+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ එක් අයෙකු උදෙසා යමක් කරන්නේද, උන්වහන්සේ ඔබ උදෙසාද එය කරනු ඇත - මනූ මැතානි
May 18, 2025 Sunday Sermon Notes


ශුද්ධාත්මයාණන්වහන්සේ යමෙකුට යමක් කරනවානම් අනිවාර්යයෙන්ම එය අපටද කරනු ඇත. අපගේ විශ්වාසය, බලාපොරොත්තුව, නිසැකකම තුළින් අපට එය භුක්ති විදිය හැකිය.

දෙවියන්වහන්සේ බොහෝ දේවල් දී තිබෙන්නේ අපට මේ පොළොවේ භුක්තිවිදීමටය.

දෙවියන්වහන්සේගේ යහපත භුක්තිවිදිමින් අන් අයටත් ආශීර්වාදයක් වෙමු.

ඒ අතර තුර අපගේ ඇදහිල්ල රක්ෂා කරමින් විශ්වාසය, බලාපොරොත්තුව තදින් අල්ලාගෙන සිටිමු.

බලාපොරොත්තුවක් නොමැතිව ඇදහිල්ලක් නොමැත.

ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයයි. (හේබ්‍රෙව් 11:1)

දෙවියන්වහන්සේ තරාතිරම් බලන්නේ නැත.

ක්‍රියා 10:34-35
[34] එවිට පේතෘස් තමාගේ මුඛය හැර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.
[35] සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.

දේව භය ඇතිව යහපත්කම් කරන්නන්ව දෙවියන්වහන්සේ අත්නාරියි.

යේසුස්වහන්සේව පිළිගත් අය දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨකම් කරයි.

1 යොහන් 3:4-5
[4] පව්කරන සෑමදෙනම නොපනත්කමද කරති. පාපය නම් නොපනත්කමය. [5] පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.

පාපය යනු දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව කඩ කිරීමය.

අප වෙනුවෙන් පාප පූජාවක්වී යේසුස්වහන්සේ පාපය දුරුකළ සේක.

පාපයක් නොදත්තාවු යේසුස්වහන්සේ අප වෙනුවෙන් පාපය වුණි.

2 කොරින්ති 5:21
[21] අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක.

යේසුස්වහන්සේ ප‍්‍රකාශවුණේ අපගේ පාපය සම්පූර්ණයෙන්ම ඉවත් කරණ පිණිසය.

දෙවියන්වහන්සේ ඉදිරියේ සියලුම දෙනා පව්කරුවන්ය. (රෝම 3:23)

සියලු දෙනාගේම පාපය දුරුකරන පිණිස දෙවියන්වහන්සේ තම පුත‍්‍රයාවූ යේසුස්වහන්සේව මෙළොවට එවන ලදි.

1 යොහන් 3:5
[5] පව් දුරුකරන පිණිස උන්වහන්සේ ප්‍රකාශකරනු ලැබූ බව නුඹලා දනිහුය; කිසි පාපයක්ද උන්වහන්සේ තුළ නැත.

යේසුස්වහන්සේ පිළිගත් පසු අපගේ අභ්‍යන්තරයේ ඇති වෙන්නාවු වෙනස තුළින් මනස පාලනය කිරීමේ හැකියාව අපට ඇත.

අපගේ අභ්‍යන්තරයේ වෙනසක් කරමින් යේසුස්වහන්සේ අප තුළ සම්පූර්ණ වෙනසක් ඇති කරන ලදි.

යේසුස්වහන්සේ තුළ අප ඵල දරන්නන් විය යුතුය.

ශු. යොහන් 15:7
[7] නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.

යේසුස්වහන්සේ තුළ පවතිනවා යනු අප යන එන සෑම තැනම යේසුස්වහන්සේ සමඟ ගමන් කිරීමය.

අපගේ හිත මිතුරන්ට යේසුස්වහන්සේ ගැන පවසා ඒ අයට වර්ධනයට ඉඩ හරිමු.

1 කොරින්ති 3:6
[6] මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය.

