+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

2024, විශාල ලෙසින් පසුතැවිලිවීමේ සහ නැවත පිහිටුවීමේ වර්ෂයයි!

(10 වැනි කොටස)

1_E.png

ඔබට තිබෙන්නේ පරාජය වෙන ඇදහිල්ලක් නොවේ; ඔබට ඇත්තේ සාර්ථක වන ඇදහිල්ලකි.

ඔබ යම් තත්වයක සිටින කල සහ ඔබ කරන්න ඕනේ කුමක්දැයි නොදන්නා විට, ඔබගේ ඇදහිල්ල තත්වය ජය ගන්නට යන්නේය.

මධ්‍යම රාත්‍රියේදී ඔබ යම් දෙයකට සිරවී සිටින්ට පුළුවන—ඔබගේ ඇදහිල්ල ජය ගන්නවා ඇත! 

ඔබගේ ඇදහිල්ලට කාර්යය ඉටු කරන්නට ඉඩ දෙන්න.

දෙවියන්වහන්සේගේ යහපත්කම භුක්ති විඳින පිණිස ඔබගේ ඇදහිල්ල මුදා හරින්න.

ඔබගේ ජීවිතයට ආශීර්වාද එන පිණිස ඔබගේ ඇදහිල්ල මුදා හරින්න.

“ස්වාමීනි, මට දැන් හාස්කමක් අවශ්‍යයයි  කියා පවසමින් ඔබගේ ඇදහිල්ල මුදා හරින්න.

ඔබේ ඇදහිල්ල මුදා හරින්න, එවිට ඔබ හාස්කම ලබයි.

එය අමාරු නම් දෙවියන්වහන්සේ අපට කරන්නට කියන්නේ නැත.

ද්විතීය කථාව පොතේ 30 වන පරිච්ඡේදයේ 12 වැනි පදය.

අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ. 

අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.

අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.

එය අමාරු වැඩිවූ දෙයක් හෝ සැඟවුණු දෙයක් නොවේ එය දුරස්ව තිබෙන දෙයක්ද නොවන්නේය.

එය අපට ලබා ගන්නට දෙවියන්වහන්සේ එතරම් අමාරු දෙයක් කළේ නැත.

ඇදහිලිවන්තයන්ගේ සහභාගිකම

_____________________________

https://www.believersfellowship.lk 

https://youtube.com/c/BelieversFellowshipSinhala 

https://www.facebook.com/BelieversFellowshipSinhala 

https://www.instagram.com/BelieversFellowshipSinhala/

► යාච්ඤාව සඳහා අමතන්න: +94 72 234 0440 / +94 717695195 

ඔබ "දෛනික බයිබල් අධ්‍යයනයන්" WhatsApp හරහා ලබා ගැනීමට කැමති නම් කරුණාකර Believers Fellowship Sinhala channel එක Follow කරන්න: https://whatsapp.com/channel/0029Va55Ccj002TBovh64N3Z

එසේම මෙම දේව වචනය ඔබට ආශීර්වාදයක් වී ඇත්නම්, කරුණාකර අන් අය සමඟ SHARE කරන්න! "‘අද දවස’ යැයි කිව හැකි කාල සීමාව තුළ, දවසින් දවස එකිනෙකාට අවවාද කර ධෛර්යමත් කරන කාලය මෙයයි." හෙබ්‍රෙව් 3:13.

[#859)]

 

Read 12 times