+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(7 වැනි කොටස)

1_E.png

හෙබ්‍රෙව් පොතේ, 11 වන පරිච්ඡේදයේ 6 වන පදයේ, "නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.” 

ඇදහිල්ල දෙවියන්වහන්සේ ප්‍රසන්න කරනසේක! 

තවද, දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් “උන්වහන්සේ සිටිනසේක” (විද්‍යමාන) බව විශ්වාසකරන්ට ඕනෑය. 

“උන්වහන්සේ “සිටින්ට යන්නාවූ….” නැතහොත් “උන්වහන්සේ සිටියාවූ….”  කෙනෙකු නොවන්නේය. නැත, “උන්වහන්සේ සිටිනසේක!”

“දෙවියන්වහන්සේ සිටියාවූද” දෙවියන්වහන්සේ සිටින්ට යන්නාවූද 

කෙනෙකු නොවන්නේය.”

උන්වහන්සේ දැන් සිටින්නාවූ (පවතින්නාවූ) කෙනෙකුය; උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ සිටින්නාවූ කෙනෙකුය. 

එසේනම්, මා විශ්වාස කළ යුත්තේ කුමක්ද? උන්වහන්සේ මේ දැන් සිටින්නාවූ කෙනෙකු කියාය. 

දැන් අපගේ සර්වබලධාරී දෙවිඳුන්ගේ නාමය වන්නේ, “යෙහෝවඃ ෂම්මා.” 

යෙහෝවඃ ෂම්මා යන වචනයේ නාමයේ අර්ථය වන්නේ “ස්වාමීන්වහන්සේ එහිය, වර්තමානයේ සිටින්නාවූ දෙවිඳුන්ය.” උන්වහන්සේ මේ දැන් සිටින්නාවූ කෙනෙකු කියාය. 

උන්වහන්සේ මේ දැන් වර්තමානයේ සිටින්නාවූ කෙනෙකුය. උන්වහන්සේ මැරී නැත; උන්වහන්සේ ජීවමානයි; උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙකුය.

ඇදහිල්ල 

ඇදහිල්ලේ එක් අමුද්‍රව්‍යයක් නම්, උන්වහන්සේ දැන් සිටින බව මා විශ්වාස  කිරීමයි. 

“උන්වහන්සේ දැන් සිටින බව” මම විශ්වාස කරන්නෙමි. 

දැන් මා ප‍්‍රශ්න කෙරෙහි විශ්වාසය තබන්නේද, නැතහොත් “උන්වහන්සේ දැන්  සිටින බව” මා විශ්වාස කරන්නේද?

ලෝකයේ තිබෙන ආර්ථිකය කෙරෙහි මා විශ්වාසය තබන්නේද, නැතහොත් උන්වහන්සේ දැන් සිටින බව මා විශ්වාස කරන්නේද?

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#856)]

Read 16 times