+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
ඇදහිල්ල යනු ඔබ දෙවියන්වහන්සේව නොදැක ප්‍රේම කිරීමයි - මනූ මැතානි
May 11, 2025 Sunday Sermon Notes
දෙවියන්වහන්සේ පිළිගත් සියල්ලන්ට උන්වහන්සේ දී තිබෙන්නේ භයාදුකමේ ආත්මයක් නොව පුත‍්‍රකමේ ආත්මයක්ය.
ගැළවීම ලබා ගත් පසු අප භය විය යුතු නැත.
රෝම 8:15
[15] මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.
පුත‍්‍රකමේ ආත්මය අපට ලැබී ඇති හෙයින්, අප පුත‍්‍රයන් මෙන් හැසිරෙමු. පුත‍්‍රයන් මෙන් ක‍්‍රියා කරමු.
යේසුස්වහන්සේ පිළිගත් පසු අප පුත‍්‍රයෙක් බවට එළිදරව්වක් තිබිය යුතුය. අපට බොහෝසෙයින් ප‍්‍රේමකරමින් සියල්ල සපයා දෙන දෙවියන්වහන්සේ මාගේ පියාණෝය කියා කියන්නට පුළුවන්කම අපට තිබිය යුතුය.
“අබ්බා පියා” යනු පියෙකුට ළගින්ම ඇමතිය හැකි වචනයයි. එසේ ඇමතීමට තරම් අනුග‍්‍රහයකින් දෙවියන්වහන්සේ අපව ගළවා, මුදවා ඇත.
භිය ප‍්‍රතික්ෂේප කිරීමට තෝරා ගනිමු. භියේ හඬට නොව, ප‍්‍රේමනීය දෙවියන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙමු.
අප අලුත් මැවිල්ලක් යන විශ්වාසයෙන් ගමන් කරමු.
ලෝකයේ අදුරුභාවය අපගේ යහපත්කම උරා ගන්නට තැත් කරයි.
දෙවියන්වහන්සේ අපව මවා ඇත්තේ ලෝකයේ ආලෝකයව ජීවත්වීමටය. ආලෝකයේ ගමන් කරන විට අන්ධකාරයට අපව පාලනය කල නොහැකිය.
අන්ධකාරයේ ජීවත්වන්නන් සූදානම්ව සිටින්නේ නිතර අයහපත් දෙයක් කිරීමටය. ඔවුන් තමන්ගේ පැත්තට මනුෂ්‍යයන් රැස්කර ගනිමින් තම ශක්තියෙන් ජය ගැනීමට උත්සහා කරයි.
අපට ජය ගත හැකිවන්නේ මනුෂ්‍යය ශක්තියෙන් නොව දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පමණි.
ගොලියත් දාවිත්ට විරුද්ධව පැමිණියේ ඔහු සතු යුධායුධ පැළදගෙනය. නමුත් දාවිත් පැවසුවේ ඔහු පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ නාමයෙන් කියාය. (1සාමුවෙල් 17:45-46)
උසස්තම නාමය වූ දෙවියන්වහන්සේගේ නාමය අපට ඇත. ඒ නාමයෙන් පවසන විට අපට පිහිටවීමට දේවදූතයන් රාශියක් සිටියි.
අප ජීවත්වන ලෝකයේ අසාධාරනකම් බොහෝ සිදුවේ. එය ලෝකයේ ක‍්‍රමයයි.
2 තෙසලෝනික 3:2-3
[2] හිතුවක්කාර නපුරු මනුෂ්‍යයන්ගෙන් අප ගළවනු ලබන පිණිසද අප උදෙසා යාච්ඤාකරන්න; මක්නිසාද සියල්ලන්ටම ඇදහීම නැත. [3] නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
දෙවියන්වහන්සේ නපුරාගෙන් අපව ආරක්ෂා කරනු ඇත.
අප ඇදහිල්ලෙන් යාච්ඤා කරන කළ නපුරු, හිතුවක්කාර අයට ප‍්‍රේමකිරීමට අපට හැකිවනු ඇත. අප ප‍්‍රේමයෙන් ඔවුන්ට යේසුස්වහන්සේව හදුන්වා දෙමු.
අප ජීවත්වන්නේ අපගේ මනසේ හැකියාවෙන් නොව, දෙවියන්වහන්සේගේ වචනය තුළින් හා අභ්‍යන්තර මනුෂ්‍යයා තුළින්ය.
