+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ගෞරවනීය භාජනයක් වන පිණිස තමාවම ගොඩනඟා ගන්න - මනූ මැතානි
January 26, 2025 Sunday Sermon Notes
දේව වචනය ඇසීමෙන් ඇදහිල්ල ඇත්වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ ක‍්‍රියා කරන්නේ දේව වචනය ඇති තැනය.
වචනය තුළ පවතින්නාගේ ජීවිතය තුළ නිසැකවම ශුද්ධාත්මයාණන්වහන්සේ ක‍්‍රියාකරනු ඇත.
දේව වචනය තුළින් අපට දිනපතා ශක්තිය ලැබෙයි.
අපගේ ජීවිත වර්ධනය කර ගැනීමට අප පෞද්ගලිකව තීරණය කර ගත යුතුය.
දෙවියන්වහන්සේ අප ධර්මිෂ්ඨ කලත් අපගේ ජීවිතයේ ධර්මිෂ්ඨ ක‍්‍රියා ඉබේම සිදුවන්නේ නැත. අප ධර්මිෂ්ඨ ලෙස හැසිරිය යුතුය.
ශුද්ධාත්මයාණන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කර තිබේනම් අපගේ යුතුකම ධර්මිෂ්ඨව ජීවත්වීමය.
1 යොහන් 3:3
[3] උන්වහන්සේ කෙරෙහි මේ බලාපොරොත්තුව තබා සිටින සෑමදෙනම උන්වහන්සේ පිරිසිදුව සිටින්නාක්මෙන් තමුන්ම පිරිසිදුකරගනිති.
අප දෙවියන්වහන්සේගේ පුත‍්‍රකම ඇතුව සිටින නිසා උන්වහන්සේ පවිත‍්‍රව සිටින ආකාරයෙන්ම අපිත් පවිත‍්‍රව සිටිමු. ඒ පවිත‍්‍රතාවය අපි රැකගනිමු.
අප ජීවත්විය යුත්තේ යේසුස්වහන්සේ දෙස බලමිනි.
1 යොහන් 3:4
[4] පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය.
පාපය යනු ව්‍යවස්ථාව කැඩීමය.
දෙවියන්වහන්සේ අපට සීමා දි ඇත. සීමා පසුවුවහොත් අප දෙවියන්වහන්සේගෙන් සමාව ගෙන ආපසු හැරිය යුතුය. සීමා කැඩීම පුරුද්දක් කර නොගත යුතුය.
දෙවියන්වහන්සේ අපට නිදහස දී ඇත. එහි සුදුසු ලෙස හැසිරීම අපගේ වගකීමය.
දෙවියන්වහන්සේ හා සම්බන්ධතාවය යාච්ඤා වේලාවට පමණක් සීමා නොකරන්න. ඔබගේ ශුද්ධත්වය නොකඩව පවත්වා ගත යුතුය.
ඔබ පරාජයට පත්වන නපුරු දෙයක් ඇත්නම් එයට යේසුස්වහන්සේගේ නාමයෙන් අණ කර එය ඉවත් කරගන්න.
පාවුල් හා සීලස්ගේ සේවයේදී නපුරු ආත්මයක් ඇති කාන්තාවක් පැමිණ ඔවුන්ට දිනපතා වධ දෙන ලදි.
ක්‍රියා 16:16
[16] අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය.
ආවේශවූ කෙනෙකු ලවා තම සේවය ප‍්‍රචාරය කරගැනීමට පාවුල් හා සීලස්ට අවශ්‍ය නොවුනි.
අද කිතුනුවන්ද තමා ගැන එළිදරව්වක් කරන්නාවු කෙනෙක් හමුවු විට ඒ අයට බාරවෙති. ඔවුන් ඒවා කරනුයේ නපුරු ආත්ම වලිනි. එවැනි ආත්ම විශ්වාස නොකරන්න. සමහර විට ඒ පවසන පුද්ගලයා වුවද නොදනී ඔහු තුල නපුරු ආත්මයක් ක‍්‍රියා කරන බව.
අශුද්ධ ආත්ම වලට මනුෂ්‍යයන් රැවටීමේ යම් ප‍්‍රමාණයක හැකියාවක් ඇත.
1 කොරින්ති 10:19-20
[19] එසේවී නම් කුමක් කියම්ද? දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමක්ය කියාවත් කියම්ද? [20] නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.
