+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ෂාලොම් සමාදානය වේවා! - මනූ මැතානි
April 28, 2024 Sunday Sermon Notes


ආත්මයෙන් වර්ධනය වන ක, අපට මංසයෙන් ගමන් කිරීමට අවශ්‍ය නොවේ.

දේව වචනය තුළින් අප වර්ධනය වන ක, නොදැනුවත්වම අප ආත්මික දේ කරයි.

හොඳම රහස දේව වචනය තුළ පැවතීම, මෙනෙහිකිරීම, වචනය කථා කිරීම හා වචනයට මුල්තැන දීමයි.

ඔබගේ ආත්මික වර්ධනය තුළින් ඔබ තුළ තිබෙන අනෙකුත් දේ නැතිවී යයි.

ඔබගේ ආත්මික වර්ධනය ඉතාම වැදගත්ය. එයින් අපට ආත්මයෙන් ගමන් කිරීමට පුළුවන්කම ඇත.

ඔබ ස්වාමීන්වහන්සේ සමඟ කාලය ගත කරමින් ආත්මික ආහාර ගන්නා කල ආත්මයෙන් ගමන් කිරීම එතරම් අපහසු නැත.

ආත්මිකව ගමන් කිරීම අසීරුයැයි හැඟෙන්නේ ආත්මික වර්ධනය නොසලකා හරින නිසාවෙනි.

වැරදි පුද්ගලයන් දෙස නොබලන්න. ආත්මික වර්ධනයක් නොමැතිව බයිබලය හොඳින් දැනගැනීම පමණක් ප‍්‍රමාණවත් නැත.

කෙනෙකුගේ ආත්මික වර්ධනය තුළින් ඒ තැනැත්තාගේ ජීවිතය වෙනස් වීමෙන් ඵල හට ගන්නට පටන් ගන්නේය. කථා කරන විලාසය, ඇසුරුකරන්නන්, ගමන් කරන තැන් පවා වෙනස් වන්නේය.

වැරදි පුද්ගලයන් ඇසුරෙන් ඔබගේ චරිතයට හානි ගෙනදේ.

‭1 කොරින්ති 15:33
[33] නොරැවටෙන්න. නපුරු සමාගමෙන් හොඳ චරිත නරක්වන්නේය.

ඔබ තුළ ඇති හොඳ චරිතය ඔබගේ ආත්මික වර්ධනයයි.

ඔබ ඇසුරුකරන්නන්ගේ පිටස්තරය නොබලා, ඒ අයගෙන් ඔබට බලපෑමක් වේද කියා ආත්මයෙන් විමසා බලන්න.

ආත්මිකව වර්ධනය වීමේදී අපි මනුෂ්‍යයන් සතුටු නොකර දෙවියන්වහන්සේට ප‍්‍රසන්න දේ කරමු.

සියල්ලන් සතුටු කිරීමට ගොස් ඔබගේ ආත්මික වර්ධනය නැතිකර නොගන්න.

මනුෂ්‍යයන් සමඟ කරුණාවන්තව කථා කරමින් ඒ අය හා සුහදව ඇසුරු කළත් ඔබගේ ආත්මික ජීවිතය ඔබ ප‍්‍රවේසම් කර ගත යුතුය.

සමහර මනුෂ්‍යයන් තම අභ්‍යන්තර දැනුම පිට කිරීමට කැමතිය. නමුත් බොහෝවිට අප වචනය පිටකරන්නන් නොව අසන්නන් විය යුතුය.

‭යාකොබ් 1:19
[19] මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.

ඇහුම්කන් දෙන විට ඔබට යමක් ඉගෙන ගත හැකිය.

පළමුව ඔබ අසා හරියාකාරව තේරුම් ගෙන කථා කරන්න.

යමෙක් කියනා දෙය ඔබ තේරුම්ගෙන හරියාකාරව ඇසුවහොත් ඔබ උදහස්වීමට ඉක්මන් නොවේ.

ගිඩියොන්ට තමා මියයයි කියා භයක් ඇතිවුණි. නුමුත් ස්වාමීන්වහන්සේ පැවසුවේ, “සමාදානය වේවා; භය නොවන්න” කියාය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:23
[23] ස්වාමීන්වහන්සේ: නුඹට සමාදානය වේවා; භයනොවන්න. නුඹ නසින්නේ නැතැයි ඔහුට කීසේක.

ඔබට සමාදානය වේවා! ෂාලොම් වේවා!

ෂාලොම් යන වචනයෙන් අර්ථවත් වන්නේ සමාදානය, සඵලත්වය සුවසේ සිටීම හා රැකවරණයයි.

“ඔබට ෂාලෝම් වේවා!” යි අප නිතර ප‍්‍රකාශ කරමු.

විනිශ්චයකාරයන්ගේ පොත 6:24
එවිට ගිඩියොන් එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, *යෙහෝවා-ෂාලොම් යන නාමය ඊට තැබුවේය. එය අද දවස දක්වා අබියෙශ්‍රීවරුන්ට අයිති ඔප්‍රාහි තිබේ. (* එනම්, ස්වාමීන්වහන්සේ සමාදානයය)

ස්වාමීන්වහන්සේ ඔබට සමාදානය, සඵලත්වය හා සුවය ගෙන දේ.

