+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

අපි ධර්මිෂ්ඨ වන්නේ ඇදහිල්ලෙනි - යෝෂා මනූ
January 26, 2025 Sunday Sermon Notes


ගීතාවලිය 21:13
ස්වාමිනි, ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව. එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසාකරන්නෙමුව.

දෙවියන්වහන්සේ බලයෙන් පූර්ණවූ තැණැන්වහන්සේය. අප ප‍්‍රශංසා කල යුත්තේ උන්වහන්සේගේ බලය ගැනය.

ස්වාමීන්වහන්සේගේ බලය අප තුළින් ගලා යන්ට සලස්සන්නැයි අප උන්වහන්සේට පැවසිය යුතුය.

දෙවියන්වහන්සේ උසස්ව සිටින්නේ උන්වහන්සේගේම ශක්තියෙන්ය. උන්වහන්සේ බලවත්, ශක්තිමත් තැණැන්වහන්සේය.

ශුද්ධාත්ම බලයෙන් පිරුණු පසු සාක්ෂි දැරීමට පටන් ගනී

ක්‍රියා 1:8
[8] නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක.

ස්වාමීන්වහන්සේ අපව උන්වහන්සේගේ බලයෙන් පුරවා ඇත්තේ අපට සාක්ෂි දැරීමටය.

අපට තිබෙන්නේ ශුද්ධාත්ම බලයෙන් ක‍්‍රියා කරන්නටය.

ක්‍රියා 10:38
[38] දෙවියන්වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරිය යේසුස්වහන්සේ ආලේපකළ බවත්, දෙවියන්වහන්සේ උන්වහන්සේ සමඟ සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩාකරනලද සියල්ලන් සුවකරමින්ද හැසුරුණු බවත්ය.

යේසුස්වහන්සේව ශුද්ධාත්ම බලයෙන් පිරවූයේ දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව ආලේප කරන ලදි.

අපද ආලේප ලද්දන්ය. දෙවියන්වහන්සේ එම ආලේපය අපට දී ඇත. එම ආලේපය අපට දී ඇත්තේ සාක්ෂි දැරීමටය.

දෙවියන්වහන්සේ යේසුස්වහන්සේ සමඟ සිටියාසේම අප සමඟද සිටිනු ඇත. අපටද එම බලයෙන් ක‍්‍රියා කල හැකිය. ඔබ අත තබන විට මනුෂ්‍යයන් සුවවනු ඇත.

යක්ෂයාගේ පීඩාවට හසුව මනුෂ්‍යයන් දුකෙන් පීඩාවෙන්, රෝගයෙන්, වේදනාවෙන් සිටින කල ඔබට ඔවුන්ට උපකාරයක් විය හැක.

ස්වාමීන්වහන්සේගේ බලය අප තුළින් ක‍්‍රියාත්මකවීමට ඉඩ හරිමු.

එපීස 3:20
[20] ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

මෙහිදී අප තුළ ක‍්‍රියාත්මකවන්නේ ස්වාමීන්වහන්සේගේ සැපයීමේ බලයයි.

ස්වාමීන්වහන්සේ අපට සියල්ලෙන් සපයනු ඇත.

ප‍්‍රඥාවෙන් අඩුනම් ප‍්‍රඥාවේ බලයෙන් ඔබව පූරවනු ඇත, දැනගැන්මෙන් අඩු නම් දැනගැන්මේ බලය ඔබට ලැබෙනු ඇත. තීරණ ගැනීමට උන්වහන්සේ අපට උපකාර කරනු ඇත.

ඉතා වැදගත් තවත් බලයක් අපගේ ජීවිතයේ ක‍්‍රියාත්මකවේ.

හිතෝපදේශ 18:21
[21] මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

මරණයේ බලයත්, ජීවනයේ බලයත් ඔබ තුළ ඇත.

ඔබට පීඩා පැමිණෙන කල මරණීය වචන, අයහපත් වචන ඔබ කථාකර ඇත්නම් යේසුස්වහන්සේගේ නාමයෙන් එම වචන බල රහිත කරමු.

අප භුක්තිවිදින්නට යන්නේ අප ප‍්‍රිය කරන දේය. අප ජීවනයට ප‍්‍රිය කරන්නේ නම් ජීවන වචන කථා කරමු. මරණයට ප‍්‍රිය වන්නේ කථා කරන්නේ මරණීය වචනය.

මේ වසර උසස්වීම් තුනක් ලබන ඇදහිල්ල තුළ අප ගමන් කරන්නාවු වසරකි.

එම උසස්වීම් තුන නම්.......
ඇදහිල්ලෙන් ඇදහිල්ලට
මහිමයෙන් මහිමයට
ශක්තියෙන් ශක්තියටය.