මිත්‍යාදුෂ්ඨික පූජා කරන්නන් හට තාවකාලික පිළිතුරු ලැබිය හැකිය. ඔවුන් සිතන්නේ එය ආශීර්වාදයක් කියාය. නමුත් කෙටි කාලයකින් ඔවුන් ශාපයකට අසුවෙනු ඇත.
බොහෝ අය මෙවැනි බොරු විශ්වාස කරමින් ඔවුන් යක්ෂයාට වැඳ නමස්කාර කරති.
දෙවියන්වහන්සේ අපට පවසන්නේ යක්ෂයා සමඟ කිසිදු සහභාගිකමක් නොපවත්වන ලෙසය.
ඔබ තුළ වාසය කරන ශුද්ධාත්මයාණන් වහන්සේ කරන කොට ගෙන මෙවැනි ආත්ම දෙවියන්වහන්සේගෙන්ද, යක්ෂයාගෙන්ද කියා ඔබට තේරුම් ගත හැකිය.
මෙවැනි දේට අසුවන්නේ බයිබලය නොදන්නන්ය. හරි දේශනා නොඅසන්නන්ය.
අප හරි දේශනා අසා සිටින්නේ නම් මෙය ශුද්ධාත්මයාණන් කරණකොට ගෙනද, යක්ෂයාගෙන් කියා අප තුළ රඳා පවතින වචනයෙන් අපට විමසා දැනගත හැකිය.
හෙබ්‍රෙව් 4:12
[12] මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුළුද වෙන්කරන තරමට කාවදින්නේය, සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය.
අප තුළට එන සිතුවිලි දෙවියන්වහන්සේගෙන්ද, යක්ෂයාගෙන්ද කියා වෙන් කරනුයේ දෙවියන්වහන්සේගේ වචනයයි.
හෙබ්‍රෙව් 4:13
[13] උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නුවූ කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ, අපෙන් ගණන්ගන්නේ උන්වහන්සේය.
දෙවියන්වහන්සේ ඉදිරියේ ප‍්‍රකාශ නොවන්නාවු කිසිවක් නැත.
සිදුවන හැම ආශ්වර්යයක්ම විශ්වාස නොකල යුතුය. මන්ද යක්ෂයාටත් ඒවා සිදුකල හැකිය.
ගැළවීම ලැබූවන් මුළා කරන තරමටම යක්ෂයාට සෙනඟ මුළා කල හැකිය.
ශු. මතෙව් 24:24
[24] මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය.
ඔබ තුළ වචනය තිබේ නම් මේ වෙනස වෙන්කර හදුනාගත හැකිය.
1 කොරින්ති 10:21
[21] නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.
දේව දරුවන්ට යක්ෂයන්ගේ දේ වලට සම්බන්ධකම් පැවැත්වීම සුදුසු නැත.
1 කොරින්ති 10:22-23
[22] නොහොත් අපි ස්වාමීන්වහන්සේ උදහස්කරමුද? අපි උන්වහන්සේට වඩා බලවත්ද? [23] සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.
සියලු දේ ගැන අපට නිදහස තිබේ. භය නොවී නුසුදුසු දේ ප‍්‍රතික්ෂේප කරමු. ගොඩනගන්නක් නැති දේ විනාශයක්ය. එවැනි දේ වලින් ඉවත්වෙමු.
ශුද්ධාත්මයාණන්වහන්සේ අප තුළ සිටින හෙයින් උන්වහන්සේ අපට මඟ ගෙන්වනු ඇත. එම නිසා අපට අලාභ වන කිසිවකට යොමු නොවෙමු.
අප වචනයේ උපකාරයෙන්, යහපත් උපදෙස් වලින් කඩිසරව කටයුතු කරමින් ලාභය උපදවමින් ජීවත්වෙමු.
හිතෝපදේශ 21:5
[5] කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
තීරණ ගැනීමට ඉක්මන් නොවන්න. ඔබගේ හදිසිය නිසා බංකොලොත්වීමට පුළුවන. ආත්මිකව, ශාරිරිකව ලෙඩ රෝග වලින්, මුදල්මය අතින් බංකොලොත් විය හැකිය. එතුලින් ඔබ වියවුල්ව කිතුනු ධර්මයට අපහාස ගෙන එන්නට පුළුවන.
මනුෂ්‍යයන් බොහෝ ප‍්‍රදර්ශන සේවා වලට කැමතිය. වැටෙන, දගලන, ඔවුන් සිතන්නේ එලෙස සිදුවිය යුතුයි කියාය.
මෙවැනි දේ වලට අසුනොවී වචනය අනුව ගමන් කරමු.
