+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට දී තිබෙන සැනසිලිකරුතුමන් - යෝෂා මනූ
December 18, 2022 Sunday Sermon Notes

 

දේව වචනය කියවීමට, අධ්‍යනය කිරීමට ඔබට බයිබලයක් තිබීම අත්‍යවශ්‍යය.

දරුවන්ටද දේව වචනය ඉගැන්විය යුතුය. පළමුකොට ඔබ බයිබලය කියවමින් දරුවන්ට ආදර්ශයක් විය යුතුය.

ඔබගේ බයිබලය කියවීම මෙනෙහිකිරීම දරුවාගේ ඇසට ගැටිය යුතුය. කුඩා කාලයේ සිට දරුවාගේ අතටද කුමන හෝ බයිබලයක් දී දරුවාව එයට පුහුණු කළ යුතුය.

තම දෙමාපියන්ගේ ජීවිතයේ සාර්ථකත්වය, වෙනස්වීම පදනම් වී ඇත්තේ දේව වචනය කියවීමෙන් බව කුඩා කල සිට දරුවාගේ සිතේ තැන්පත් විය යුතුව ඇත.

බයිබලය ප්‍රේමයේ වදන් වලින් අන්තර්ගතව ඇත.

බයිබලයේ ජීවන වචන වලින් අපගේ මනස සෝදා පවත‍්‍ර කරනු ලැබේ.

මෙතෙක් යේසුස්වහන්සේගේ නාමය පිළිබද අප ඉගෙන ගත් කරුණු.........

යේසුස්වහන්සේගේ නාමය කොතරම් බලවත්ද
යේසුස්වහන්සේ තම නාමය උරුම කරගත්තේ කෙසේද
සියලු නාම වලට වඩා උසස්ම නාමය යේසුස්
යේසුස් යන නාමය ලබා ගත් ආකාරය
යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබී ඇති ප‍්‍රයෝජන
යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබී ඇති බලය

යේසුස්වහන්සේගේ නාමයෙන් අපට ලැබෙන සැනසිලිකරුතුමාණන් ගැන අප අද බලමු.

යෙසායා 9:6
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.

1 ළදරුවෙක් උපන්නේය.

ස්වාමීන්වහන්සේ පොරොන්දුව දෙනු ලැබුයේ ළදරුවන්ටය.

යේසුස්වහන්සේ තම කුරුසපත්වීම ගැන පැවසු සෑම අවස්ථාවකදීම උන්වහන්සේ මළවුන්ගෙන් නැඟිටින බවද පවසන ලදි.

යේසුස්වහන්සේ තම කුරුසපත්වීම ගැන ගෝලයන්ට කිව් සැම විටම ඔවුන් දුක්වන ලදි. නමුත් යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ දුක් නොවන ලෙසත් ඔවුන් සමඟ සදාකාල වසන පිණිස සැනසිලිකරුවාණන් ඔවුන් වෙත එවන බවය.

යොහාන් 16:6-7
6නුමුත් මා මේ දේවල් නුඹලාට කී බැවින් නුඹලාගේ සිත් දුකින් පිරී තිබේ. 7එසේවී නුමුත් මම නුඹලාට සැබෑව කියමි: මාගේ අහක්ව යෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. මක්නිසාද මා අහක්ව නොගියොත්, සැනසිලිකාරයාණන්වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත; නුමුත් ගියොත්, උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි.

අවුරුදු 4000 පමණ කාලයක් තුල යේසුස්වහන්සේගේ ඊම ගැන දෙවියන්වහන්සේ කථා කරත්, පරණ ගිවිසුමේ කිසි කෙනෙකු තුළ ශුද්ධාත්මයාණන් වැඩ වාසය නොකරන ලදි.