ඇදහිල්ලෙන් ඇදහිල්ලට අප විස්තරාත්මකව බලමු.

රෝම 1:17
කුමක්හෙයින්ද ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේයයි ලියා තිබෙන ලෙස, ඇදහීමෙන් පැමිණෙන දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ඇදහීම පිණිස එහි එළිදරව්වී තිබේ.

ඇදහිල්ලෙන් ඇදහිල්ලට යන්නට පළමුකොට අප ධර්මිෂ්ඨකම ලබාගත යුතුය.

එනම් දෙවියන්වහන්සේ සමඟ අප හරි සම්බන්ධකමක් ඇතිව සිටීමය. දෙවියන්වහන්සේ ඔබ දෙස බලන්නේ ඔබ කවදාවත් පාපයක් නොකල අයුරින්ය.

ධර්මිෂ්ඨකම යනු අපගේ නව ස්වභාවයයි, ජීවන රටාවයි. ඔබ ධර්ම්ෂ්ඨකම ලබා ගත් විට ඔබ තුළින් ධර්මිෂ්ඨකමේ ඵල නිපදවෙනු ඇත.

පව්කාරයා තුළින් සිදුවන්නේ පව්කාර දේය.

ධර්මිෂ්ඨයාගේ ක‍්‍රියා යහපත්ය.

ඔහු මුළින්ම සිදුකලේ රෝම 10:9-10 අනුව යේසුස්වහන්සේ ස්වාමීන් කියා පැවසීමය. එයින් ධර්මිෂ්ඨකම ලැබේ.

එම ධර්මිෂ්ඨකම ලබාගත්තේ අපගේ කිසිදු යහපත් ක‍්‍රියාවක් නිසා නොව, යේසුස්වහන්සේ කල ක‍්‍රියාව තුළිනි.

එම ලබා ගත් ධර්මිෂ්ඨකම තුළින් අපට ඇදහිල්ලෙන් ඇදහිල්ලට යා හැකිය.

හබක්කුක් 2:4 , ගලාති 3:11, හෙබ්‍රෙව් 10:38
මෙම පදවලින් අප ඇදහිල්ලෙන් ඇදහිල්ලට එළිදරව් වී තිබෙන බවට එළිදරව් වේ.

අප අදහා ගත් කල දෙවියන්වහන්සේ විසින් අපට ධර්මිෂ්ඨකම දෙනු ලබයි.

එය අප නොමිලේ ලැබු දීමනාවකි.

ඒ සඳහා අප කිසිවක් කලේ නැත. නමුත් දෙවියන්වහන්සේ කිසිදු පාපයක් නැත්තාවු යේසුස්වහන්සේව අප උදෙසා පාපයක් වෙන්ට සැලැස්වූ සේක.

2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.

ශුභාරංචිය නිතරම පෙන්වන්නේ දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ව තමන්වහන්සේ සමඟ ධර්මිෂ්ඨ කරන ආකාරයයි.

මනුෂ්‍යයන් ගළවනවා යනු මනුෂ්‍යයන්ගේ ස්වභාවය වෙනස් කිරීමය. දෙවියන්වහන්සේට අවශ්‍ය පව්කාර මනුෂ්‍යයන් ගැළවීමටය.

දෙවියන්වහන්සේ ඒ සඳහා සුභාරංචිය පැවසීමට උන්වහන්සේ සමඟ සම්බන්ධකමක් පවත්වමින් ධර්මිෂ්ඨකරනු ලැබුවාවු අපව තෝරා පත්කර ඇත.

ධර්මිෂ්ඨකම ගැන නොදන්නා කිතුනුවා අන් අයට සුභාරංචිය පැවසීමට භයවෙයි. ඔවුන් සිතන්නේ තවමත් ඔවුන් පව්කාරයන් බවය.

අපට ස්වභාවයන් දෙකක් නැත. අත්තේ ධර්මිෂ්ඨකමේ ස්වභාවයයි. නැතහොත් පව්කාර ස්වභාවයයි.

දෙවියන්වහන්සේ අපගේ පාපිෂ්ඨ ස්වභාවය ඉවත්කර උන්වහන්සේ අපට බැටළු ස්වභාවයක් දී ඇත. උන්වහන්සේ පවසන්නේ උන්වහන්සේ එඬේරා බවත් අප උන්වහන්සේගේ බැටළුවන් බවත්ය.

මනුෂ්‍යයන්ව හරි සම්බන්ධ කමට ගෙනෙන්නට දෙවියන්වහන්සේගේ මාර්ගය ආරම්භ වන්නේත් අවසන් වන්නේත් ඇදහිල්ලෙන්.