සමාදානය යනු කැළඹිලි තත්වයක් තුළදී ද ඔබ තුළ දිව්‍යමය සමාදානය තිබීමයි.

දෙවියන්වහන්සේ හාස්කම් කරන්නාවු තැනන්වහන්සේය. ප‍්‍රශ්න මැදදී වූවත් දෙවියන්වහන්සේ ඔබට සමාදානය දෙන බව විශ්වාස කරන්න.

ඔබ වෙනුවෙන් ක‍්‍රියා කරන්නට දෙවියන්වහන්සේට විවිධාකාර මාර්ග ඇත.

ධර්මිෂ්ඨයා ජීවත් වන්නේ ඇදහිල්ලෙනි.

සමාජයේ කොතරම් රෝග, පීඩා, වසංගත තිබුණත්, “ෂාලොම්” දෙවියන්වහන්සේ ඔබට සම්පූර්ණ සුවය, මිදීම හා ආරක්ෂාව දී ඇත.

ඔබ කළ යුතු වන්නේ දෙවියන්වහන්සේ තුළ පැවතීමයි. දෙවියන්වහන්සේ පවසන දේවල් පැවසීමයි.

ප්‍රකාශය යන්නෙන් අදහස් කරන්නේ, දෙවියන්වහන්සේ පවසා ඇති දේවල් පැවසීමයි.

දෙවියන්වහන්සේ ඔබට “ෂාලොම් වේවා” යි පවසන කල. ඔබ ඔබටම “ෂාලොම් වේවා” යි පවසාගන්න. එසේයයි ස්වාමීනී, අමෙන් කියා පවසන්න.

අප නමස්කාර කරන්නේ ෂාලෝම් දෙවියන්වහන්සේටයි. මාගේ සමාදානයයයි.

අපගේ බලාපොරොත්තුව, විශ්වාසය දෙවියන්වහන්සේ කෙරෙහි පමණය.

අප සියල්ල දැකිය යුතු වන්නේ ෂාලෝම් දෙවියන්වහන්සේ තුළිණි.

යොහන් 16:33
[33] මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

වෙන කිසිවක් තුළ නොව, ස්වාමීන්වහන්සේ තුළයි සමාදානය තිබෙන්නේ.

දෙවියන්වහන්සේ ස්ථීරයි, උන්වහන්සේ කිසිදා වෙනස් වන්නේ නැත.

දෙවියන්වහන්සේ තුළ පවතින කෙනෙක් නම් ඔබ කිසිසේත්ම කළකිරීමට පත්විය යුතු නැත.

ඉෂ්ට නොකරන කිසිවක් දෙවියන්වහන්සේ පවසන්නේ නැත. දෙවියන්වහන්සේගේ වචනයට උන්වහන්සේ බැඳී සිටියි.

ගණන් කථාව 23:19
[19] බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

බොරු කියන්නට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක් නොවෙයි.

ඔබ මනුෂ්‍යයා මත විශ්වාසය තබනවානම් දෙවියන්වහන්සේගේ ඔබට දොරටු වසා දමයි.

ඔබට සපයා දෙන්නට දෙවියන්වහන්සේට විවිධාකාර මාර්ග ඇත. ඕනෑම කෙනෙක් පාවිච්චි කර, ඔබ ඔබගේ අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ දීමට දෙවියන්වහන්සේට පුළුවන.

එලියාට කෑම කන්ට දෙන්ට දෙවියන්වහන්සේට කපුටෙකු පාවිච්චි කිරීමට පුළුවන් වුණා. (1 රාජාවලිය 17:4)

කපුටා යනු බඩජහරි සතෙකි. ඌට අසුවෙන දේ කනවා හැරෙන්නට කිසිසේත්ම එය සුරක්ෂිතව වෙන කෙනෙකු වෙතට රැගෙන යන්නෙක් නොවේය. එලෙසම කිසිසේත්ම සිතා ගත නොහැකි පුද්ගලයෙක් පාවිච්චි කර ඔබට යමක් ලබා දීමට දෙවියන්වහන්සේට පුළුවන.

ශාරෙපත්හී සිටි වැන්දඹු ස්ත‍්‍රියට තිබුණේ පිටි මිටකුත් කුලාවක තෙල් ටිකකුත් පමණි. එහෙත් එලියාට කන්ට දීමට දෙවියන්වහන්සේ ඇයව පාවිච්චි කරන ලදි. (1 රාජාවලිය 17:11-16)

තීතස් 1:1
[1] බොරු නොකියන දෙවියන්වහන්සේ පූර්ව කාලවලට ප්‍රථමයෙන් පොරොන්දුවුණාවූ,

දෙවියන්වහන්සේ බොරු නොකියන තැනන්වහන්සේය.

