+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේගේ නාමය නිවැරදිව භාවිතා කිරීම - මනූ මැතානි
January 22, 2023 Sunday Sermon Notes

 

ඔබගේ ඇදහිල්ල ගොඩනැඟිය යුත්තේ යේසුස්වහන්සේගේ නාමය මතය. උන්වහන්සේගේ නාමයෙන් අපගේ ජීවිතයේ බොහෝ දේ සිදුවිය හැක.

අප බයිබල් පද ගත් කල එයින් අපට එළිදරව්වක් ලැබෙන තුරු අප එය නැවත නැවතත් කියවා මෙනෙහි කළ යුතුය. උන්වහන්සේගේ නාමය ගැන එළිදරව්වක් ඔබට තිබිය යුතුය.

උන්වහන්සේගේ නාමයෙන් අප යම් දෙයක් ඉල්ලුවහොත් එය ලබා දෙන බව මා විශ්වාස කරනවායැයි ඔබ පැවසිය යුතුයි.

බයිබල් පද අප නිකරුනේ නොකියා එහි ඇති එළිදරව්ව දැනගත යුතුය.

යොහන් 16:24
මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිස ඉල්ලන්න, එවිට නුඹලාට ලැබෙන්නේය.

අප තුළ භය, තනිකම හැඟෙන විට, යේසුස්වහන්සේගේ නාමය අපගේ මුඛයෙන් පිටවන කල ඒ නාමය ගැන ඇති විශ්වාසය නිසා එම යක්ෂ ආත්ම පිටවී යනු ඇත.

ලූක් 10:17‭-‬18
ඉන්පසු සැත්තෑදෙනා ප්‍රීතියෙන් හැරී ඇවිත්: ස්වාමිනි, ඔබගේ නාමය නිසා යක්ෂයෝ පවා අපට යටත්වෙතියි කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: සාතන් විදුලිය මෙන් අහසෙන් වැටුණා දුටිමි.

දෙවියන්වහන්සේ අපට පොරොන්දු වූවා මේ නාමයෙන් යක්ෂ ආත්ම දුරු කරන පිණිස ඒ නිසා ඒ නාමය භාවිතා කරන්න.

අප යේසුස්වහන්සේගේ නාමය විශ්වාස කර ජීවත්වනවා නම් ඒ නාමය බලවන්තයි. යේසුස්වහන්සේගේ නාමය දරා සිටින සියලු දෙනාටම උන්වහන්සේගේ නාමය පාවිච්චි කිරීමට ආධිපත්‍යය හා බලය ඇත.

දිවිනසා ගන්නාවූ කෙනාට කිසිදා ස්වර්ග රාජ්‍යය අයත් නොවේ. දිවි නසා ගැනීමේ සිතුවිල්ල ගෙනෙන්නේ යක්ෂයාය. එවැනි සිතුවිලි එනකළ එයට යටත් නොවී එම සිතුවිල්ලට යේසුස්වහන්සේගේ නාමයෙන් දුරුවන ලෙස අණ කරන්න. එම වචන ඔබගේ මුඛයෙන් පිටවිය යුතුය.

යේසුස්වහන්සේගේ නාමය ඔබගේ මුඛයෙන් පිටවෙන්නේ දෙමුවහත් කඩුවක් හා සමානවයි.

යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ ණයතුරුස් භාවයෙන් නිදහස් වෙන්න. එය දුරුවන ලෙස යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කරන්න.

යේසුස්වහන්සේගේ නාමයෙන් භයින් නිදහස ලබා ගන්න.

යේසුස්වහන්සේගේ නාමය පිටුපස තිබෙන්නේ දෙවියන්වහන්සේගේ බලයයි.

1 කොරින්ති 12:3
එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන කථාකරන්නාවූ කිසිවෙක්: යේසුස්වහන්සේ ශාපලත් කෙනෙකැයි නොකියන බවත්, ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන මිස: යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේයයි කියන්ට කිසිවෙකුට නුපුළුවන් බවත් නුඹලාට දන්වමි.

යේසුස්වහන්සේගේ නාමය පිටුපස තිබෙන්නේ දෙවියන්වහන්සේගේ ආත්මයයි. එය දෙවියන්වහන්සේගේ ආධිපත්‍යයයි.

උන්වහන්සේ එය අපට දී තිබෙන්නේ උන්වහන්සේගේ දරුවන් වන අපට දෙවියන්වහන්සේ සමඟ ගිවිසුමක් ඇති නිසාය. ඒ ගිවිසුම තුළින් අපට උන්වහන්සේගේ නාමය හරිලෙස පාවිච්චි කරමින් ජයග‍්‍රාහිකව ජීවත්විය හැකිය.