ධර්මිෂ්ඨකම ලබා ගත්විට අපගේ ඇදහිල්ලේ ගමන ආරම්භවේ.

දැන් අප ඇතුල්වී සිටින්නේ පෙනීමේ ගමනකට නොව ඇදහිල්ලේ ගමනටය.

ලෝකාකාරව සිටින විට අප සියල්ල කලේ හැගීම් අනුවය. අපගේ පංච ඉන්ද්‍රයන් අනුවය. ගැළවීම ලැබූ පසු අප තුළ තව ඉන්ද්‍රියක් ක‍්‍රියාත්මකවේ. එනම් ඇදහිල්ලය.

එය නොපෙනෙන තලයේ ක‍්‍රියාත්මක වන්නාවු බලයකි.

යේසුස්වහන්සේව පිලිගන්නා විට අප දෙවියන්වහන්සේ දුටුවේ නැත. නමුත් යේසුස්වහන්සේ පිලිගත් විට අප ගැළවීම ලබන බවත්, අප මරණයෙන් ජීවනයට ඇතුල්වන බවත්, අපව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණෙන බවත්, පවිකාරකමින් ධර්මිෂ්ඨකමට පත්වන බවත් දෙවියන්වහන්සේ පවසා ඇත. දෙවියන්වහන්සේගේ මේ සියලු පොරොන්දු අප ඇදහිල්ලෙන් විශ්වාස කල යුතුය.

ගැළවීම ලැබු විට අපගේ නම ජීවන පොතේ ලියා ඇති බව සඳහන්ය. අප එය දැක නැත. නමුත් අප එය විශ්වාස කරන්නෙමු.

දෙවියන්වහන්සේ අපට සදාකාල ජීවනය දී ඇති බව පවසයි. අප දෙවියන්වහන්සේගේ එම පොරොන්දු වචන විශ්වාස කරන්නෙමු. එය ඇදහිල්ලයි.

ඇදහිල්ලෙන් ගමන් කරන සෙනඟ නිතරම පෙනීමේ ගමනකට සීමා වී නොසිටියි.

2 කොරින්ති 5:7
මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය

අපගේ ජීවන රටාව ඇදහිල්ලයි. අප දෙවියන්වහන්සේගේ හඬ අසමින් තීරණ ගනී.

අපගේ ශරීරය දෙවියන්වහන්සේ වාසය කරන්නාවු කූඩාරමයි.

අපගේ ප‍්‍රාණය කොටස් 3කට බෙදෙයි. මනස, හැගීම් හා කැමැත්තය. ප‍්‍රාණය තුළ තදින්ම බලපාන කොටස කැමැත්තයි.

සුභාරංචිය අසා යේසුස්වහන්සේව පිලිගන්නේද කියා ඔබගේ කැමැත්ත ඔබ ප‍්‍රකාශ කල යුතුය.

ආදම් සහ ඒවව දෙවියන්වහන්සේ ජීවමාන ප‍්‍රාණයක් කරන ලදි. (උත්පත්ති 2:7)

ආදම් සහ ඒව දෙවියන්වහන්සේ එපා කියු ගසෙන් කා ඔවුන්ගේ ස්වභාවය නැතිකර ගන්නා ලදි. ඒ අය තුළ තිබූ දෙවියන්වහන්සේගේ තේජසේ මහිමයේ ස්වරූපය නැතිකර ගන්නා ලදි. දෙවියන්වහන්සේ හා සමඟ තිබු සමීප සම්භන්ධකමින් ඔවුන් වෙන්වුණි.

ආදම් පව්කලාට පසුවත් අවුරුදු 930ක් ජීවත්වුණි. (උත්පත්ති 5:5)
ඔහු පව් කල සැනින් මියගියේ නැත. නමුත් ඔහු දෙවියන්වහන්සේගේ ස්වභාවය නැති කර ගන්නා ලදි.

ගැළවීම ලැබු අපට ආදම්ට වඩා හොඳ ස්වභාවයක් ලැබුණි. එනම් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේගේ ස්වභාවයයි.

දෙවියන්වහන්සේ අපව ජීවමාන ප‍්‍රාණයක් නොව, ජීවමාන ආත්මයක් කරන ලදි.

දෙවියන්වහන්සේ වාසය කරන්නේ අපගේ ආත්මය තුළය.

අපගේ ආත්මය තුළ වාසය කරන දෙවියන්වහන්සේ අපට මඟපෙන්වනු ඇත.

දෙවියන්වහන්සේගේ හඬ තිබෙන්නේ දේව වචනය තුළය.

ශුද්ධ ලියවිල්ලේ පවසන පරිදි, "ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේ සමඟ නිවැරදි සම්බන්ධතාවයක් ඇති තැනැත්තා සදහටම ජීවත් වන්නේය."