බලවත් දේ කිරීමට ආලේපය ලැබෙනුයේ ශුද්ධාත්මයාණන් තුළින් පමණි. (ක‍්‍රියා 1:8)
ශුද්ධාත්ම බලය ලැබෙන්නන් වැටෙනවායැයි කියා බයිබලයේ සඳහන්ව නොමැත.
අප ගැළවීම ලැබූ පසු වචනයෙන් වර්ධනය විය යුතුය.
වර්ධනයක් නොමැතිව දුර්වලව සිටියොත් අප පහසුවෙන්ම රැවටීමට හසුවේ.
1 පේතෘස් 2:1-3
[1] එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකරදමා, [2] ස්වාමීන්වහන්සේ යහපත් බව නුඹලා රසබලා දැනගත්තහු නම්, [3] ආත්මිකවූ අමිශ්‍රවූ කිරිවලින්, නුඹලා ගැළවීම සඳහා වර්ධනයවන පිණිස අලුත උපන් බිලිඳුන් මෙන් එයට බොහෝ ආශාවෙන්න.
අපගේ ජීවිතයේ අප යම් වෙනස්වීමක් සිදුකල යුතුය. යේසුස්වහන්සේ පිළිගත් පසු, ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළට පැමිණි පසු අපගේ ජීවිතයේ තිබු පරණ පුරුදු, අඳුරු ගතිගුණ වලින් අප ඉවත්විය යුතුය.
අවංක මනුෂ්‍යයන් සමඟ සහභාගිකම් පැවත්වීමෙන් ඔබගේ ජීවිතය ගොඩනගා ගත හැකිය.
දේව වචනයෙන් වර්ධනයවීමට අපි ආශාවක් ඇති කර ගත යුතුය. වර්ධනයවීම තිබෙන්නේ ඔබගේ අතේය.
අවවාදය සුළු කරන්නාට පැමිණෙන්නේ විනාශයයි.
හිතෝපදේශ 29:1
[1] බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
ඔබගේ ආත්මික ජීවිතය ගැන වගකීම ඔබ සතුය.
ඔබ වගකීමෙන් ක‍්‍රියා කරන කල දෙවියන්වහන්සේ ඔබට හරි වැරැද්ද වටහා ගැනීමට උපකාරි වේ.
2 තිමෝති 2:19
[19] එසේද වුවත්: ස්වාමීන්වහන්සේ තමන්ගේ අය දන්නාසේකැයිද ස්වාමීන්වහන්සේගේ නාමය සඳහන්කරන සියල්ලෝ අධර්මිෂ්ඨකමින් පහවෙත්වායිද යන මුද්‍රාව ඇතුව දෙවියන්වහන්සේගේ ස්ථිර අත්තිවාරම පවත්නේය.
දෙවියන්වහන්සේගේ නාමය දරන්නාවු අප අයුතුකම්, අධර්මිෂ්ඨකම් වලින් ඉවත්විය යුතුය.
එපීස 4:24
[24] සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන්වහන්සේට සමානව මවනලද්දාවූ අලුත් මනුෂ්‍යයා පැළඳගන්නා ලෙසය.
දෙවියන්වහන්සේ හා සමානව සැබෑ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමින් උන්වහන්සේ දැන් ඔබව මවා තිබෙන්නේ.
දෙවියන්වහන්සේ අපට පවසන්නේ ඒ අලුත් මනුෂ්‍යයාව පැළදගන්න කියා.
ඔබගේ කථාවෙන් හා සිතුවිලි වලින් පරණ මනුෂ්‍යයා පහකර දමන්න.
අලුත් මනුෂ්‍යයා පැළදගෙන බොරුවේ ජීවිතයෙන් ඉවත්වන්න. ඇත්ත කථාකරමු. මනුෂ්‍යයා සමඟ ඔබගේ සහභාගිකම දේව වචනයත් සමඟ තබාගන්න.
එපීස 4:25
[25] එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.
කෝපය පැමිණිය හැකියි එහෙත් ඉවසිය යුතුය. තිත්තකමක් තබා නොගනිමු.
එපීස 4:26-27
[26] කෝපවුණත් පව් නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න. [27] යක්ෂයාට ඉඩ නොදෙන්න.
ඔබගේ ක‍්‍රියා තුළින් යක්ෂයාට ඉඩ නොදෙන්න.
එපීස 4:28-29
[28] සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.