පරන ගිවිසුම තුළ යම් යම් අවස්ථාවලදී යම් කාරණා ඉටු කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ මනුෂ්‍යයාගේ උපකාරයට පැමිණියත් ඔවුන් තුල වාසය කලේ නැත. එයට හේතුවුයේ ඒ වන විට යේසුස්වහන්සේගේ මළවුන්ගෙන් නැඟිටීම සිදු නොවීමය.

උදා: සැම්සන් තුළ ස්වාමීන්වහන්සේගේ ආත්මය ක්‍රියාත්මක වුණි. (විනිශ්චයකාරයාගේ පොත 13:25, 14:19, 15:14)

පරන ගිවිසුම තුල ශුද්ධාත්මයාණන්වහන්සේ වරින් වර පැමිණ මහත්වු දේ කර ගියාට වඩා කොපමණ වැඩියෙන්, දැන් අප තුළ වාසය කරන්නාවු උන්වහන්සේ තුළින් අපගේ ජීවිතය තුළ ඊට වඩා බලවත් දේ සිදුවීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.

දේශනාකාරයා 4:1
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.

මෙහිදී සාලමොන් පවසන්නේ ඔවුන් තුළ සැනසිලිකාරයෙකු නොසිටී බවයි

ශුද්ධාත්මයාණන්වහන්සේ එවීමට යේසුස්වහන්සේ මෙතරම් කැපවීමක් කරන ලද්දේ; යේසුස්වහන්සේගේ උත්පත්තියේ සිට උන්වහන්සේ මෙළොව සිටි කාලය තුළම උන්වහන්සේ තුළ ශුද්ධාත්මය බලවත්ව ක්‍රියාත්මක වුණි. ඒ කාලය තුළ ශුද්ධාත්මයාණන් වාසය කලේ යේසුස්වහන්සේ තුළ පමණි.
යේසුස්වහන්සේ මෙළොව අතහැර නොගියහොත් උන්වහන්සේ යන එන ස්ථාන වලට පමණක් බලය සීමාවීමක් වන නිසාය.

ක්‍රියා 2 පරිච්ඡේදය තුළ ගෝලයන් ඇතුලු 120නා තුළ පෙන්තකොස්ත දින ශුද්ධාත්ම ප‍්‍රදානයෙන් පසු ඔවුන් 120 තුළම ශුද්ධාත්මය වාසය කරන ලදි. එතුළින් මහත් දේ සිදුවුනි. එකවර සෙනඟ 3000, 5000 ගැළවීමට පැමිණෙන ලදි.

අද අප එකිනෙකා තුළත් මුලු දේවත්වයම වාසය කරනු ඇත.

එයයි යේසුස්වහන්සේට අවශ්‍යය වු දෙය. එනම් මුලු දේවත්වයම ලොව තුළ පතලවීමය.

දේවත්වය අප තුළ වාසය කරන හෙයින් අප ගමන් කරන සෑම තැන්හීම අප දේව මාළිගාවක් සේ ගමන් කරනු ඇත.

අප කුමන ස්ථානයක සිටියත් සැනසිලිකරුතුමන් අප සමඟය.

ස්වාමීනි ඔබගේ ආත්මය මා තුළ අත් නොහැර මැනවයි දාවිත් ගායනා කරා සේ අප යාච්ඤා නොකල යුතුය.

උන්වහන්සේ අප තුළට පැමිණියේ වාසය කිරීමට මිස අත්හැර දැමීමට නොවේය.

අප බලය ඉල්ලිය යුතු නැත. උන්වහන්සේගේ බලයත් දේව අභිමුඛත්වයත් අප තුළ වාසය කරනු ඇත.

යොහන් 14-16 පරිච්ඡේද තුළ යේසුස්වහන්සේගේ මෙලොව සේවා කාලයේ අවසන් දවස් කිහිපයෙහි උන්වහන්සේ පැවසු අනගි වදන් එළිදරව් කිරීම් සදහන්ව ඇත.

යොහන් 14:26
නුමුත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේ එවන සැනසිලිකාරයාණන්වහන්සේ, එනම් ශුද්ධාත්මයාණන්වහන්සේ, නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියනලද සියල්ල නුඹලාට සිහිකරවනසේක.