මෙම ශුභාරංචිය දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පිළිබඳ (අඛණ්ඩව) නැතහොත් දිගින් දිගටම එළිදරව්වක් අපට ගෙන දෙන්නේය.

අප විශ්වාස කරන කල එය අපට ලබා දෙන සම්පූර්ණ ධර්මිෂ්ඨකමයි.

රෝම 10:10 පැහැදිලිව පවසන්නේ මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය;

ඒ නිසා අපි ධර්මිෂ්ඨකම ලබා ගන්නේ සිතින් අදහාගන්නේය;
එය සිදුවන්නේ ඇදහිල්ලෙන්. අදහා ගැනීමෙන්.

අපි ධර්මිෂ්ඨ වන්නේ ඇදහිල්ලෙන්.

අප ධර්මිෂ්ඨයයි කීමට භය විය යුතු නැත.

පළමුව අපි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේගේ ගැළවීම තුළින් ජීවනය ලබා ගන්නෙමු.

ඉන්පසුව අපි ජීවනය තුළ ඇදහිල්ලෙන් ජීවත්වන පිණිස බලය ලබා ගන්නෙමු.

දෙවියන්වහන්සේගේ කැමැත්ත අප මේ පොළොවේ ඇහහිල්ලෙන් සුභාරංචි වචනය තුල ජීවත්වීමය.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙනි (රෝම 10:17)

2 කොරින්ති 4:16
16එහෙයින් අපි ක්ලාන්ත නොවමුව; අපේ පිටත මනුෂ්‍යයා ක්ෂයවෙන නුමුත්, අපේ ඇතුල් මනුෂ්‍යයා දවසින් දවස අලුත්කරනු ලබන්නේය.

අලුත් මනුෂ්‍යයා යනු අප තුළ ඇති ධර්මිෂ්ඨකමයි. (2 කොරින්ති 5:17)

2 කොරින්ති 4:17-18
17මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට, 18ඉතාමත්ම වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදාදෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය; නොපෙනෙන දේ සදාකාලිකය.

ඔබගේ ස්වභාවය වෙනස් නොවෙයි. ධර්මිෂ්ඨයා කරන්නේ යහපතය එය වෙනස් නොවෙයි.

ඔබ ධර්මිෂ්ඨයි කීමට භිය නොවන්න. ධර්මිෂ්ඨයි කියා ප‍්‍රකාශ කරන්න. ධර්මිෂ්ඨයා ජීවත්වන්නේ ප‍්‍රකාශයෙනි.

2 කොරින්ති 5:21 පදයේ තේරුම මෙයයි:
“අපි දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ඇතුව සිටින්නේ ජීවනය දෙන ඇදහිල්ලෙනි!”

මම ධර්මිෂ්ඨයි කීම ඉතා වැදගත්. මම ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨයි.

මනුෂ්‍යයන් ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබීමේ මාර්ගය මුල සිට අග දක්වාම නැතහොත් පටන්ගැන්මේ සිට අන්තිමය දක්වාම ආරම්භයේ සිට අවසානය දක්වාම ඇදහිල්ලෙන් වන බව සුභාරංචිය නිසා එළිදරව් වී ඇත.

ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමට පැමිණි අය ජීවනය අයිති කර ගනී.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරව් වී තිබෙන්නේ ශුභාරංචි වචනය තුළයි.

අපි දෙවියන්වහන්සේ සමඟ හරි සම්බන්ධකමක් ඇතුව සිටින්නේ කෙසේද යැයි පෙන්වා දෙන්නේ මේ ශුභාරංචි වචනයයි.

එනම් ධර්මිෂ්ඨකම සිද්ධවන්නේ ඇදහිල්ලෙනි.

එනම් ධර්මිෂ්ඨයෙකුට ජීවනය ලැබෙන්නේ ඇදහිල්ල කරණකොටගෙනයි.

රෝම 3:10
ඒ ගැන මෙසේ ලියා තිබේ: ධර්මිෂ්ඨ කෙනෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත;

දෙවියන්වහන්සේ පව්කාරයාගෙන් අසන්නේ එකම හඬයි. එනම් මට ගැළවීම දෙන්න ස්වාමිනි, මාව ගළවන්න යනුයි. එය පව්කාරයාගේ යාච්ඤාවයි.

නමුත් ධර්මිෂ්ඨයාට බොහෝ ආශීර්වාද ඇති බව බයිබලයේ පවසයි.

අපට ධර්මිෂ්ඨකම ලැබුනේ යේසුස්වහන්සේ තුළිනි.


Watch the Sermon Video

Read 37 times