[29] නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
කිතුනුවන් ලෙස අප ලෝකයේ පුරුදුවලින් ඉවත්විය යුතුය.
බොරුවෙන් ජීවත්වුවහොත් අප අපවම විනාශකර ගන්නවා ඇත.
එකිනෙකාට ප‍්‍රයෝජනවත් දේ පමණක් අප කථා කරමු.
භාජන යනු පුද්ගලයන්ය. අපගේ මනස අප වෙනස් කර නොගතහොත් අප ජීවත්වන්නට යන්නේ මැටි, ලී, පිදුරු භාජන සේය.
දෙවියන්වහන්සේගේ උතුම් ගැළවීම පිලිගෙන අපගේ මනස වෙනස්කරහොත් රන්, රිදී භාජන සේ අප ගෞරවය සදහා ජීවත්වේ.
2 තිමෝති 2:20
[20] ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය.
අප අගෞරව භාජන ලෙස ජීවත්වීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවේය. නමුත් පෞද්ගලිකව තමාව වෙනස් කර නොගත් අය එලෙසින් සිටිති.
දෙවියන්වහන්සේ තරාතිරම් බලන්නේ නැත. ධර්මිෂ්ඨනම් කරන්නන්ගේ ජීවිත ගෞරව භාජන ලෙස උන්වහන්සේ සාදන සේක.
ක්‍රියා 10:34
[34] එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.
දේව භයක් අපට තිබෙන්නට අවශ්‍යයි. දෙවියන්වහන්සේ අපව ගැලෙව්වේ ධර්මිෂ්ඨ ලෙස ජීවත්වීමටය.
නොමිලේ ලැබූ ගැළවීම තුළ ජීවත්වීමට අප අපගේ ශ‍්‍රමය, කැපවීම, භාරවීම, මනස මිලයක් ලෙස ගෙවිය යුතුය.
ක්‍රියා 10:35 b
[35] සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.
හරි ගැළවීමක් නැත්තාගේ ජීවිතය බල්ලා උගේ වමනයට හැරී යන්නා සේය.
2 පේතෘස් 2:22
[22] බල්ලා නැවත උගේ වමනයටත්, නෑවාවූ ඊරී මඩේ පෙරළීමටත් හැරී ගියෝය යන සැබෑවූ උපමාවේ ප්‍රකාරයට ඔවුන්ට සිදුවී තිබේ.
වරදක් සිදුවූ විට එය නොසලකා නොසිට එය කියාදී කමාව ලබාගන්නෙකු වන්න.
ඔබගේ දුර්වලතා වචනය තුළින් හදාගත යුතුය. දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේ පාපයට සමාවය.
ඔබගේ පාපය වසා නොසිට එය කියාදී අත්හැර කමාව ලබා ගන්න.
හිතෝපදේශ 28:13
[13] තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
ඔබගේ ජීවිතය හදාගන්නේ නම් ඔබට ගෞරව පිණිසවූ භාජනයක් විය හැකිය.
2 තිමෝති 2:21
[21] එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.
අවංක අයගේ කිසි යහපතක් දෙවියන්වහන්සේ වලක්වන්නේ නැත. අප නිතර අවංක දෙවියන්වහන්සේට පාවිච්චියට සුදුසු භාජනයක් ලෙස ජීවත්වෙමු.
ගීතාවලිය 84:11
[11] මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.
පාවුල් සහ සීලස්ගේ සේවයට බාධාවක්වූ දේ ඔවුන් පහකරන ලදි.
ක්‍රියා 16:16-18
[16] අප යාච්ඤාකරන තැනට යද්දී, ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තාවූ, පේනකීමෙන් ස්වකීය ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙවූවාවූ එක්තරා තරුණියක් අපට සම්බවූවාය. [17] ඈ පාවුල් සහ අප පස්සේ එමින්: මේ මනුෂ්‍යයෝ ගැළවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නාවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ දාසියෝයයි මොරගසා කීවාය. [18] ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. එවිට පාවුල් අතිශයෙන් අප්‍රසන්නවී, හැරී ආත්මයට කථාකොට: යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේගේ නාමයෙන් ඇගෙන් අහක්වී යන්ට නුඹට අණකරමියි කීවේය. ඒ පැයේදීම ආත්මය අහක්වගියේය.
ඔබගේ ජීවිතයට බාධා කරන දේවල් පහකර දෙවියන්වහන්සේට පාවිච්චි කල හැකි සුදුසු භාජනයක් ලෙස ජීවත්වන්න.
Watch the Sermon Video