අපට කිසිවෙක් ගැළවීමට නොහැක. දෙවියන්වහන්සේගේ කාර්ය අපට කළ නොහැක. දෙවියන්වහන්සේ ඔවුන්ව ගළවන්නේ ඔවුන්ගේ කැමැත්ත අනුවය.

දෙවියන්වහන්සේ දී තිබෙන කාර්ය පමණක් කරමු.

යෙරෙමියා 8:5
[5] යෙරුසලමේ මේ සෙනඟ නිරන්තරයෙන් අහක්ව සිටින හැටියට අහක්ව ගියේ මක්නිසාද? ඔව්හු වංචාව තදින් අල්වාගෙන: අපි හැරෙන්නේ නැතැයි කියති.

වංචාව තදින් අල්ලා ගත් විට දෙවියන්වහන්සේගේ දේ වලින් ඈත්ව පසුභටවූ ජීවිතයක් ගත කරන්නෙක් බවට පත්වේ.

අපගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අපට වගකීමක් ඇත.

දෙවියන්වහන්සේගේ වචනයට කීකරුව ගමන් කරන විට අපට ඇත්තේ ජීවනයයි. මරණය අපට අයිති නැත.

ශු. යොහන් 8:51
[51] සැබවක් සැබවක් නුඹලාට කියමි–යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණය දකින්නේ නැතැයි කීසේක.

යුදෙව්වරු යේසුස්වහන්සේ පැවසු වදන් හරියාකාරව තේරුම් ගත්තේ නැත.

යේසුස්වහන්සේගේ ප‍්‍රකාශය ඔවුන් තේරුම් නොගත්තේ ඔවුන් උන්වහන්සේගේ ක‍්‍රියාවන් පිළිනොගත් නිසාය.

ශු. යොහන් 8:52
[52] යුදෙව්වරු උන්වහන්සේට කථාකොට: නුඹට යක්ෂයෙක් ආවේශවී සිටින බව දැන් අපි දනිමුව. ආබ්‍රහම්ද අනාගතවක්තෘහුද මළෝය; යමෙක් මාගේ වචනය රක්ෂාකරන්නේ නම් ඔහු කිසිකලක මරණයේ රස නොවිඳින්නේමයයි නුඹ කියයි.

යේසුස්වහන්සේගේ වචනය රක්ෂා කරන්නේ නම් අපට මළාවූ ජීවිතයක් ගත කිරීමට අවශ්‍යය නැත.

මෙය යේසුස්වහන්සේ පැවසූ ජයග‍්‍රාහි වදනකි.

යේසුස්වහන්සේ පැවසූ වචනය සුළු නොකොට එය උතුම් කොට සලකමින් රක්ෂා කර ගනිමු.

1 තෙසලෝනික 5:16
[16] නිතරම ප්‍රීතිවෙන්න;

දෙවියන්වහන්සේගේ වචනයට අදාල ගීතිකා අසමින් අප ප‍්‍රීතිවෙමු

1 තෙසලෝනික 5:17
[17] නොකඩව යාච්ඤාකරන්න;

ඔබගේ යටි සිතින් වුවද යාච්ඤා කළ හැකිය. දේවස්ථානයේ පමණක් නොව නිවසේද අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළ යුතුවේ.

1 තෙසලෝනික 5:18
[18] සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

දෙවියන්වහන්සේගේ කැමැත්ත සියල්ලටම ස්තූති කරනවාටය.

නපුරු දේට ඇති පිළිතුර උදෙසා ස්තූති කරමු.

එපීස 5:20
[20] අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න.

සෑම යහපත් දෙයකටම යේසුස්වහන්සේගේ නාමයෙන් පියාණන්වහන්සේට අප ස්තූති කළ යුතුය.

පීඩා කාලයන් පැමිණෙන්නේ ස්වල්ප කලකටය.

දෙවියන්වහන්සේ ප‍්‍රශ්න, දබර ඇති කරන්නේ නැත.

දෙවියන්වහන්සේ කියන්නාවු දේ කරන්නාට වරදින්නේ නැත.