දෙවියන්වහන්සේ අප දී ඇති පොරොන්දු නිසැකව ඉටුවේ. පොරොන්දුවක් යනු බීජයක්ය. එය අපගේ ජීවිතය තුළ වපුරා එය වර්ධනයවීමට අප ඉඩ දිය යුතුය.
ඉවසීමෙන් බලාසිටිමු. අපට යමෙක් අසාධාරනයක් කළේනම් ඊට වැඩියෙන් දෙවියන්වන්සේ ඔබට විපාක දෙනු ඇත.
දෙවියන්වහන්සේ ක‍්‍රියා කරන්නේ ඔබගේ ඇදහිල්ලේ ප‍්‍රමාණය හැටියටය.
හාස්කමක් සිදුවූ පසු ඔබ දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාස කර වචනය අදහමින් ඇදහිල්ලෙන් ජීවත්වන්නෙකු වන්න.
ඇදහිල්ල වර්ධනය කරගනිමින් පෙනෙන දේ අනුව නොව නොපෙනෙන දේ අනුව ගමන් කළ යුතුවේ.
ඇදහිල්ල වර්ධනය කරගන්නා විට ඕනෑම ස්ථානයකට කිසිදු භයකිත් තොරව ගමන් කළ හැකිය.
ඔබ විශ්වාස කරන විට දෙවියන්වහන්සේගේ ප‍්‍රතිඵල දැකිය හැකිය.
1 පේතෘස් 1:8
[8] නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,
අප යේසුස්වහන්සේට ප‍්‍රේම කරන්නේ උන්වහන්සේ දැක නෙවේය ඇදහිල්ලෙනි.
ඇදහිල්ල යනු අප දකින්නැති තැනැන්වහන්සේට ප‍්‍රේමකිරීමය.
තෝමස්ට අවශ්‍යය වූයේ දකිමින් විශ්වාස කිරීමය. යේසුස්වහන්සේ පැවසුවේ නොදුටු නමුත් විශ්වාස කරන අය ආශීර්වාද ලද්දන් කියාය.(යොහන් 20:24-29)
ආබ‍්‍රහම් විශ්වාස කළේ නොදැකය.
යෙසායා 51:2
[2] නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ව කැදවූයේ තනිවමය. (උත්පත්ති 12:1)
ආබ‍්‍රහම් තම ගමනට ලොත්වද එකතු කර ගන්නා ලදි. (උත්පත්ති 12:4)
ගමනෙහි ටික දුරක් යන විට ලොත් නිසා ආබ‍්‍රහම්ට ගැටළු පැමිණෙන ලදි.
කැදවීමක් නොමැති මනුෂ්‍යයන් හට වැඩිදුරක් ගමන් කළ නොහැක.
ආබ‍්‍රහම්ට ලොත්ව වෙන් කිරීමට සිදුවුණි.
ආබ‍්‍රහම් ලොත්ගෙන් වෙන්වූ පසුවයි දෙවියන්වහන්සේ ආබ‍්‍රහම්ගේ ගමන ඔහුට පෙන්නුම කරන ලද්දේ. (උත්පත්ති 13:14-18)
ලොත් තමාගේ ඇස් ඔසවා බලා සොදොම තෝරාගන්නා ලදි.
උත්පත්ති 13:8-10
[8] එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ නුඹ අතරෙහිද මාගේ එඬේරුන් සහ නුඹේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය. [9] මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය. [10] ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.
ලොත් ගමන් කලේ පෙනීමේ හැටියටය. තෝරා ගත්තේ වැරදි දේය.
අපගේ ආත්මික ජීවිතේ ගමන් කිරීමෙදී ඇදහිල්ලෙන් ගමන් කළ යුතුය. අපට නෙළාගැනීමට විශාල අස්වැන්නක් ඇත. අපි පෙනීමේ හැටියට ගමන් කළහොත් ඇදහිල්ලේ ගමනට එය විශාල බාධාවකි.
වැඩිකල් යන්නට පෙර ලොත්ව බේරා ගැනීමට ආබ‍්‍රහම්ට යන්නට සිදුවුනි. (උත්පත්ති 14:12-17)
ආබ‍්‍රහම් ඇදහිල්ලෙන් බොහෝ දුරක් ගමන් කරන ලදි.