යේසුස්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා නොකරන්න.

යේසුස්වහන්සේ කළ ක්‍රියාව අප විශ්වාස කළ නිසයි ඒ නාමය භාවිතා කරන්නට අපට අයිතිය දෙනු ලබන්නේ.

ඒ නාමය තුළ තිබෙන වටිනාකම ඔබ පිළිගන්න.

ක්‍රියා 4:12
වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

යේසුස්වහන්සේව රසබලා දැනගන්න උන්වහන්සේ යහපත් බව.

යේසුස්වහන්සේගේ රසවත්භාවය අන් අයට කියා දෙන්න. අන් අයට ගොස් සාක්ෂි දරන්න.

යේසුස්වහන්සේගේ නාමය ප‍්‍රකාශ කළ යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙනය. එවිට ශුද්ධාත්මයාණන්වහන්සේ ඒ තුළින් ක‍්‍රියා කරයි.

ඒ නාමයේ බලය ක්‍රියාත්මක වෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙනි.

යේසුස්වහන්සේගේ නාමය තුළින් යහපත් දේ සිදුවෙන්නට පටන් ගත් කළ ඔබට බයිබලය කියවීමට ආශාවක් ඇතිවේ. බයිබලයේ ඔබ වෙනුවෙන් පොරොන්දු රාශියක් ඇත. ඒ සෑම පොරොන්දුවක්ම අපට යේසුස්වහන්සේගේ නාමයෙන් ලබා ගත හැකිය.

හිතෝපදේශ 10:22
ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ස්වාමීන්වහන්සේගේ නාමය යනු යේසුස්වහන්සේගේ නාමයයි. උන්වහන්සේගේ නාමය අපට පොහොසත්කම ලබා දේ.

උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන තැනැත්තා කිසි කලෙක ලැජ්ජාවට පත්වන්නේ නැත.

යේසුස්වහන්සේගේ නාමය අපට සුවය ගෙන දෙන්නේය, එයට කවදාවත් දුකක්, වේදනාවක් ඇති වන්නේ නැති බව විශ්වාස කරන්න.

ස්වාමීන්වහන්සේගේ නාමය අපව භයාදුකමෙන් නිදහස් කරමින් එයට මරණ බිය ඇති නොවන බව විශ්වාස කරන්න.

ස්වාමීන්වහන්සේගේ නාමය අපගේ පවුලට සමාදානය ගෙන දුන්සේක. එයට කවදාවත් වියවුල්භාවයක් ඇති නොවන බව විශ්වාස කරන්න.

ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය ඔබගේ ආශාවන් ඉෂ්ට කර දෙන්නේය.

ස්වාමීන්වහන්සේගේ වචනය කවදාවත් සුළු නොකරන්න, සැක නොකරන්න. උන්වහන්සේගේ වචනය සුළු කරන කළ ඔබ ඔබවම සුළු කර ගන්නෙහිය.

ස්වාමීන්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටම එකාකාරය.

ස්වාමීන්වහන්සේගේ යහපත අපගේ ජීවිතේ උතුරායයි. ඔබට පුළුවන්නම් විශ්වාස කරන්න උන්වහන්සේට සියල්ල පුළුවන.

යෙසායා 1:19
නුඹලා කැමැතිව කීකරුවන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්තිවිඳින්නහුය.

උන්වහන්සේගේ ආශීර්වාද භුක්ති විඳින පිණිස ඔබ කැමතිව කීකරු විය යුතුයි.

යක්ෂයා සිටින්නේ නොපෙනෙන ලෝකයක නිසා අප කොයි රටක සිටියත් ඌට පහර දෙන්නට පුළුවන. නමුත් ඔබ ස්වාමීන්වහන්සේ කියන ස්ථානයේ සිටියොත් දේව ආශීර්වාදය ඔබ තුළ පවතියි.

ඔබ කොතැනකට ගියත් යේසුස්වහන්සේගේ නාමයට වඩා උතුම් නාමයක් ඔබට සොයාගත නොහැකිය. ඒ නාමයෙන් මිසක ඔබට ගැළවීමක්, සුවයක්, මිදීමක් නැත.

ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය මරණයේ භය ඉවත් කරමින් අපට ඇදහිල්ල ඇතිකර තිබෙනවා.

ඔබ කිසිම යක්ෂ ආත්මයකට භය නැති, මනුෂ්‍යයන්ගේ ශාපයන්ට භය නැති, ඇදහිල්ලේ යෝධයෙකු බවට පත්වී සිටියි.

