+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(11 වැනි කොටස)

1_E.png

අපට දෙවියන්වහන්සේගේ බලයට සම්බන්ධ වෙන්නට පුලුවන් එකම මාර්ගය ඇදහිල්ලෙන් මිස, භිය තුළින් නොවේ.

අප භියෙන් ගමන් කරන විට දෙවියන්වහන්සේ ප‍්‍රසන්න වන්නේ නැත. 

දෙවියන්වහන්සේ භිය නොව; දෙවියන්වහන්සේ ඇදහිල්ලයි. 

මා ඔබට භයාදුකමේ ආත්මයක් දී නැත කියා උන්වහන්සේ කීවේය; මා ඔබට දී තිබෙන්නේ ඇදහිල්ලේ ආත්මයකි.

“මම සිටිනසේක” කියා ඔබ විශ්වාස කරන්නට පුලුවන් වන පිණිස ඔබට ඇදහිල්ලේ ආත්මයක් දී තිබේ.

“මම මේ මෙහොතේ දැන් සිටින සේම,” මම ඔබට විපාක දෙන්නෙමි.

ඔබ මා සොයන කල, මම ඔබට විපාක දෙන්නෙමි.

ද්වීතීය කථාවේ 30 වන  පරිච්ඡේදයේ 14 වන පදය: 

“නුමුත් ඒ වචනය ලෙස ඔබ කරන පිණිස එය ඔබට ළංව ඔබේ මුඛයේද ඔබේ සිතේද තිබේ.”

ඉතින්, ඔබේ ආශීර්වාදය තිබෙන්නේ කොහෙද?

එය ඔබේ දිව තුළයි, එය ඔබේ ප‍්‍රකාශය තුළයි, එය ඔබේ හදවත තුළ සහ එය ඔබේ මුඛයේය.

මම එය කතා කරමින් ලබා ගන්නෙමි.

මාගේ ඇදහිල්ල ක්‍රියා කරන්නේ මා කතා කරන දේ මතයි.

ප‍්‍රකාශනය යනු ඔබ යම් දෙයක් ඉෂ්ට කර ගන්නා පිණිස එම මෙහොතේ පවසන දෙයක් නොවේ.

ඇතැම් විට එය තනිව යාච්ඤා කාලයකදී ප‍්‍රකාශනයක් කරනවා වැනිය. 

"මම සමහර ශුද්ධ ලියවිලි පද ප‍්‍රකාශ කරන්නමි," නමුත් ඔබ එය ජීවිත රටාවක් බවට පත් කර ගත යුතුය. එය ජීවිත රටාවකි.  

“මා භය වන්නේ නැත.” එය ජීවිත රටාවකි.

මා විශ්වාස කරන්නේ දෙවියන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙකු බවයි; එය ජීවිත රටාවක් වන අතර, උන්වහන්සේ විපාක දෙන කෙනෙකු බව මම විශ්වාස කරන්නෙමි; එයද ජීවිත රටාවකි.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#860)]

Read 15 times