හදිසි තීරණ ගන්නාවු අය ඉක්මනින් හිඟකමට පත්වේ.
හිතෝපදේශ 21:5
[5] කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ; එහෙත් ඉක්මන්කාරයා ඉක්මන්වෙන්නේ හිඟවීමට පමණකි.
දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව ඉටු කරන තුරු ඉවසීමෙන් බලා සිටිමු.
නියම කලට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ පුත‍්‍රවූ යේසුස්වහන්සේ මේ පොළොවට එවන ලදි.
දෙවියන්වහන්සේට නියම කාලයන් ඇත.
ගලාති 4:4
[4] නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක.
දෙවියන්වහන්සේට අවශ්‍යය උන්වහන්සේව මුලු සිතින්, මුලු හදවතින් සොයන අයයි. උන්වහන්සේ බොරු කීමට මනුෂ්‍යයෙක් නොවේය.
ගණන් කථාව 23:19
[19] බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?
අප අද හුස්ම ගන්නේ දෙවියන්වහන්සේ නිසාය. උන්වහන්සේ හිරු එළියත්, වර්ෂාවත් ධර්මිෂ්ඨයාට මෙන්ම අධර්මිෂ්ඨයාටද දෙනු ඇත.
දෙවියන්වහන්සේ කෲර නැත. උන්වහන්සේ මුළු ලෝකයාටම ප‍්‍රේමකරමින් තම පුත‍්‍රයා දුන්සේක. ඒ අපව ගළවන්නටය, මුදවන්නටය.
වෙහෙසවන්නාවු, බර උසුලන්නාවු සියල්ලෙනි මා වෙතට එන්නැයි යේසුස්වහන්සේ අපට ආරාධනා කර සිටියි. (මතෙව් 11:28)
සහනය ලැබෙන්නේ අපගේ ක‍්‍රියාවෙන් නොව උන්වහන්සේගේ අනුග‍්‍රහයෙනි.
මළවුන්ගෙන් නැඟිට ජීවත්වන තැනැන්වහන්සේ අපවද ජීවත් කිරීමට බලා සිටියි.
ඇදහිල්ල තිබෙන්නේ යම් දේවල් දකින්ට පෙර විශ්වාස කරන දේ තුළය.
අප විශ්වාස කරන්නේ යේසුස්වහන්සේ අප මාධ්‍යයේ සිටින බවය. අප උන්වහන්සේට ප‍්‍රේම කරන බවය.
1 පේතෘස් 1:8-9
[8] නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, [9] නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය.
අප සිටින්නේ කියා නිමකළ නොහැකිවූ ප‍්‍රීතියකිනි. ඒ අපගේ දෙවියන්වහන්සේ ස්ථීරව සිටින නිසාය.
ශු. මතෙව් 6:9
එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:- ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය තිබෙන්නේ අප තුළය. අප ගැළවීම ලැබූ අවස්ථාවේ අප උන්වහන්සේගේ රාජ්‍යය පොළොවට ගෙනෙනු ලබයි.
උන්වහන්සේගේ රාජ්‍යය නම් ධර්මිෂ්ඨකමත්, ප‍්‍රීතියත්, සමාදානයත්ය.
ශු. මතෙව් 6:10
ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.
ස්වර්ගයෙහි කැමැත්ත ඉටුවන්නේ අප තුළිණි. අප සිටින්නේ ස්වර්ගයෙහි කැමැත්ත ඉටුකිරීමටය.
රෝම 14:17
[17] මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ.
අප ඇදහිල්ලෙන් ජීවත්වන විට ස්වර්ගය අප තුළින් මනුෂ්‍යයන්ට දැකිය හැකි විය යුතුය.
අප දෙවියන්වහන්සේගේ ශුද්ධවන්තයන්ය. මේ ලෝකයේ ආරම්භයටත් ප‍්‍රථම උන්වහන්සේ අපව තෝරාගෙන ඇත. පෙර නියම කළාවු කාරණාවක් වන උන්වහන්සේගේ සුභාරංචියේ වචනයට අප ප‍්‍රතිචාර දක්වන අයුරු උන්වහන්සේ බලා සිටියි.
මනුෂ්‍යයන් අපව පිළිනොගත්තත්, ප‍්‍රතික්ෂේප කළත්, ඔවුන් ඔබව පිළිගන්න නියමිත දවසක් එනු ඇත.
