+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ධර්මිෂ්ඨකමේ එළිදරව්ව - මනූ මැතානි
January 19, 2025 Sunday Sermon Notes
අප ගායනා කළ යුත්තේ දෙවියන්වහන්සේට නමස්කාර කරන හා අප ධෛර්යමත් වන ගීතිකාය. එසේ කළ යුත්තේ අප ජීවත්වන මේ ලෝකයේ යක්ෂයා උත්සාහ කරනුයේ අපව නිතරම දෝෂාරෝපණයට ලක්කරන කාරණා ඉදිරිපත් කරමින් අපව වැරදිකරුවන් කිරීමටය. වරදට පත්කිරීමේ ජීවිතයක් ගත කළහොත් කවදාවත් අපගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට නොහැකිය.
එමනිසා අප දෙවියන්වහන්සේට නමස්කාර කරන හා අප ධෛර්යමත් කරන ගීතිකා තුළින් අප අපවම ශක්තිමත් කර ගත හැක. අප ගායනා කරන්නේ ක්‍රිස්තුස්වහන්සේ අප තුළ කර ඇති දේවල් ගැනය. එය ඉතා වටිනා කාරණාවකි.
අප දූවිල්ලක්, නොවටිනා කෙනෙක්, පණුවෙක් වැනි වචන ගායනා කරන්නන් යේසුස්වහන්සේ අප වෙනුවෙන් උසස් ක්‍රියාවක් කළාට පසුවත් ඔවුන් තමුන්වම පහතට හෙළා දමනු ලබයි.
මා පිවිතුරුයි, ධර්මිෂ්ඨයි, ශුද්ධයි කියා අප පැවසිය යුත්තේ අප ගැළවීම ලැබූ පසු දැන් අප තුළ වාසය කරන්නේ ක්‍රිස්තුස්වහන්සේය. අපගේ ශරීරෙයේ ගෞරවය හිමිවන්නේ උන්වහන්සේටය. එමනිසා අප ගැන උසස් ලෙස පැවසිය යුතුයි. අප නිතරම අප ගැන නොවටිනා, පහත් කෙනෙකුයැයි පවසනවාට සතුරා කැමතියි.
අප එම හැඟීම්බර ආගමික මනස ඉවත් කරගත යුතුය. මන්ද අපි ආත්මිකව ඉපදී සිිටින දෙවියන්වහන්සේගේ දරුවන්ය. සතුරා කැමති අප නිතරම අප ගැන නොවටිනා, පහත් කෙනෙකුයැයි පවසනවාටය.
ගලාති 2:17
[17] නුමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ධර්මිෂ්ඨකරනු ලබන්ට සොයමින්ම අපිම පවා පව්කාරයෝව පෙනෙමු නම්, ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් වනසේක්ද? එසේ නොවේවා.
ක්‍රිස්තුස්වහන්සේ පිළිගත්විට අපගේ පාපිෂ්ඨ ස්වභාවයෙන් අපි නිදහස්ව නව මැවිල්ලක්ව, ශුද්ධවන්තයෙක්, ධර්මිෂ්ඨයෙක් බවට පත්වන්නෙමු. අපි කළාවූ සියල්ලටම යේසුස්වහන්සේගෙන් සමාව දුන්සේක. සෑම පාපයෙන් නිදහස් වී සිටිමු. මන්ද ක්‍රිස්තුස්වහන්සේ ධර්මිෂ්ඨකමේ සේවකයෙක්ය, පාපයේ සේවකයෙක් නොවේය.
අපි පව්කරුවන් ලෙසින් අප දෙස නොබලමු. අප පව්කාරයෝ, අප අනුග්‍රහයෙන් ගැළවීම ලද්දන් කියා දෙයාකාරව අප ගැන නොපවසා සිටිමු. ඔබට එකවර ස්ථාන දෙකක සිටිය නොහැක. ඔබ දෙවියන්වහන්සේගෙන් ඉපද සිටින ධර්මිෂ්ඨයෙකුය නැතහොත් යක්ෂයාගේ උගුලට අසුවී සිටින අධර්මිෂ්ඨයෙකු විය යුතුය.
