+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(8 වැනි කොටස)

1_E.png

ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන්නාවූ සෑම අභියෝගයකදීම, ඔබ සැමවිටම පැවසිය යුත්තේ, "මම විශ්වාස කරන්නේ උන්වහන්සේ සිටිනසේක" යන්නයි.

උන්වහන්සේ සැබවින්ම නිතර ජීවමානව සිටිනසේක. උන්වහන්සේ දැන් මා සමඟ සිටිනසේක.

උන්වහන්සේ විපාක දෙන්නෙකි. උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට උන්වහන්සේ විපාකදෙන කෙනෙකුය. 

ඇදහිල්ල නම් එයයි, එය ඉතා සරලය; එය ඇදහිල්ලයි.

උන්වහන්සේ දැන් සිටිනසේක, සහ උන්වහන්සේව ඕනෑකමෙන් සොයන්නන්ට විපාකදෙන කෙනෙකුය.

එසේනම්, මට ඇදහිල්ල තිබෙන්නේ නම්, මා ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, ඇදහිල්ලෙන් ගමන් කරන කල, මට විපාක ලැබෙන්නේය. එය විපාක ලබා ගනිමින් සිටින්නාවූ ජීවිතයකි.

නමුත් බියෙන් ගමන් කිරීමෙන් ඔබගේ ජීවිතය විනාශ වන්නේය; එය ඔබගේ සහතිකකමත් ඔබගේ ඇදහිල්ලත් ඉවත් කරමින්, ඉන්පසු ඔබ බියෙන් ගමන් කරන්නට පටන් ගනී.

"දේවල් අන්ත තත්වයට පත්වෙයිද කියා මම භියෙන් සිටින, නමුත් “දෙවියන්වහන්සේ සිටිනසේක.” 

දේවල් එන්න එන්න අන්ත තත්වයට පත් වෙන්නට පුළුවන් වූවත්, උන්වහන්සේ තවමත් එකවගේමය—ඊයෙත්, අදත්, සදහටම එකාකාරමය. සරලව කිවහොත්,

උන්වහන්සේ සැමදා එකවගේ සිටින්නේය.

මා වටා දේවල් වෙනස් වෙන්නට පුළුවන.

ඔබ වටා දකින ස්වභාවික දේවල් වෙනස් වීමට ලක්වන සුලු දේවල් බව, ඔබ නිතර මතක තබා ගන්න.

ඔව්හු අද දවස පවසන දේවල් හෙට තිබෙන්නටද නුපුළුවන; එය ඊට වඩා අන්ත වෙන්නටත් පුළුවන, නමුත් උන්වහන්සේ තවමත් එකසේම සිටිනසේක.

උන්වහන්සේගේ සැපයීම තවමත් අපට නිතරම තිබෙන්නේය. 

උන්වහන්සේ තවමත් අපට විපාක දෙන දෙවි කෙනෙකු ලෙස සිටින්නේය.

ඔබගේ අවශ්‍යතාවයන් මා සපයා දෙනු ලබන්නේ ලෝකයේ ආර්ථිකය අනුව නොව, මාගේ වත් පොහොසත්කම් වලට අනුවය. 

එබැවින් මාව විශ්වාස කරන්න; ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න! 

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#857)]

Read 15 times