+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආත්මයෙන් ගමන් කරන්න - මනූ මැතානි
January 19, 2025 Sunday Sermon Notes


ආත්මයෙන් ගමන් කිරීම ඉතා සැහැල්ලුය. නමුත් මාංශයෙන් ජීවිතය ගත කිරීම අමාරුයි, බරයි.

හිතෝපදේශ 13:15
හොඳ නුවණ නිසා කරුණාව ලැබේ; එහෙත් ද්‍රෝහීන්ගේ මාර්ගය රළුය.

ඉශ‍්‍රායෙල් සෙනඟ වහලුන්ව සිටි අවස්ථාවේ දෙවියන්වහන්සේට මොරගැසුවා අපව ගළවාගත මැණව කියා. එහෙත් ඔවුන් ඉන් මිදී පැමිණි පසු විටෙන් විට කොදුරන්න පටන් ගත්තා ඒ වහල් ජීවිතය මීට වඩා හොඳයි කියා.

අප හැඟීම් අනුව ක‍්‍රියා නොකර දෙවියන්වහන්සේ අපව ආත්මයෙන් හා ඇදහිල්ලෙන් ගමන් කිරීමට කැඳවා ඇති බව විශ්වාස කරමු.

සාවුල් මුලින් කිතුනුවන්ට පීඩා කලාවු අයෙක් තමුත් යේසුස්වහන්සේ ඔහුට ප‍්‍රකාශවූ පසු ඔහු පාවුල් බවට පත්වී ඔහුගේ ජීවිතය වෙනස්වුණි.

බයිබලයේ ඔහුගේ ලියවිලිවල ඔහු බොහෝ එළිදරව්වීම් සඳහන් කර ඇත.

සමහර මනුෂ්‍යයන් නොදැනව දෙවියන්වහන්සේ අදහන අයව සුළු කරයි. එහෙත් දෙවියන්වහන්සේව අදහන්නන්ට උන්වහන්සේ යහපත් බව රස බලා දැනගත හැකිය.

ගීතාවලිය 34:8
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.

යේසුස්වහන්සේ කුරුසියේදී පැවසුවේ මොවුන් නොදැන කරන දේට කමාවුව මැණව කියාය. (ලුක් 23:34)

අපට මිදීම ඇත්තේ යේසුස්වහන්සේ කුරුසියේ කළ පාප පූජාව නිසාය.

සදාකාල ජීවනය තිබෙන නිසා අපට මරණ භයක් නැත.

පිලිප්පි 1:21
[21] මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය.

අප ජීවත්වන්නේ ක‍්‍රිස්තුස්වහන්සේගේ ආලේපය තුළින්ය.

පිලිප්පි 1:22-23
[22] නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි. [23] නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය.

අප තුළින් ගලා යන ක‍්‍රිස්තුස්වහන්සේගේ ආලේපය අන් අයටද ආශීර්වාදයක් වෙයි.

පිලිප්පි 1:24
[24] නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකෙරේ.

යේසුස්වහන්සේ අප වෙනුවෙන් මැරුණු බව පිළිගන්නා පුද්ගලයා තුළ ජිවනය ඇත.

යේසුස්වහන්සේ පිළිගෙන උන්වහන්සේ අදහාගන්නා උන්වහන්සේගේ දරුවෙක් වනු ඇත.

ශු. යොහන් 1:12
[12] නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක.

ආත්මයෙන් ගමන් කරනවා යනු දෙවියන්වහන්සේගේ වචනයට කීකරුව ගමන් කිරීමය.

උන්වහන්සේගේ වචනය පිලිපදින විට ආත්මයාණන්වහන්සේ අපට මඟ පෙන්වනු ඇත.

අපි එකිනෙකා ආත්මයෙන් ගමන් කිරීම සහ උන්වහන්සේ සමඟ සමීප සහභාගිත්වයක් පවත්වා ගැනීම ඉතා වැදගත්.

දෙවියන්වහන්සේ කවදාවත් අපගෙන් අහක්ව යන්නේ නැත.

ආත්මයෙන් ගමන් කරන්නා පැකිලීමට පත් නොවෙයි.

1 තිමෝති 6:12
[12] ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

ආත්මයෙන් අපි ඇදහිල්ලේ යහපත් සටනක් සටන් කරන්නේ අප නිතරම ජයගන්න නිසයි.

ආත්මයෙන් ගමන් කිරීම සැහැල්ලු ගමනකි.

2 කොරින්ති 2:14
[14] තවද ක්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලු තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නමැති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.

