+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මූලික කරුණු - ආත්මයෙන් ගමන් කිරීම - යෝෂා මනූ
April 7, 2024 Sunday Sermon Notes

 

අප උදෑසන නැඟිටින විට හොඳ සුවයෙන් සිටීම ඉතා වැදගත්ය. එය දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

දෙවියන්වහන්සේගේ කැමැත්ත කවදාවත් වෙනස් නොවෙයි. තරුණ වයසේ පමණක් නොව, අප සැමදා සුවෙන් සිටිය යුතුය.

දෙවියන්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරය. (හෙබ්‍රෙව් 13:8)

ලොකු කුඩා, තරුණ සහ මහලු සියල්ලන්ටම සුවය අවශ්‍ය දෙයකි. එය වෙනස් නොවන්නාවු දෙවියන්වහන්සේගේ කැමැත්තයි.

දෙවියන්වහන්සේ වචනය එවමින් සුවය ස්ථීර කළ සේක.

අපි එම සුවය උදෙසා දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වෙමු.

ගැළවීම ලැබූ පසු අපගේ ජීවිතයේ දැනගත යුතු මූලික කරුණු අපි හදාරමින් සිටින්නෙමු.

කිතනු දිවියේ මූලික කරුණු උපයෝගි කරගෙන අපි ගොඩනඟන්නාවු අත්තිවාරම ඉතා වැදගත්ය.

අප අළුත් මනුෂ්‍යයෙක් බව දැන ජීවත්වීමද වැදගත්ය.
ආත්මයෙන් ගමන් කිරීම ඊලඟ කාරණාවයි.

මෙතෙක් කාලයක් අප ගමන් කළේ මාංසාකරවයි. ආත්මයෙන් ගමන් කිරීම අප නොදැන සිටින ලදි. මන්ද පළමු මනුෂ්‍යයා කළාවු පාපය හේතුකොටගෙන අප මව් කුස පටන්ම උපදින්නේ පව්කාර ස්වභාවයෙනි.

අප යේසුස්වහන්සේව පිළිගෙන ගැළවීම ලබා ගත් පසු අප තුළට ජීවනය ඇතුල්වූවා. දැන් අප අපගේ ගමන වෙනස් කර ඇත.

දෙවියන්වහන්සේ අප තුළට උන්වහන්සේගේ ආත්මය එවීමෙන් අපගේ ගමන් මඟ වෙනස් කරන ලද්දේය.

මෙම ආත්මික ගමන් මඟ ගමන් කිරීමට අපට දෙවියන්වහන්සේගේ උපකාරය අවශ්‍යවේ.

මෙතෙක් කල් අපගේ මාංශයේ ගමන අපි කැමති කැමති ආකාරයෙන් ගමන් ජීවත් වී සිටියෙමු. එහෙත් අප යේසුස්වහන්සේ ස්වාමීන් කියා අපගේ මුඛයෙන් පවසා උන්වහන්සේව පිළිගත් දින පටන් උන්වහන්සේ අපව මලදී ගන්නා ලදි.

ස්වාමීන්වහන්සේ අපව මිලදී ගත් නිසා පියාණන්වහන්සේ, පුත‍්‍රයාණන්වහන්සේ, ශුද්ධාත්මයාණන්වහන්සේ යන මුළු දේවත්වයම දැන් අප තුළ ජීවත්වේ.

ශුද්ධාත්මයාණන්වහන්සේට කීකරුවී මේ ගමන ගමන් කිරීමට දැන් අපට ගණන් දීමක් තිබේ.

ආත්මයෙන් ගමන් කිරීම යනු ශුද්ධාත්මයාණන් තුළ හැසිරීමයි.

අපි අත්මයෙන් ඉපදී සිටිය යුතුයි.

යක්ෂයාගේ අශුද්ධාත්මයයි. දෙවියන්වහන්සේගේ ආත්මය ශුද්ධාත්මයයි. එය අප වෙන් වශයෙන් හඳුනා ගත යුතුය.

අප තුළ ක‍්‍රියා කරනුයේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ ආත්මයයි. ඒ අනුව ජීවත්වීමට අප තෝර ගත යුතුය.

අප ආත්මයෙන් නව උත්පාදනයක් ලබා ගත් පසු දෙවියන්වහන්සේ සමඟ ආත්මයෙන් ගමන් කිරීමට අප තීරණය කළ යුතුය.

ආත්මයාණන්වහන්සේ අප තුළට පැමිණ, අප තුළ වාසය කරනවා යන සත්‍යතාව අපට දැන ගත හැකි වන්නේ දේව වචනය තුළිණි.