ගලාති 2:18
[18] මක්නිසාද මා විසින් කඩා දමනලද දේවල්ම මම නැවත ගොඩනගන්නෙම් නම්, මා වරදකාරයෙකු බව මමම ඔප්පුකරමි.
අප එපා කළාවූ දෙයක් නැවත ප්‍රකාශ නොකර සිටිමු. නිතර පරණ පව් මතක් කරමින් ඔබගේ ගැළවීම සුළු නොකරන්න. පරණ පව් වලින් නිදහස්වී ඇති බවත්, පාපයට සමාව ලැබී ඇති බවත් විශාවාස කරමු. වතුර බව්තිස්මයේදී ඔබගේ පරණ මනුෂ්‍යයා වළලා දමා නැඟිටුනේ අලුත් මනුෂ්‍යයෙක් ලෙසයි.
ගලාති 2:20
[20] මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.
දැන් අප තුළ ජීවත්වන්නේ ක්‍රිස්තුස්වහන්සේය. ගැළවීම සුළු කරනවා යනු ආශීර්වාද අහිමි කර ගැනීමයි. ගැළවීම ලැබුවා යනු අප ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයෝය. ක්‍රිස්තුස්වහන්සේට හිමි සියල්ල අපටද අයිතිය. ඔබ දේව දරුවෙක් කියා විශ්වාස නොකරනවානම් ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ දේ උරුම කරගන්නේ කෙලෙසද? අප කළාවූ පාපය කුඩා වුවත්, විශාල වුවත් ක්රිස්තුස්නහන්සේ අපගේ පාපය ඉවත් කරමින් අපට ධර්මිෂ්ඨකමේ දීමනාව දී ඇත.
රෝම 3:23-24
[23] මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. [24] එබැවින් ඔව්හු උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨකරනු ලබන්නෝ වෙති.
දෙවියන්වහන්සේ ඔබට දී ඇති දීමනාව කිසිදා සුළු නොකරන්න. ධර්මිෂ්ඨකම යනු විශාල දෙයකි. දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨකර ඇත. දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨ කළේ නොමිලේය.
ක්‍රිස්තුස්වහන්සේ ධර්මිෂ්ඨව සිටින ආකාරයෙන්ම දෙවියන්වහන්සේ අපවත් ධර්මිෂ්ඨ කර ඇත. අපි දෙවියන්වහන්සේගේ බලවත් වචනය විශ්වාස කරමු.
රෝම 5:15-16
[15] නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය. [16] ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය.
සියලු වරද වලින් දෙවියන්වහන්සේ ඔබට සමාව දී ඇත. ඔබට ඇදහිල්ලෙන් ගමන් කළ හැක්කේ එය විශ්වාස කළොත් පමණි.
රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ඇදහිල්ලෙන්ය. ධර්මිෂ්ඨයෙක් යනු, ඔබ දෙවියන්වහන්සේගේ උරුමය ලබා ගැනීමට සුදුස්සෙක් බවට පත්වීමය. ස්වාමීන්වහන්සේ, ඔබ සුවය, මිදීම, සඵලත්වය ලබන්නට සුදුස්සෙක් කර ඇත.
රෝම 1:17
කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදතිබියදීත්හීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.
දැන් අප ජීවත්වන්නේ පෙනීමේ හැටියට නොව, දෙවියන්වහන්සේගේ වචනයෙන්ය. යේසුස්වහන්සේට යක්ෂයා පරීක්ෂාව ගෙනා කල්හී උන්වහන්සේ පැවසුවේ, “මනුෂ්‍යයා ජීවත්යන්නේ දෙවියන්වහන්සේගේ වචනයෙන්” කියාය. (මතෙව් 4:4)
යක්ෂයාට අවශ්‍ය වූයේ ඒවව පරීක්ෂාවට අසුකරගත් සේ යේසුස්වහන්සේවද අසුකර ගැනීමටය. යේසුස්වහන්සේ නිරාහාරව සිටි ආවස්ථාවේ ඒවට පැමිණි පරීක්ෂා තුනමයි යේසුස්වහන්සේට පැමිණියේත්. නමුත් උන්වහන්සේ ඒ සියල්ලෙන් ජයගන්නා ලදි. ක්‍රිස්තුස්වහන්සේ ජයගත් හෙයින් අපටද ඒ ජයග්‍රහණය හිමිය.
