+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු
ආත්මයෙන් නමස්කාර කිරීම - යෝෂා මනූ

April 14, 2024 Sunday Sermon Notes

 

කිරි සහ පැණි යනු ස්වාමීන්වහන්සේගේ සුවය හා සඵලත්වයයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප සියලු දෙනාම යහපත භුක්ති විඳීමයි. එය කිසිදා වෙනස් නොවෙයි.

සුවය මිදීම ආලේපය මේ සියල්ලම අප භුක්තිවිඳිය යුත්තේ මේ පොළොවේය.

ඔබ භුක්තිවිඳීමට යන්නාවු දේවල් ඔබ සතු බව ඔබ ප‍්‍රකාශ කරන්න. එවිට ඔබගේ මනසට වධ දෙන සිතුවිලි ගෙන එන්නට යක්ෂයාට නොහැකිය.

ඔබ කතා කරන වචන ඔබගේ මනසට තැන්පතුවක් බවට පත්වේ. අවශ්‍ය මොහොතේදී එය ඔබගේ මුඛයෙන් ගලා එයි.

යෝබ් 36:11
ඔව්හු ඇහුම්කන්දී උන්වහන්සේට මෙහෙකළොත්, තමුන්ගේ දවස් ඉසුරෙන්ද තමුන්ගේ අවුරුදු සැපතින්ද පසු කරන්නෝය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපගේ දවස් ඉසුරින් පිරී අප හොඳ සුවයෙන් ජීවත්වීමයි.

ඔබ උපයන දේ ඔබගේ ජීවිතයටත්, අන් අයගේ ජීවිතවලටත් ආශීර්වාදයක් කර ගන්න.

මූලික කරුණු

ආත්මික ජීවිතයේ යහපත් අත්තිවාරම යේසුස්වහන්සේය, ඒ මත අපගේ ජීවිත ගොඩනඟා ගත යුතුවේ.

අපගේ අලුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ හා සම්බන්ධවී මේ පොළොවේ ගත කළ යුතුය.

ආත්මයෙන් මඟ පෙන්වීම ලබාගෙන අප මේ පොළොවේ ජීවත්විය යුතුවේ.

ආත්මයෙන් නමස්කාර කිරීම ඉතාම වැදගත්ය.

නමස්කාරය දෙවියන්වහන්සේගේ හදවතේම තිබෙන දෙයකි.

එළිදරව් පොතේ නමස්කාරය ගැන 21 වතාවක් සඳහන්වේ.

යක්ෂයා නමස්කාරය ලබා ගැනීමට ඉතා කැමතිය.

යේසුස්වහන්සේව පරීක්ෂා කිරීමේදී යක්ෂයාට අවශ්‍යවුයේ නමස්කාරය ලබා ගැනීමටය. (මතෙව් 4:9)

දේව වචනයේ පවසන්නේ අපගේ මැවුම්කාර දෙවියන්වහන්සේට නමස්කාරය අයිතිබවයි.

එළිදරව් 4:9-11
9 ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල, 10 වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා: 11 අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

දෙවියන්වහන්සේ අපව මැව්වේ නමස්කාර සෙනඟක් කිරීමටය.

අප ආත්මයෙන් හා සැබෑකමින් නමස්කාර කළ යුතුය.

යේසුස්වහන්සේ සමාරිය ස්ත‍්‍රිය තුළ තිබූ හිස්බාවය දුටීය. ඇයට සුභාරංචි වචනය දිය යුතු බව යේසුස් වහන්සේට වැටහුනි. (යොහන් 4:9-15)

මෙම ස්ත‍්‍රියගේ ජීවිතයට ලැබුනු එළිදරව්වේ වචනය නිසා ඇය එම සුභාරංචි වචනය මුළු ගම්මානයටම පැවසීය. (යොහන් 4:28-30)

ඔබ පව්කාරයෙක්, නොවටිනා කෙනෙක්, ප‍්‍රතික්ෂේපවූ කෙනෙක් කියා කිසිවිටනොසිතන්න. ඔබගේ ජීවිතය වෙනස්කර ඔබව පාවිච්චි කිරීමට දෙවියන්වහන්සේට පුළුවන.