අප මෙතෙක් කල් ජීවත්වූයේ මාංශාකාරයෙනි. ( 2 කොරින්ති 5:7)

ආත්මයාණන්වහන්සේගේ මඟ පෙන්වීම අප පියවරෙන් පියවර ඉගෙන ගනිමින් ශුද්ධාත්මයාණන් වහන්සේට කීකරු වී ගමන් කළ යුතුය.

යේසුස්වහන්සේ මේ පොළොවේ උපත ලබා, ජීවත්වුණේ ආත්මයාණන්ගේ උපකාරයෙනි.

දිනක් රාත‍්‍රී කාලයේ යේසුස්වහන්සේව මුණගැසීමට නිකොදේමුස් නම් ඵරිසිවරයෙක් පැමිණියේය.

ඔහු යේසුස්වහන්සේට “රබ්බි” “ගුරුතුමා” කියා ආචාර කරන ලදි.

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ වෙතින් ආ ගුරුවරයෙක් කියා ඔවුන් දන්නා බවත් එසේ නොමැති නම් මේ හාස්කම් කිරීමට කිසිවෙකුට නුපුළුවන් බවත් ඔහු පැවසීය. (යොහන් 3:2)

යේසුස්වහන්සේ මේ පොළොවේ ක‍්‍රියා කළේ ආත්මික තලයේ දෙවියන්වහන්සේ හා සම්බන්ධකමක් ඇතුවයි.

යේසුස්වහන්සේ නිකොදේමුස්ට පැවසුවේ, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකි බවයි.

යොහන් 3:3 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ට නොහැකියයි ඔහුට කීසේක.

යමෙකුට සත්‍යතාවය තේරුම් ගත හැක්කේ යේසුස්වහන්සේව ස්වාමීන් කියා ප‍්‍රකාශ කරමින් පිළිගතහොත් පමණි. මන්ද මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ මනස් අන්ධකර ඇත. (2 කොරින්ති 4:4)

යොහන් 3:4 නිකොදේමුස් උන්වහන්සේට කථාකොට: මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්ට පුළුවන් කොහොමද? දෙවෙනි වර මවුකුසට ඇතුල්ව උපදින්ට පුළුවන්දැයි උන්වහන්සේට කීවේය.

යේසුස්වහන්සේ පැවසූ ආත්මික අර්ථය නිකදේමුස්ට තේරුම් ගැනීමට අපහසුවූ බැවින් උන්වහන්සේ එය ඔහුට පහදා දුන්නේය.

යොහන් 3:5 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් සැබවක් නුඹට කියමි–යමෙක් වතුරෙන්ද ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙන්ට බැරිය.

යේසුස්වහන්සේ පවසන්නේ යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්ටත්, ඇතුල්වෙන්ටත් නොහැකි බවයි. මන්ද මෙම නව උපත සිදුවන්නේ ආත්මයණන්වහ්සේ තුළිණි.

අපගේ ජීවිතයේ ”මම දැන් ආත්මික පුද්ගලයෙක්” යන මූලික සත්‍යතාව දැන සිටීම ඉතා වැදගත්ය.

නව උපතක් සිදු නොවුනොත් කවදාවත් හැරීමක් සිදුවන්නේ නැත.

යොහන් 3:6 මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.

මාංශයෙන් උපදින කෙනා තාවකාලිකය ඔහුගේ මරණයෙන් පසුව ඔහුට හිමිවන්නේ නිරයයි.

මේ පොළොවේදී අප යේසුස්වහන්සේව පිළිගෙන ආත්මිකව ඉපදුනහොත් අපට ඒ මොහොතේම සදාකාල ජීවිතයද, ස්වර්ග රාජ්‍යයද හිමිවේ.

යොහන් 3:7 නුඹලා අලුතෙන් උපදින්ට ඕනෑයයි මා කීවාට පුදුම නොවන්න.

ලෝකයාට මෙම නව උපත පුදුමයකි.

යේසුස්වහන්සේ උගන්වන විට උපහැරණ ගෙනහැර දක්වමින් එය පහදා දෙන ලද්දේය.

කනස්සලුභාවය පිළිබඳ පක්ෂීන්ව උපහැරණයට ගන්නා ලදි. (මතෙව් 6:26-31)

බීජ වැපිරීම පිළිබඳ - (මතෙව් 13:1-9) යනාදී........... ඕනැම කෙනෙකුට තේරුම් ගන්නට පුලුවන් වන පරිදි උන්වහන්සේ එය තෝරා දෙනු ලැබුවේය.

නිකොදේමුස්ටද යේසුස්වහන්සේ සුළඟ උපහැරණ කොට එය පහදා දුන්නේය.