යේසුස්වහන්සේ අපව අතීශයෙන් ජයගන්නාවු සෙනඟක් කර ඇත. අප සිටින්නේ සිංහයන් මෙන් එඩිතරවය.
හිතෝපදේශ 28:1
[1] කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති.
දුෂ්ඨයා නිතර ජීවත්වන්නේ භයෙන්ය. අපි යක්ෂයාට භය නොවී සිටිමු. යක්ෂයාව පලවා හරින්නට හැකි වන්නේ දේව වචනයෙන් පමණි. ඔබව පරාජයට පත් කරන සිතුවිලි පැමිණිය හැකිය. නමුත් යක්ෂයාට ඔබව පාගා දැමිය නොහැක. සැබෑ ධර්මිෂ්ඨකමේ ක්‍රියාව දෙවියන්වහන්සේගේ සමාදානයයි.
ධර්මිෂ්ඨකමේ දීමනාව තුළින් ඔබගේ ගමන ගමන් කරන්න.
යෙසායා 32:17
[17] ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය.
ධර්මිෂ්ඨකම තුළ නිශ්චලකම හා සුරක්ෂිතභාවය ඇත. කිසිදු භයක් හෝ දෝෂාරෝපණයක් නැත. නිශ්චලතාවය යනු, සියල්ල වියවුල්ව තිබියදීත් ඔබගේ හදවත තුළ ඇති සමාදානයයි.
යෙසායා 32:18
[18] මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
ධර්මිෂ්ඨකමේ එළිදරව්වක් තුළ ජීවත්වීම සෑම අතින්ම මහත් ආශීර්වාදයකි.
ස්වර්ගීය ජීවිතයක් පොළොවේ ගත කිරීමට මහඟු ආශීර්වාදයකි.
“ෂාලෝම්” සමාදානය යන වචනයට සුවයත්, සඵලත්වයත්, සම්පූර්ණකමත් යන සියල්ලම අයත්ය.
රෝම 5:17
[17] මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය.
ආදම්ගේ වරද නිසා ඒ අය තුළින් ඉපදුණු සියලු දෙනා තුළම මරණය රජකම් කළේය.
දෙවියන්වහන්සේ පළමු මනුෂ්‍යයා මවන ලද්දේ උන්වහන්සේගේ සමානත්වයට හා ස්වරූපයටය. නමුත් යක්ෂයා පැවසුවේ, ඔබ මේ ගහෙන් කෑවොත් දෙවියන්වහන්සේ මෙන් වන බවය.
දෙවියන්වහන්සේට සමානව සිටි ආදම්ට යක්ෂයාව පලවා හරින්නට බලය ආධිපත්‍යය තිබුණි. නමුත් ආදම් ඒ බලය පාවිච්චි කළේ නැත. ඔහු යක්ෂයාගේ බොරුව ගිල ගත්තේය.
ඒ නිසා සියල්ලන්ගේ ජීවිත තුළට මරණය හා පාපය ඇතුල්වූයේය. පාපයක් කැළලක් නොමැතිව සිටි යේසුස්වහන්සේ මනුෂ්‍යයෙක් ආකාරයට පොළොවේ ගමන් කරමින් මනුෂ්‍යයාගේ පාපයේ කුලිය කුරුසියේ ගෙවා ධර්මිෂ්ඨකමේ දීමනාව අපට දෙනු ලැබුවේය.
දැන් අප තුළ ධර්මිෂ්ඨකම තුළින් රජකම් කරන්නේ ජීවනයයි. භය වෙනුවට දෙවියන්වහන්සේ අපට බලයේ, ප්‍රේමයේ හා සුවදායක මනසක් ලබා දෙන ලදි.
ධර්මිෂ්ඨකමේ දීමනාව ඔබ තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්න. ඔබ තුළ සිදුවන්නේ ඔබ සිතින් ගණන් ගන්නා දෙයමයි.