අපි නිතරම ජයගත්තාවූ සෙනඟ වන්නෙමු. ඔබ පරාජය කිසිදා භාර නොගන්න. පරාජය ඔබ සතු නොවේ.

ඔබ ජයග‍්‍රහණය යන යන සැම තැන පතල කරමින් යන්නෙකි.

යොහන්ව මරා දැමීමට බොහෝ උත්සහ කල යුදෙව් නායකයෝ එය සිදුකල නොහැකිවූ හෙයින් අවසනයේ ඔහුව පත්මොස් දූපතට පිටුවහල් කරන ලදි.

ඒ ස්ථානයේදී ඔහු තව තව ශක්තිමත්ව එළිදරව් පොත පවා ලියන ලදි.

මේ සදාකාල ජීවනය ගැන තේරුම් ගත් අයය.

යේසුස්වහන්සේ අපව මරණයෙන් මුඳවා ඇත.

අප ජීවත්වන්නේ වචනය තුළිනි.

ශු. යොහන් 5:24
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

යේසුස්වහන්සේගේ වචනය නම් උන්වහන්සේ ජීවනය, සත්‍යය හා මාර්ගය බවයි.

ක්‍රියා 4:12
[12] වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපේ ගැළවීමට අවශ්‍යවූ, මනුෂ්‍යයන් අතරේ දෙනලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයයි කීවේය.

අපට ගැළවීම ඇත්තේ යේසුස්වහන්සේගේ නාමයෙන් පමණි. උන්වහන්සේ විශ්වාස කරන්නාට සදාකාල ජීවනය ඇත.

රෝම 6:23
[23] මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

මේ පොළොවට ඉපදෙන හැම කෙනෙක්ම ඉපදෙන්නේ පව්කාරයන් ලෙසයි.

යේසුස්වහන්සේ පිළිගන්නාට සදාකාල ජීවනය ඇත.

යොහන් 5:24
[24] සැබවක් සැබවක් නුඹලාට කියමි–මාගේ වචනය අසා, මා එවූ තැනන්වහන්සේ අදහන්නාට සදාකාල ජීවනය තිබේ, ඔහු විනිශ්චයට පත්නොව, මරණය කෙරෙන් ජීවනයට පැමිණ සිටියි.

යේසුස්වහන්සේ පිළිගන්නාට දෝෂාරෝපණයක් නොමැත. ඔහු මරණයෙන් ජීවනයට පැමිණ සිටියි.

ඔබ තුළ තිබෙන්නේ දුක ශෝකය නොවේ, නමුත් සදාකාල ප්‍රීතියයි.

ඔබ තැවෙනා කාරණා ලෞකික ශෝකයක් බවට පත්වේ.

2 කොරින්ති 7:10
[10] මක්නිසාද දේවකැමැත්තට එකඟවූ ශෝකයෙන්, තැවෙන්ට කාරණයක් නොවන්නාවූ ගැළවීමට පමුණුවන පසුතැවිලිවීම හටගන්නේය. නුමුත් ලෞකික ශෝකය මරණය උපදවන්නේය.

ලෞකික ශෝකයට යන්නා යක්ෂයාට දොරක් විවර කරයි. එයින් අසනීප, මරණය හට ගනී.

දෙවියන්වහන්සේට එකඟ ශෝකය නම් ඔබ කලාවු වැරදි ගැන ශෝකව දෙවියන්වහන්සේගෙන් සමාව ගෙන ඒ කාරණය අමතක කර ඉදිරියට යාමය.

සදාකාල ජීවනය තුළ තිත්තකම, වෛරය නොමැත. ඇත්තේ ප‍්‍රේමය පමණි.

1 යොහන් 2:9
[9] ආලෝකයෙහි පවතිමියි කියමින් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා මේතාක් අඳුරෙහි සිටියි.

ජීවනය, ආලෝකය සහ ප්‍රේමය තුළ අපි ජීවත් වෙමු.

ආලෝකයේ ගමන් කරන්නාටදෙවියන්වහන්සේ සමඟ තිබෙන සහභාගිත්වය තුළින් අපට ප්‍රඥාව ලැබේ.

ඔබට දෙවියන්වහන්සේ උගතුන්ගේ දිවක් දී ඇත. (යෙසායා 50:4)

1 යොහන් 2:10
[10] තමාගේ සහෝදරයාට ප්‍රේමවෙන්නා ආලෝකයෙහි පවතියි, පැකිලීමට කාරණයක්ද ඔහු තුළ නැත.

ආලෝකයේ ගමන් කරන්නා සහෝදයන්ට ප‍්‍රේමෙන් කටයුතු කරයි. වැරද්දක් වුවත් ප‍්‍රේමෙන් පෙන්වා දෙයි. ඔහු පැකිලීමට පත් නොවී සිටියි.