ආබ‍්‍රහම් හදිසිවී තීරණ ගැනීමෙන් ඉෂ්මයෙල්ගේ උපත සිදුවිය. (උත්පත්ති 16:1-16)

දෙවියන්වහන්සේ පවසන්නේ කිසිවකට කලබල නොවන ලෙසය. දෙවියන්වහන්සේ ඉවසීමේ හා සැනසීමේ දෙවියන්වහන්සේය.

රෝම 15:4-6
[4] මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය. [5] නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, [6] ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ආදර්ශය ලෙස නුඹලා එකිනෙකා සමඟ එක්සිත්ව සිටින්ට, ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන්වහන්සේ වර දෙනසේක්වා.

දෙවියන්වහන්සේ යෙහෝවා යයිරේ අපගේ සැපයුම්කරුය. උන්වහන්සේ වෙලාවට අපට සියල්ල සපයනු ඇත.

දෙවියන්වහන්සේ ඔබට යමක් දෙන්නැයි පැවසුවහොත් එයට කීකරුව එම කාරණය පමණක් ඉටු කළ යුතුවේ. ඊට වැඩි යමක් නොකරන්න.

1 සාමුවෙල් 15:22
[22] සාමුවෙල්ද: ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුවීම පමණ දවන පූජාවලටත් යාග පූජාවලටත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන සේක්ද? පූජාවට වඩා කීකරුවීමත් බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන්දීමත් හොඳය.

වැදගත්ම දේ දෙවියන්වහන්සේට ඇහුම්කන් දීම හා කීකරුවීමය.

පිලිප්පි 4:18
[18] නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ.

දෙවියන්වහන්සේට ප‍්‍රසන්න දෙයක් කළ විට එය උන්වහන්සේ ඉදිරියේ මිහිරි සුවඳක් හා ප‍්‍රසන්න පූජාවක්වේ.

පිලිප්පි 4:19
[19] මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක.

දෙවියන්වහන්සේට අපගේ අඩු ප‍්‍රමාණය උතුරා යන ලෙසට වැඩි කරනු ඇත.

දාවිත් රජ සෙනඟට වපුරන්නට අවස්ථාව දෙන ලදි.

1 ලේකම් 29:9
[9] සෙනඟ එසේ කැමැත්තෙන්ම ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීතිවුණෝය, මක්නිසාද ඔව්හු අවංක සිතකින් ස්වාමීන්වහන්සේට පූජාකළෝය. දාවිත් රජද මහත් ප්‍රීතියකින් ප්‍රීතිවුණේය.

අවංක හදවතින් ගෙනාවු අය මහත් ප‍්‍රීතියකින් ප‍්‍රීතිවිය. දෙවියන්වහන්සේ සමඟ අප සම්බන්ධ වන විට උන්වහන්සේ ආශීර්වාද කරනු ඇත.

දාවිත් රජ දෙවියන්වහන්සේට පූජාවක් ඔප්පු කිරීමට ගත් ඉඩමට මිලයක් ගෙවන ලදි.

2 සාමුවෙල් 24:22-25
22අරව්නාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමන්ට හොඳව පෙනෙන දෙයක් රැගෙන පූජාකෙරෙත්වා. මෙන්න, දවන පූජාවට ගවයෝ සිටිති, දර පිණිස මඩින යන්ත්‍රද ගවයන්ගේ වියගස්ද තිබේ. 23රජ්ජුරුවෙනි, අරව්නා මේ සියල්ල රජ්ජුරුවන්ට දෙන්නේයයි දාවිත්ට කීවේය. තවද අරව්නා කථාකොට: ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ පිළිගන්නාසේක්වයි රජුට කීවේය.රජද: එසේ නොව මිල ගණනකට එය නුඹෙන් ගනිමි. මට වියදමක් නැතුව මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට දවන පූජා ඔප්පු නොකරමියි අරව්නාට කීවේය. එසේ දාවිත් පාවරද ගවයන්ද රිදී ෂෙකෙල් පනසකට ගත්තේය. 25එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.