හිතෝපදේශ 23:7
ඔබ ඔබගේ සිතෙන් ගණන්ගන්නා ලෙසම ඔබ වන්නේය.
අප ස්තූතිවන්ත හදවතකින් අන් අයටත් ශක්තිමත් වන ලෙසින් ගායනා කරමු.
කොලොස්සි 3:15-16
[15] ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න; [16] ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසයකෙරේවා. නුඹලා ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට උගන්වමින්, දැනමුතුකම් දෙමින්, නුඹලාගේ සිත්වල අනුග්‍රහය ඇතුව දෙවියන්වහන්සේට ගීතිකාකරන්න.
ඔබ ධර්මිෂ්ඨයි, ශුද්ධවන්තයි කියා ඔබ ගැන ගායනා කරන්න. දෙවියන්වහන්සේ ඔබ ගැන කථා කරන්නෙත් ඒ ආකාරයටමය.
ශෙපනියා 3:17
[17] නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්ව (ගීතිකා ගායනා) කරනසේක.
දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේ අප ගැන ප්‍රීතිමත්ව ගායනා කරනු ඇත.
එපීස 5:19
[19] නුමුත් ආත්මයාණන්ගෙන් පූර්ණවී, ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද එකිනෙකාට කථාකොට, නුඹලාගේ සිත්වලින් ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරමින්,
ඔබ එකිනෙකාටත් ඔබ ඔබටත් ගීතිකාවලින්ද කවිවලින්ද ආත්මික ගීවලින්ද ස්වාමීන්වහන්සේට ගායනාද ගීතිකාද කරන්න. ඔබ ධර්මිෂ්ඨයි, ශුද්ධයි පවසමින් ගායනා කරමින් ඔබට යක්ෂයාව පලවා දමන්නට හැකිය. දෙවියන්වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක්සේය. එම වචනය පාවිච්චි කරමින් අපි යක්ෂයාව පරාජය කරමු.
2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.
අප දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපයද ශාපයද වූයේය.
1 තිමෝති 1:7-9
[7] තමුන් කියන්නේ කිමෙක්ද කියාවත් නිසැකකොට සහතිකකරන්නේ කුමන දේ ගැනද කියාවත් තේරුම් නොගෙන සිටින නුමුත්, ඔව්හු ව්‍යවස්ථාවේ ගුරුවරු වෙන්ට කැමැත්තෝය. [8] නුමුත් යමෙක් ව්‍යවස්ථාව නියමලෙස භාවිතාකරන්නේ නම්, ව්‍යවස්ථාව යහපත් බව අපි දනිමුව. [9] ඔහු මෙය දන්නවා ඇත: එනම්, ව්‍යවස්ථාව වනාහි ධර්මිෂ්ඨයෙකු නිසා නොව අධර්මිෂ්ඨයන් සහ අකීකරුවන්ද අභක්තීන් සහ පව්කාරයන්ද අපිරිසිදුවන් සහ දේව අපහාසිකයන්ද පියවරුන් මරන්නන් හා මවුවරුන් මරන්නන්ද මිනීමරන්නන්ද,
ධර්මිෂ්ඨ මනුෂ්‍යයන්ට ශුද්ධවන්තව ජීවත්වීමට දෙවියන්ගේ ප්‍රඥාව උන්වහන්සේ දී ඇත.
1 කොරින්ති 15:34
[34] ධාර්මිකලෙස පිබිද, පව් නොකර සිටින්න; මක්නිසාද සමහරු දෙවියන්වහන්සේ ගැන දැනුම නැතුව සිටිති. නුඹලා ලජ්ජාවට පමුණුවන පිණිස මෙසේ කියමි.
ඔබගේ ජීවිතයේ ධාර්මික පිබිදීමක් ඇති කර ගන්න. ධර්මිෂ්ඨකමේ එළිදරව්වක් ඇතිවූ විට ඔබ පාපය නොකරනු ඇත. පාපයේ හැඟීම් ඔබගෙන් ඉවත්වෙනු ඇත.
Watch the Sermon Video