යෝසෙප්ව සහෝදරයන් ප‍්‍රතික්ෂේප කරමින් වලකට දමා පසුව වහලෙක් සඳහා විකුණන ලදි. (උත්පත්ති 37:23-28)
යෝසෙප්ට තම නිවසින්ම අසාධාරණකම් සිදුවුණි.
මිසරයේ රැකවරුන්ගේ නායකයා වන පෝතිඵර් විසින් යෝසෙප්ව මිලදි ගන්නා ලදි. ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිටි හෙයින් ඔහු සියල්ලෙන් සඵලවෙනවා දුටු පෝතිඵර් ඔහු සතු සියල්ල යෝසෙප්ට භාරදී ඔහු නිවසේ ප‍්‍රධානියාකරන ලදි. (උත්පත්ති 39:1-5)
පෝතිඵර්ගේ නිවසේද යෝසෙප්ට අසාධාරණකම් සිදුවී අවසානයේ සිරගත වෙන්නට වුණි. (උත්පත්ති 39:17-20)
ඔහු සිරගෙදරට ගියත් සිරගෙදර නායකත්වය ඔහුට හිමිවුණි. දෙවියන්වහන්සේගේ අභිමුඛත්වය ඔහු තුළ තිබුණි. (උත්පත්ති 39:22-23)
යෝසෙප් ඉවසීමෙන් සිටි අතර දෙවියන්වහන්සේ ඔහුව සිරගෙදර සිට රජ මාළිගාව දක්වාම ඉහලට ගෙන යන ලදි. (උත්පත්ති 41:39-44)
අපද ඉවසීමෙන් යුක්තව දෙවියන්වහන්සේගේ වචනය විශ්වාසය කරමින් ඇදහිල්ලෙන් ගමන් කිරීමට තීරණය කර ගනිමු.
හාස්කමක් මොහොතකින් සිදු නොවුනායයි කියා දෙවියන්වහන්සේගේ වචනය සුළු නොකර සිටිමු.
ඔබගේ වේලාවට කාරණා ඉටුවිය යුතුයි යන මතයේ නොසිට සියල්ල ලැබුනේයැයි විශ්වාස කරමින් දෙවියන්වහන්සේට ස්තූති කිරීම උතුම්ම නමස්කාරයයි.
දෙවියන්වහන්සේ බාහිර ක‍්‍රියා දෙස නොබලයි. උන්වහන්සේ බලන්නේ අපගේ සිතය.
දෙවියන්වහන්සේ කැමති අප ප‍්‍රඥාවන්තව තීරණ ගන්නවාටය. ඇදහිල්ලේ මනුෂ්‍යයන් වැරදි තීරණ ගන්නේ නැත.
අපට ප‍්‍රඥාව අඩුනම් දෙවියන්වහන්සේගෙන් එය ඉල්ලිය යුතුය.
යාකොබ් 1:5
[5] නුමුත් නුඹලාගෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, වරද නොතබන්නාවූ, බොහෝ කොට සියල්ලන්ට දෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් ඔහු ඉල්ලාවා; එවිට ඔහුට එය දෙනු ලැබේ.
දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව පිරිසිදුය. වැරදි දේට උන්වහන්සේ ප‍්‍රඥාව නොදෙයි.
යාකොබ් 3:17
[17] නුමුත් ඉහළින් පැමිණෙන ප්‍රඥාව පළමුකොට පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව, යටහත්ව, දයාවෙනුත් යහපත් ඵලවලිනුත් පූර්ණව, අපක්ෂවාදිව, අවංකව තිබේ.
දෙවියන්වහන්සේගේ ප‍්‍රඥාව තුළ වැරදි තීරණ ගන්නේ නැත.
අප ප‍්‍රඥාව ලබා ගත යුත්තේ ඇදහිල්ලෙනි.
යාකොබ් 1:6
[6] නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.
වැදගත් තීරණ ගැනීමෙදි හදීසි නොවෙමු.
ප‍්‍රඥාව පාවිච්චි නොකිරීමෙන් බොහෝ විට මුදල් පවා නැති කර ගනී.
ඇදහිල්ල යනු ප‍්‍රඥාවන්ත ජීවිතයක් ගත කිරීමය.
Watch the Sermon Video