දාවිත් පැවසුවේ ඔහුගෙන් සිදුවූ වරඳ නිවැරදි කර ගැනීමට ඔහුට යම් මිලයක් ගෙවිය යුතු බවයි.

අප නිකරුනේ ජීවත්විය යුතු නැත. ඒ ආකල්පය අපව හිඟ භාවයට පත්කරයි.

දෙවියන්වහන්සේට යමක් දෙන්නේ නම් උතුම්ම දේ දිය යුතුය.

1 තෙසලෝනික 5:18
[18] සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.

ප‍්‍රශ්නයකදී ඔබටම ඔබ උදෙසා යාච්ඤා කළ හැකිය. යාච්ඤා කර දෙවියන්වහන්සේට ස්තූති දෙනකළ උන්වහන්සේ ඔබට පිළිතුරු දෙනු ඇත.

1 පේතෘස් 1:6
[6] ඕනෑව තිබෙන විට නුඹලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නුමුත්, ඒ ගැළවීම ගැන නුඹලා ඉතා ප්‍රීතිවන්නහුය.

පරික්ෂාවක් පවතින්නේ ස්වල්ප කලක්ය. ඒ කාලය ඇතුළත නොකඩවා දෙවියන්වහන්සේට ස්තූති දෙමින්, දේව වචනය තුළ ශක්තිමත් වෙමින් සිටිය යුතුය.

දෙවියන්වහන්සේගේ වචනය නිතර නිතර මතක් කිරීම අපගේ ආරක්ෂාවයි.

පාවුල් කෙතරම් පීඩා වින්දත් ඔහු ප‍්‍රීතිවන්නැයි පවසයි.

පිලිප්පි 3:1
[1] ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

1 තෙසලෝනික 5:19
ආත්මයාණන්වහන්සේ නොනිවන්න;

ශුද්ධාත්මයාණන්වහන්සේ නිවා නොගනිමු. ආත්මයාණන්වහන්සේ පවසන දෙයට කීකරුවෙමු.

පේතෘස් යේසුස්වහන්සේගේ හඬට කීකරුව දැල් හෙලූ විට මසුන් රාශීයක් අසුවිය. (ලූක් 5:5-7)

යේසුස්වහන්සේගේ වචනය වතුර මිදියුෂ බවට පත්වුණි. (යොහන් 2:8-11)

යේසුස්වහන්ගේ වචනයෙන් අපගේ රෝග සුවකිරීමට, අපගේ ආර්ථීකයට අත ගැසීමට උන්වහන්සේට පුළුවන. අපට තිබෙන්නේ විශ්වාස කිරීම පමණය.

අපගේ දෙවියන්වහන්සේ හාස්කම් කරන දෙවියන්වහන්සේය. උන්වහන්සේ බලවත්ය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් රෝග සුවකළ සේක. (ගීතාවලිය 107:20)

ශුද්ධාත්ම ගින්න නිවා නොගෙන අපි උන්වහන්සේ පවසන දේ කරමු.

1 තෙසලෝනික 5:20
අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;

අනාගතවාක්‍ය පැමිණෙන්නේ අපව ශක්තිමත් කරනටය, ගොඩනගන්නටය. අනාගත වාක්‍යය සුළු නොකරමු.

1 තෙසලෝනික 5:21
සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;

හරි දේ සෝදිසි කර බැලිය යුතුය. බොරු දේට අසුනොවී සිටිමු. යහපත් දේ තදින් අල්ලා ගනිමු.

1 තෙසලෝනික 5:22
සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.

රූපවාහිනියෙන්, දුරකථනයෙන් නපුරුවූ දේ බැලීමෙන් වැලකී සිටිමු.

දෙවියන්වහන්සේ ඔබට කථා කළේ නම් ඒ ආරාධනය පිළිගත යුතුවේ.
දෙවියන්වහන්සේට කීකරුවීමෙන් කිසිදා ආලාභයක් සිදුවන්නේ නැත.
උන්වහන්සේ සමඟ ගමන් කිරීම අපට සැමවිට ආශීර්වාදයක්ය.


Watch the Sermon Video

Read 31 times