යේසුස්වහන්සේ සමාරිය ස්ත‍්‍රිය සමඟ කතා කරමින් සිටින විට නමස්කාරය ගැන ඇය ඇසු පැනයේදී යේසුස්වහන්සේ සැබෑ නමස්කාරය ගැන පහදා දෙන ලදි.

යොහන් 4:20-21
20 අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය; නුමුත් මනුෂ්‍යයන් විසින් නමස්කාරකරන්ට යුතු ස්ථානය යෙරුසලමේයයි නුඹවහන්සේලා කියන්නහුයයි කීවාය.
21 යේසුස්වහන්සේ ඈට කියනසේක්: ස්ත්‍රිය, මා විශ්වාසකරන්න, මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය.

යේසුස්වහන්සේ සමාරියේ ස්ත‍්‍රියට පැවසුවේ උන්වහන්සේව විශ්වාස කරන ලෙසය.

යොහන් 4:22 නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය. අපි දන්නා දේට නමස්කාරකරමුව. මක්නිසාද ගැළවීම යුදෙව්වරුනගෙන්ය.

යොහන් 4:23 නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින්
ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක.

දෙවියන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේට නමස්කාර කරනවාටය. උන්වහන්සේට නමස්කාර කරන්නන් උන්වහන්සේ සොයන සේක.

යොහන් 4:24 දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.

නමස්කාර කළ යුත්තේ ආත්මයෙන් හා සැබෑකමෙන්ය.
ආත්මයෙන් යනු ශුද්ධාත්මයාණන් වහන්සේගේ පෙළඹවීම තුළින්,
සැබෑකමෙන් යනු දෙවියන්වහන්සේගේ වචනයෙන්ය.

අපගේ පෞද්ගලික ජීවිතයේද දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුයි.

ඔබ ගායනා කරන ගීතිකා පමණක් නමස්කාරය නොවේ. ඔබගේ සෑම ක‍්‍රියාවකින්ම දෙවියන්වහන්සේට නමස්කාර කළ යුතුය.

හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප‍්‍රශංසා කළ යුතුය. (ගීතාවලිය 150:6)

යොහන් 6:63 ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි.

අපි මාංසයෙන් ජීවත්වන්නේ දෙවියන්වහන්සේට නමස්කාර කිරීමටය.

අපගේ මුඛයෙන් නික්මිය යුත්තේ දෙවියන්වහන්සේට ආත්මයෙන් හා සැබෑකමින් යුතු නමස්කාරයයි.

පිලිප්පි 3:3
මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය.

බයිබලයේ නමස්කාරය යන වචනය මුලින්ම තිබෙන්නේ උත්පත්ති පොතේය. ඒ ආබ‍්‍රහම් ඊසාක්ව පූජා කිරීමට රැගෙන යන අවස්ථාවේදීය. (උත්පත්ති 22:5)

චර්මඡේදනය ආරම්භවුයේද ආබ‍්‍රහම්ගෙනි
.(උත්පත්ති 17:10-14)

යේසුස්වහන්සේ පැමිණෙද්දී උන්වහන්සේගේ සෙනඟ චර්මඡේදිතයෝව සිටියත් ඔවුන් උන්වහන්සේව නොසොයන ලදි.

යේසුස්වහන්සේගේම සෙනඟ උන්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන ලදි.

උන්වහන්සේ සමහර අවස්ථා වල ඔවුන්ට සර්පයින්, පොළොං වංශය ලෙසින් හඳුන්වයි. මන්ද මේ සෙනඟ යේසුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කරන බව උන්වහන්සේ දැන සිටියහ.

අප වතුර බව්තිස්මය ගන්නා විට දෙවියන්වහන්සේ අපගේ හදවත චර්මඡේදනය කරයි.

අපට මංසයෙන් දෙවියන්වහන්සේට නමස්කාර කළ නොහැක. නමස්කාර කළ හැකි වන්නේ ආත්මයෙන් පමණි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයක්ය.

අලුත් ගිවිසුම තුළ දෙවියන්වහන්සේ අපගේ හදවත චර්මඡේදනය කර ඇත.

අපි උන්වහන්සේට නමස්කාරයේ පූජා කරමු.


Watch the Sermon Video

Read 44 times