබා දෙන්නේ උන්වහන්සේය” කියා ද්විතීය කථාවේ, 8 වන පරිච්ඡේදයේ, 17 සහ 18 පදවල සඳහන් වේ. 

එබැවින් උඩඟු සිතක් ඇතිව නොසිටින්න!

ඊළඟ කාරණය නම්, “වස්තුවේ අස්ථිරකම කෙරෙහි විශ්වාසය නොතබා, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමයි.” 

වස්තුව යනු සම්පතක් පමණි, නමුත් ජීවමාන දෙවියන්වහන්සේ සියලු ධනසම්පත්වල සහ සියලු ජීවිතවල මූලාශ්‍රයයි.

අපි මූලාශ්‍රය කෙරෙහි විශ්වාස කරන්නෙමු!

මේ සත්‍යතාවයන් ඔබටම උගන්වා තිබෙන්නේ නම්, එවිට ඔබගේ ජීවිතයේ කිසි භියක් නැතිව ඔබට මෙම වසරට මුහුණ දෙන්නට පුළුවන් වනු ඇත.

"මම ආශීර්වාද ලද්දෙක්මි” කියා, ඔබට පැවසිය හැකියි. 

අස්ථීරව තිබෙන වස්තුව කෙරෙහි මම විශ්වාසය නොතබමි; මම ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරමි!

උන්වහන්සේ මැරුණු දෙවි කෙනෙකු නොවේ; උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙකුය!

දැන්, උන්වහන්සේ, කෙටි කාලයකින් නැති වී යන කෙනෙකු නොවේ, නමුත් උන්වහන්සේ නිතරම ජීවමානව සිටින දෙවි කෙනෙකුය.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#855)]

Read 13 times