අපට උපකාර කරන ස්වාමීන්වහන්සේ අපව නිතරම සනසන්නාවූ, සුවකරන්නාවූ, ප්‍රශ්න කරදර විසඳන කෙනෙකුය. ආරක්ෂාව දෙන දෙවියන්වහන්සේය. අප එය විශ්වාස කළ යුතුය.

2 තිමෝති 2:11
[11] මේක විශ්වාසවූ කීමක්ය: අපි උන්වහන්සේ සමඟ මැරුණෙමු නම් උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුව.

අප තුළ සිටි පරණ මනුෂ්‍යයා මැරී දැන් අප ජීවත්වන්නේ දෙවියන්වහන්සේ තුළයි.

2 තිමෝති 2:12
[12] අපි ඉවසමු නම් උන්වහන්සේ සමඟ රජකම්කරන්නෙමුව. අපි උන්වහන්සේ නාඳුනමුය කියමු නම්, උන්වහන්සෙත්: නුඹලා නාඳුනමියි කියනසේක.

දෙවියන්වහන්සේගේ වචනයට බොරු කරන්ට උන්වහන්සේට බැරිය.

2 තිමෝති 2:13
[13] අප අවිශ්වාසවුණත් උන්වහන්සේ විශ්වාසව සිටිනසේක. මක්නිසාද තමන්වහන්සේගේ වචනය බොරුකරන්ට උන්වහන්සේට බැරිය.

දෙවියන්වහන්සේ පවසන්නේ ඉවසීමෙන් කටයුතු කරමින් දෙවියන්වහන්සේ පවසන වචනය කථා කරන ලෙසය.

දෙවියන්වහන්සේගේ වචනය කථා කිරීම පුරුද්දක් කර ගත යුතුය. සැබෑ ඇදහිල්ල එයයි.

යේසුස්වහන්සේ සියයකට මුලෑදෑනියාගේ මහත් ඇදහිල්ල ලෙස පෙන්වූයේ ඔහු ආධිපත්‍යයෙන් කථා කළ වචනයි. (මතෙව් 8:8-11)

ඔබගේ නියම ඇදහිල්ල ඔබආධිපත්‍යයෙන් කථා කරන වචනයි.

දෙවියන්වහන්සේ මා කැඳවා තිබෙන්නේ “උන්වහන්සේ සමඟ ඇදහිල්ලෙන් ගමන් කරන්න” යි යන විශ්වාසය ඔබ තුළ තිබිය යුතුය.

අප ප‍්‍රකාශ කළ යුත්තේ යේසුස්වහන්සේ පවසන දේය.

දෙවියන්වහන්සේ පවසන දේ අප පවසනවානම්, එය ඔබගේ ජීවිතයටත් වැදගත් වන්නේය, අසන කෙනාටත් වැදගත්ය වන්නේය. ඉන්පසුව එය තවත් කෙනෙකුටද පැවසිය හැකිය.

අප සමාදානය අත්පත් කර ගන්නේ අපගේ ප‍්‍රකාශයෙනි.

යොහන් 16:33
[33] මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.

අසීරු තත්වයන්ගෙන් ඔබ ගමන් කරන කල, යේසුස්වහන්සේ ජය ගත් ආකාරයටම ඔබත් ලෝකයෙන් ජය ගන්නා බවට විශ්වාස කරන්න.

යේසුස්වහන්සේ පොරොන්දු වූ දේ ඉෂ්ට කරන බව අදහන්න. දෙවියන්වහන්සේට කළ නොහැකි දෙයක් නැත.

මනුෂ්‍යයන්ට කළ හැකි වන්නේ සීමා වූ දේ පමණි. එහෙත් සියල්ලට විසඳුම දෙවියන්වහන්සේය. උන්වහන්සේ ෂාලොම් දෙවියන්වහන්සේය.

‭මතෙව් 19:26
[26] යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක.

මනුෂ්‍යයන්ට කළ නොහැකි දේ දෙවියන්වහන්සේට කිරීමට පුළුවන.

අපි වැඩ කරන්නේ දෙවියන්වහන්සේටය. උන්වහන්සේ අපට විපාක දෙන කෙනෙකුය.

කොලොස්සි 3:23-24
[23] නුඹලාට නුඹලාගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, [24] නුඹලා කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය.

වැටුපට වඩා විපාකය මහත්ය.

‭හිතෝපදේශ 10:22
[22] ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය, උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.

ඔබගේ සමාදානය නැතිවී ඇත්නම් එය ඇති කර ගන්න.

ස්වාමීන්වහන්සේ දී තිබෙන සමාදානය තුළ ජීවත්වන්න.

සමාදානය ඔබට මඟ පෙන්වයි. සමාදානය ඔබට උපකාර කරයි. ඔබගේ ජීවිතය වෙනස් අතකට හරවයි.

දේව සමාදානය ඔබව ඉදිරියට ගෙනයයි.

යොහා්වා ෂාලෝම් යන වචනය මත ඔබ විශ්වාසය තබන්න. ස්වාමීන්වහන්සේ සමාදානයයි.

සමාදානය වේවායි පවසමින් ඔබ ජීවත්වන්න.


Watch the Sermon Video

Read 52 times