ශූද්ධාත්මයාණන් එවනු ලබන්නේ යේසුස්වහන්සේගේ නාමයෙනි. එමනිසා අප මෙම ආත්මයාණන් ලබා ගැනීමට බිය විය යුතු නැත
ශූද්ධාත්මයාණන් මා හට උගන්වනු ලබනවායැයි කියා අප දේවස්ථානයට පැමිණ නොසිටිම යුතු නැත. මන්ද අප දේවස්ථානයට පැමිණ එක්ව සහභාගිවීම තුළින් උන්වහන්සේගේ ආත්මය අප තුළ ගලා යනු ඇත.

ශුද්ධාත්මයාණන් අප හට කථාකිරීමට, සාක්ෂි දැරීමට උගන්වනු ඇත. එපමණක් නොව උන්වහන්සේ අපව ශෝකයේදී සනසන්නාවු සැනසිලිකරුවාණන්ය.

ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා අපට නින්දා අපහාස පීඩා පැමිණෙන කල අවශ්‍ය ලෙස කථා කිරීමට උන්වහන්සේ අපට උගතුන්ගේ දිවක් දී ඇත. යෙසායා 50:4

සැනසිලිකරුතුමාණන් අපහට පැවසිය යුතු, කලයුතු සියල්ල සිහිකරවනසේක.

සැනසිලිකරුවාණන් වහන්සේ යන්නෙහි ග‍්‍රීක් නාමය - පැරක්ලිටෝස්

සැනසිලිකරුවාණන්ගේ ක්‍රියාවන්;

යොහන් 14:16-17
16මම පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නෙමි, එවිට උන්වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටින පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙනසේක. 17ඒ සැනසිලිකාරයාණෝ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේය. උන්වහන්සේව පිළිගන්ට ලෝකයාට බැරිය; මක්නිසාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නහුය; මක්නිසාද උන්වහන්සේ නුඹලා සමඟ නැවතී සිටිනසේක, නුඹලා තුළෙහි සිටිනසේක.

යේසුස්වහන්සේව පිළිනොගන්නාවු ලෝකයා කවදාවත් සත්‍යතාවේ ආත්මයාණන් පිලිගන්නේද නැත.

ලෝකයා කවදාවත් උන්වහන්සේව පිළිගන්නේවත් අදුනගන්නේවත් නැත.

අපගේ ජීවිතයේ අප ශුද්ධාත්මයාණන් වහන්සේව ඇදිනගනු ලැබුයේ යේසුස්වහන්සේව පිළිගත් දිනයේය. එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළය.

අප උන්වහන්සේව දකිනු ලබන්නේ වචනය හා ක්‍රියාවන් තුළිනි.

තෝමස්ගේ ඇදහිල්ල වුයේ උන්වහන්සේගේ අත්වල ඇණ ලකුණු දැක ඒ ලකුණු වල ඔහුගේ ඇගිල්ල තබා මිස විශ්වාස නොකරමි කියාය. (යොහන් 20:25 )

ඔබ කිසිදා තෝමස්ගේ ඇදහිල්ල මත නොපිහිටන්න. මන්ද යේසුස් වහන්සේගේ ප‍්‍රකාශය වූයේ නුදුටු නමුත් විශ්වාස නොකරාවු අය ආශීර්වාදලද්දෝය කියාය. (යොහන් 20:29)

යේසුස්වහන්සේ අප තුළ වාසය කරන බව අප නිසැකයෙන්ම දන්නේය.

යේසුස්වහන්සේ කිසිදා අපව අත්නෑර අප සමඟම සිටින සේක

සැනසිලිකරුවාණන් යන වචනයේ අර්ථය;
උපකාරකයාණෝ - දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ නොකියා අප උන්වහන්සේගෙන් උපකාර ඉල්ලිය යුතුයි.