1 යොහන් 2:11
[11] නුමුත් තමාගේ සහෝදරයාට වෛරවෙන්නා අන්ධකාරයෙහි සිටියි, අන්ධකාරයෙහි හැසිරෙයි, අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධකළ නිසා තමා කොතැනට යන්නේදැයි ඔහු නොදනියි.

අන්ධකාරයෙහි ජීවත්වුවහොත් යක්ෂයාට දොරටු විවර කරයි.

අලෝකයේ ජීවත්වීම, ප‍්‍රේමයෙන් ජීවත්වීම සැහැල්ලුය. ශුද්ධාත්මයානන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගමන් කරමු.

ගලාති 5:16
නුමුත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න, එවිට නුඹලා මාංසයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

ආත්මයෙන් ගමන් කරනවා යනු ආත්මික තීරණ ගැනීමය. වචනයට අවනතව වචනය තුළ ජීවත්වන්නෙකි.

ආත්මයෙන් ජීවත්වන්නා ප‍්‍රීතිමත්ව ජීවත්වන්නෙකි.

ආගමික මනුෂ්‍යයන් යේසුස්වහන්සේව පිළිගත්තේ නැත. ඔවුන් සිතුවේ තමන්ගේ ශුද්ධකම ගැනය. ඔවුන් යේසුස්වහන්ගේ ප‍්‍රසිද්ධත්වය නිසා උන්වහන්සේව ඔවුන්ට එකතු කර ගැනීමට කැමතිවුණි. නමුත් යේසුස් වහන්සේ ඔවුන් හා එකතු නොවුණි. මන්ද උනවහන්සේ ගමන් කලේ ආත්මිකවය.

යේසුස්වහන්සේ අශුද්ධ මනුෂ්‍යයාට පවා අනුකම්පා කොට ඒ අයව ගළවා ගන්නා ලදි.

යේසුස්වහන්සේ තමන් පිළිගත් අයට සත්‍යය කියා දෙන ලදි.

ආතමයෙන් ගමන් කරන්න තෝරගමු. එවිට මාංසයේ ක‍්‍රිය වලට ඔබ ද්වේශ කරයි.

ආත්මයෙන් ගමන් කරන්නා හදිසි තීරණ නොගනියි. ආත්මික ජීවිතය ඉතාමත් වටිනා දෙයකි.

ඔබගේ ආත්මික ගමන මනුෂ්‍යයන් බලා සිටියි. ඔබ අන්‍යයන්ට වඩා වෙනස්ය.

දෙවියන්වහන්සේගේ පුත‍්‍රයන් ගමන් කරන්නේ ආත්මයෙන්ය.

රෝම 8:14
[14] මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය.

දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාවෙන් අප ජීවත්වෙමු. නිශ්ප‍්‍රයෝජන වචන කථා නොකර සිටිමු.

පෙනෙන දේ නොව නොපෙනෙන දේ සදාකාලික බව විශ්වාස කරමු.

2 කොරින්ති 4:18
[18] ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

අපගේ ආත්මික ගමන සදහටම පවතින බව විශ්වාස කර එය තෝරාගනිමු.

1 පේතෘස් 1:6
[6] ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

අපට පරික්ෂා පැමිණිය හැකිය එහෙත් ඒවා ස්වල්ප කලක්ය. එහි උණුසුම් භාවය තුළ ඔබ කඩා නොවැටී එය ස්වල්ප කාලයක් බව සිතට ගන්න.

ගින්නට දැමු හෙබ්‍රෙව් තරුණයන් තිදෙනා ඒ මහත් ගින්නේ ගමන් කලේ දේව පුත‍්‍රයාත් සමඟය. (දානියෙල් 3:25)

පරික්ෂාවන් පැමිණෙන විට සදාකාල ජීවනය තදින් අල්ලා ගෙන, ඔබගේ ඇදහිල්ලේ පළිහද තදින් අල්ලා, ආත්මයාණන් වහන්සේගේ කඩුව පාවිච්චි කරමින්, ගැලවීමේ හිස්වැසුම දමා ජීවත්වන්න.

යක්ෂයාට ඔබව පරාජය කල නොහැකි බවත් ඔබ ජයගන්නා කෙනෙක් බවත් නිතර පවසන්න.

ඔබ කිතුණු ජීවිතය බරක් යැයි නොසිතන්න. යේසුස්වහන්සේ පැවසුවේ වෙහෙසවන්නාවු, බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්න කියාය. (මතෙව් 11:28)


Watch the Sermon Video

Read 5 times