+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South
බිය පරාජය කරන ප්‍රකාශ - යෝෂා මනූ
May 25, 2025 Sunday Sermon Notes
අද දිනත් අපි භයාදුකමේ ආත්මයට විරුද්ධව දේව වචනය ප්‍රකාශ කරමු
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය, ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. ගීතාවලිය 23:4
මෝසෙස්ද: භය නොවෙන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද ඔබට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද ඔබ අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.
නික්මයාම 14:13
ඔහුද: භයනොවන්න, මක්නිසාද ඔවුන් සමඟ සිටින්නන්ට වඩා අප සමඟ සිටින්නෝ බොහෝයයි කීවේය.
2 රාජාවලිය 6:16
මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි; මම දෙවියන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
ගීතාවලිය 56:3-4
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න’ ඔබට සමාදානය වේවා” සවිවෙයන්න” සවිවෙයන්නැයි කීවේය’ ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි’
දානියෙල් 10:19
භය නොවී, ප්රීතිසන්තෝෂවෙයන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දේ කළසේක.
යෝවෙල් 2:21
තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් ඔබට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? ඔබ මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.
යෙසායා 44:8
එබැවින් භය නොවෙන්න; ඔබ බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.
මතෙව් 10:31
කුඩා රැළ, භය නොවෙන්න; මක්නිසාද ඔබට රාජ්‍යය දෙන්ට ඔබගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.
ලූක් 12:32
ඔබ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, ඔබ විමසනු ලබන පිණිස යක්ෂයා ඔබගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; ඔබ දස දවසක් පීඩා විඳින්නහුය’ මරණය දක්වා විශ්වාසව සිටින්න. එවිට මම ජීවනයේ ඔටුන්න ඔබට දෙන්නෙමි. එළිදරව් 2:10
මම දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිමි. පිලිප්පි 1:14
උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වව් දැයි ඔවුන්ට කියා” නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය.
මතෙව් 8:26
ඔබ භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; ඔබ ගළවා ඔහුගේ අතින් මුදන්ට මා ඔබ සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
යෙරෙමියා 42:11
රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත් අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් මම භය නොවන්නෙමි. මම නරක ආරංචිවලට භය නොවන්නෙමි. මාගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ. ගීතාවලිය 91:5, 112:7
මාගේ මිත්‍රයෙනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවෙන්නයයි ඔබට කියමි.
ලූක් 12:4
දිව නමැති කසයෙන් මාව සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල මම භය නොවී සිටින්නෙමි.
යෝබ් 5:21
මෙම වචන ඉතා වැදගත්ය. අප ජීවන වචන කථා කරමු.
ස්වාමීනි මම භයවන්නේ නැහැ කියා අප පවසමු.
දේව වචනයේ නිතරම පවසන්නේ ධෛර්යමත් වන්න කියාය.
භය නොවන්න කියා බයිබලයේ 365 වාරයකටත් වැඩියෙන් සඳහන්ව ඇත. දිනකට 1 බැගින් පවසමින් දිනපතා ධෛර්යමත් වෙමු.
Watch the Sermon Video