නීතීඥවරයානෝ (මැදිහත්කරුවාණන් ) - අප වෙනුවෙන් සිට ගන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. සැනසිලිකරුවාණන්වහන්සේ අපව සනසමින් අප වෙනුවෙන් ජීවනයේ වචන කථාකරන සේක.

සැනසිලිකරුවාණන් වහන්සේ අප නොසිතන මොහොතක අපගේ මුඛයට වචන දමා අපව සාක්ෂිකාරයන් වෙන්ට සලස්වනු ඇත.

යොහන් 14:18
නුඹලා අනාථව නාරින්නෙමි. නුඹලා වෙතට එමි.

යේසුස්වහන්සේ පැවසුවේ අපව අත් නාරින බවයි එනම් අනාථ නොකරන බවයි.

අනාතයන් යනු මව් පියන් නොමැතිව සිටීමය.

යේසුස්වහන්සේ අපගේ පියාණන් මෙන් අප වෙනුවෙන් සියල්ල කල සේක. ශුද්ධාත්මයාණන් වහන්සේ මව මෙන් අප තුළ සිටිමින් අපට වචනය උගන්වමින් අපව පෝෂනය කරනු ඇත. එහෙයින් අප අනාථව නැත

ශුද්ධාත්මයාණන් වහන්සේ දැන් අපගේ ජීවිතයට පැමිණ අපගේ ජීවිතයේ ගැලවුම්කරු ලෙස සිටිමින්, ගැළවීමේ මාර්ගය පෙන්වමින් යෙසුස්වහන්සේ ගැලවුම්කරු ලෙස කළ ක‍්‍රියාව ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපගේ ජීවිතය තුළ ඉටු කරයි.

ශුද්ධාත්මයාණන් වහන්සේව බයිබලයේ හදුන්වන නාමයන්;
සැනසිලිකරුතුමන්, උපදෙස්කරුන්, නීතීඥවරයා , ධෛර්්‍යමත්කරන්නා, මැදිහත්කරු, උපකාරකරන්නා

රෝම 8:26
එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.

ශුද්ධාත්මයාණන් වහන්සේ අපට හරියාකාරව යාච්ඤා කිරීමට උගන්වනසේක.

රෝම 8:27
ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කරනවා යනු දේව කැමැත්ත යාච්ඤා කිරීමය.

ඔබට දේව කැමැත්ත කුමක්ද කියා නොදන්නේ නම්, ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කර දේව වචනය කියවන්න, එවිට ස්වාමීන් වහන්සේ ඔබට දේව කැමැත්ත කුමක්ද කියා දැනගන්නට සලස්වමින් එය ඒත්තුගැනීමට ඔබගේ සිත තුළ සමාදානය ඇති කරයි.

ශුද්ධවන්තයන් යනු දෙවියන්හන්සේගේ දරුවන් වන අපය.

ශුද්ධාත්මයාණන් වහන්සේ සිත් විමසන තැනැන්වහන්සේ ලෙසින්, අප යාච්ඤා කරන කල අප තුළින් ඉටු විය යුතු දෙය පෙන්නුම් කරයි.

රෝම 8:28
තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව.

ඔබ අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමෙන් අනතුරුව ශුද්ධාත්ම මඟ පෙන්වීම ඔබට ලැබී ඔබ සියල්ලෙන් සාර්ථකත්වයට පැමිණෙනු ඇත.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ කාර්්‍ය භාරය නිතරම අපව ආරක්ෂා කිරීමත්, අප වෙනුවෙන් සිට ගැනීමත්, අපව ගළවා මුදවාගැනීමත්ය

යොහන් 16:33
මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ සිටිමින් අපව පාපයට තෘෂ්ණාවට පොළබවන්නාවු සතුරාගෙන් අප ගලවා මුදවා නිදහස්කර, සුවෙන් සම්පූර්ණකමින් අපව පුර්ණ කරනු ඇත.
Watch the Sermon Video

Read 406 times