යොහන් 3:8 හුළඟ කැමති කැමති තැනට ගසයි, එහි ශබ්දය නුඹට ඇසෙයි, නුමුත් කොතැනින් එන්නේද කියාවත් කොතැනට යන්නේද කියාවත් නුඹ දන්නේ නැත. ආත්මයාණන්ගෙන් ඉපිද සිටින සියල්ලෝම එසේමයයි කීසේක.

වචනයයි ආත්මයයි එකට ක‍්‍රියා කරයි. අපගේ නව උපත ලබා ගන්නේ දේව වචනයෙන් හා ආත්මයෙනි.

1 පේතෘස් 1:23 මක්නිසාද නුඹලා කුණුවෙන්නාවූ බීජවලින් නොව දෙවියන්වහන්සේගේ ජීවමානවූ පවතින්නාවූ වචනය කරණකොටගෙන, කුණු නොවෙන්නාවූ බීජවලින් නැවත උත්පාදකරනු ලැබුවහුය.

ඉහළ අහසේ පියාසර කිරීමට රාජාලියෙකුට පියාපත් දෙකම අවශ්‍යය සේ අපටද නව උපත තුළ වර්ධනයට ආත්මයත් වචනයත් දෙකම අවශ්‍යවේ.

ශුද්ධාමයාණන් වගුරු වන පිණිස අපගේ භාජන අලුත් විය යුතුයි.

‭‭මතෙව් 9:16-17 මාක් 2:21-22
කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. [17] අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක.

අපගේ ශරීර දෙවියන්වහන්සේගේ මාළිඟාවයි එය ශුද්ධව තබා ගැනීම අපගේ වගකීම වේ.

1කොරින්ති 6:17
නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

ආත්මිකව මනුෂ්‍යයා ජිවත්වන්නේ ධර්මිෂ්ඨවය.

1 කොරින්ති 6:18
වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.

ආත්මිකව ඉපදුනාට පසු අපගේ එකම ස්වාමියා දෙවියන්වහන්සේය. අපට වෙන ස්වාමිවරුන් තබා ගත නොහැක. එසේ කරන්නා වෛශ්‍යකම් කරන්නෙකුට සමානය.

1 කොරින්ති 6:19
නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?

ශුද්ධාත්මය වගුරනුයේ නව මනුෂ්‍යයා තුළට පමණි.

1කොරින්ති 6:20
නුඹලා නුඹලාටම අයිති නැත; මක්නිසාද නුඹලා මිලේටගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

දේව කැමැත්ත අප තුළ ආරම්භ වන්නේ ආත්මිකව ඉපදීමෙන් පසුවයි.

යේසුස්වහන්සේගේ උපත සහ ජීවිත ගමන දෙස බැලුවොත් ශුද්ධාමයාණන්ගේ උපකාරය තුළින් සියල්ල කරනු ලැබුවේය.

උන්වහන්සේගේ උපත
මතෙව් 1:18 යේසුස්හවන්සේ මරියාගේ කුස තුළ පිළිසිඳ ගත්තේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.

ලූක් 1:35 දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.

යේසුස්වහන්සේගේ බව්තිස්මයේදී
ලූක් 3:16 යොහන් සියල්ලන්ට උත්තර දෙමින්: මම වනාහි වතුරෙන් බව්තීස්ම කරමි; නුමුත් මට වඩා බලවන්තයා එනසේක, උන්වහන්සේගේ වහන්වල පටිය මුදන්ටවත් මම නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්ම කරනසේක.

ලූක් 3:22 ශුද්ධාත්මයාණන්වහන්සේ රූපාකාරයෙන් පරෙවියෙකු මෙන් උන්වහන්සේ පිටට බැස්සසේක. එවිට: නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් නික්ම ආයේය.

සාතන් පරික්ෂාකරනු ලැබීමේදී
ලූක් 4:1 යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, යොර්දානෙන් හැරී ඇවිත්, යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබමින්, ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන….දවස් 40 ක් නිරාහාරව සිටිසේක.

සේවයේදී
ලූක් 4:14 එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය.

ලූක් 4:18 ස්වාමීන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනාකරන්ට උන්වහන්සේ මා ආලේපකළසේක; වහලුන්ට මිදීම සහ අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශකරන්ටද මඩනාලද්දවුන් නිදහස්කර හරින්ටද

ආත්මිකව ගමන් කිරීමේ හොඳම උදාහරණය යේසුස්වහන්සේය.

ආත්මිකව ගමන් කළෙහොත් ඔබට ජයග‍්‍රාහිකව සාර්ථක ජීවිතයක් ගත කිරීමට පුළුවන.


Watch the Sermon Video

Read 27 times