දෙවියන්වහන්සේ අපහට භයාදුකමේ ආත්මයක් දී නැත.

භයාදුකම ඇතිවන්නේ භයාදුකමේ දේවල් ඇසීමෙනි. ඔබ භයාදුකමේ දේවල් ඇසීමෙන් වළකින්න.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි.
ඇදහිල්ල ක්‍රියාවට නංවන්නේ ඔබගේ කැමැත්ත හා කීකරුකම ප්‍රකාශ කිරීමෙනි.

ඔබ ඇදහිල්ලේ වචන ප‍්‍රකාශ කරන්න. ඔබ උන්වහන්සේගේ වචන කතා කරන්න.

මතෙව් 18:20
මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.

ස්වාමීන්වහන්සේ පවසන්නේ දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටින ස්ථානයේ උන්වහන්සේ සිටීන බවයි.

ඔබගේ ජීවිතයට ප‍්‍රයෝජනවත් වන බයිබල් පද දුටු කළ එය තව තව කියවන්න, මෙහෙහි කරන්න. එහි එළිදරව්ව ලබා ගන්න. එය විශ්වාස කරන්න.

ඔබ දේශයේ සාරවත්කම ගැන කතා කරමින් භුක්තිවිඳින්න.

දිනපතා දෙවියන්වහන්සේ අපගේ සැපයුම්කරුයි. උන්වහන්සේ අපගේ මූලාශ්‍රයයි. අප උන්වහන්සේගේ මූලාශ‍්‍රයෙහි රැදී සිටිනවානම් අපට කවදාවත් හිඟතාවයක් ඇති වන්නේ නැත.

ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය ඔබ රැකියා කරන ස්ථානයේ තිබේ. උසස්වීම් පැමිණෙන්නේ ස්වාමීන්වහන්සේගෙනි.

ගීතාවලිය 75:4‭-‬6
අහංකාරලෙස ක්‍රියා නොකරව්යයි අහංකාරීන්ටත් අඟ උස් නොකරව්යයි දුෂ්ටයන්ටත් කීමි. නුඹලාගේ අඟ උස් නොකරව්; තද කුළල් ඇතිව කථා නොකරව්. මක්නිසාද උසස්කම නැගෙනහිරින්වත් බස්නාහිරින්වත් දකුණෙන්වත් නොවන්නේය.

ඔබ අහංකාරමෙන් හෝ තද සිත් ඇතිව නොසිටිය යුතුයි.

ඔබ යම් දෙයක සිරවී සිටිනවානම්, අහංකාරකමේ තද සිතින් නොසිට එය කියාදී අතහැර නිදහස්වන්න.

දෙවියන්වහන්සේගේ යහපත අත්දකින්න.

යටත්වීම තුළින් දෙවියන්වහන්සේගෙන් බොහෝ දේ අත්විඳිය හැක. ඔබ යටහත් නොවුවහොත් ශුද්ධාත්මයාණන්වහන්සේට ඔබ තුළ ක‍්‍රියා කළ නොහැකිය.

දෙවියන්වහන්සේ කවදාවත් අහංකාර අයට අත ගසන්නේ නැත.

ඔබ සමාව දීමෙන් ඔබට ඉබේම සුවය ලබාගත හැකියි.

ඔබ තිත්තකමෙන් හෝ වෛරයෙන් සිටිනවානම් ඔබේ ආශීර්වාදය හිමිකර ගත නොහැකිය.

ආශීර්වාදය, උසස්වීම සහ දියුණුව ඔබේ ජීවිතයට පැමිණෙන පිණිස බලා සිටියි.

දෙවියන්වහන්සේ විනිශ්චයකරුයි. උන්වහන්සේ දෙස බලමින් ඔබගේ වචන වෙනස් කරමින් ආශීර්වාද ලබාගන්න.

ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ඔබට ප්‍රයෝජනවත්ය. දෙවියන්වහන්සේ ඔබ ගැන සළකන බව විශ්වාස කරමු.

1 පේතෘස් 5:5
එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙන්න. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැළඳගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක.

යටහත් පහත්කම වස්ත්‍රයක් හා සමානය. ඒ වස්ත්‍රය අපි පළඳින්නේ නැතිනම් අපි ලැජ්ජාවට පත්වන්නෙමු.

යටහත්කමෙන් සිටින්නන්ට උන්වහන්සේ අනුග්‍රහය වැඩිකරනසේක.

යටහතුන්ට ස්වාමීන්වහන්සේගෙන් උපකාර ලැබෙන්නේය

ඉහළට යන මාර්ගය යටහත්කමෙන් සිටීමයි.


Watch the Sermon Video

Read 398 times