+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ඇදහිල්ලේ වචනය - මනූ මැතානි
May 25, 2025 Sunday Sermon Notes


අප කිසි කළ භයවිය යුතු නැත.
අපගේ මිදුම්කරුන් වන ස්වාමීන්වහන්සේ අපව භයින් මුදවා උන්වහන්සේගේ ජීවනය අපට දී ඇති හෙයින් අප භියට ඉඩ නොදෙමු.

භියෙන් ඇති විය හැකි තත්වයන් ගැන විශ්වාස නොකර දිනපතා දේව පොරොන්දු අපගේ ජීවිතයේ ඉෂ්ඨවන බව විශ්වාස කරමු.

භියෙන් ජීවත්වනනැයි කියා දෙවියන්වහන්සේ කොතැනකවත් පවසා නැත.

ජීවිත මුළුල්ලේම මරණයට භියෙන් සිටි අපව යේසුස්වහන්සේ මුදවා නිදහස් කරන ලදි.

අප සැමවිට භිය ප‍්‍රතික්ෂේප කරමු.

ඇදහිල්ලේ ප‍්‍රකාශ පවසමින් භියෙන් තොරව ජීවත්වෙමු.

ඇදහිල්ලේ ප‍්‍රකාශන ඉතා වැදගත්ය.

රෝම 10:8
[8] වාක්‍යය නුඹ ළඟය, නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේය කියාය. එනම් අප විසින් ප්‍රකාශකරන ඇදහිල්ලේ වාක්‍යයය.

ඇදහිල්ලේ වාක්‍ය අප ප‍්‍රකාශකරමු. එයින් බලාපොරොත්තු වන දේට සහතිකයකුත් නොදක්නා දේට ඔප්පුවකුත් ලැබෙයි.

හෙබ්‍රෙව් 11:1
[1] ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය.

ඔබගේ ජීවිතයට දෙවියන්වහන්සේ දී ඇති දේවලට සහතිකය හා ඔප්පුව ඇදහිල්ලයි.

හදිසි භීතියට අප භය නොවිය යුතුය.

හිතෝපදේශ 3:25
[25] හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.

ඔබගේ ජීවිතයේ දුර්වල ස්ථානවලදී පවා භයනොවී මම ශක්තිමත්යැයි පවසන්න.

යෝවෙල් 3:10
[10] නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

මම දුර්වලයි කියා නොපවසා නිතර ස්වාමීන්වහන්සේගේ ශක්තිය ගැන ප‍්‍රකාශ කරමු.

දුර්වලකමේදී අප ප‍්‍රකාශ කරන්නේ අප විශ්වාස කරනදේය.

අපගේ වෛද්‍යවරයා වන ස්වාමීන්වහන්සේ පවසා ඇත්තේ උන්වහන්සේගේ තුවාල වලින් මා සුවයි කියාය. අපගේ රොගයේදී උන්වහන්සේ පැවසූ දේ අපත් පවසනවානම් ඒ කියු අයුරින්ම අපගේ ජීවිතයේ සිදුවනු ඇත.

2 රාජාවලිය 5:2
[2] සිරියවරුන් හමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඉශ්‍රායෙල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය; ඈ නාමන්ගේ භාර්යාවට සේවයකළාය.

ඉශ්‍රායෙල් දේශයෙන් නාමන්ගේ නිවසට රැගෙන ඇවිත් තිබු කුඩා කෙල්ලක් තම ස්වාමියාගේ සුවය සඳහා ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ ඉදිරියේ පෙනී සිටින්නැයි පවසන ලෙස තම ස්වාමිදුවට කීය.

2 රාජාවලිය 5:3
[3] ඈ වනාහි ඇගේ ස්වාමිදුවට කථාකොට: මාගේ ස්වාමියා සමාරියේ අනාගතවක්තෘ ඉදිරියෙහි පෙනීසිටියොත් හොඳය, එවිට ඔහු ඔහුගේ කුෂ්ඨය සුවකරනවා ඇතැයි කීවාය.

කලබලවූ ඉශ්‍රායෙල් රජුට අනාගතවක්තෘ පැවසුවේ දෙවියන්වහන්සේගේ වචනය පවසන්නෙකු සිටින බව දැනීමට නාමන්ව ඔහු ලගට එවන ලෙසය.

2 රාජාවලිය 5:8
[8] ඉශ්‍රායෙල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වූ එලිෂා අසා: නුඹ මක්නිසා නුඹේ ඇඳුම් ඉරාගත්තෙහිද? ඔහු මා ළඟට ආවාවේ, එවිට ඔහු ඉශ්‍රායෙල්හි අනාගතවක්තෘ කෙනෙකු සිටින බව දැනගන්නේයයි රජුට කියා ඇරියේය.

එලිෂා ලගට ආ නාමන්ට තම සේවකයා යවා එලිෂා පැවසුවේ යොර්දානෙහි සත් වරක් නා ගන්න කියාය.

2 රාජාවලිය 5:10
[10] එලිෂා: නුඹ ගොස් යොර්දානෙහි සත් වරක් නාන්න, එවිට නුඹේ මාංසය හරිගැහී නුඹ පවිත්‍රවන්නෙහියයි පණිවිඩකාරයෙකු අත කියා ඇරියේය.

නාමන් කිසිදා මෙවැනි සුවයක් බලාපොරොත්තු නොවීය.
මෙහි විශේෂත්වය දෙවියන්වහන්සේගේ වචනයට මුල් ස්ථානය දීමය.

කෝපයෙන් හැරී යන්නට හැදූ නාමන්ට ඔහුගේ මෙහෙකරුවන් පැවසුවේ ඔහුට කරන්ට තිබෙන්නේ සුළු දෙයක් කියාය.

2 රාජාවලිය 5:13
[13] ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කථාකර: මාගේ පියාණෙනි, අනාගතවක්තෘ මහත් දෙයක් කරන්ට ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේවී නම් නාලා පවිත්‍රවන්නැයි ඔහු ඔබට කී කල ඒක කරන්ට බැරිදැයි කීවෝය.

දෙවියන්වහන්සේගේ වචනය පැවසීම සුළු දෙයකි.

තිබෙන්නේ වචනය විශ්වාස කරමින් ක‍්‍රියා කරන්නටය.

2 රාජාවලිය 5:11
[11] නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.

අවසානයේ නාමන් කියූ ආකාරයට කළ නිසා සුවය ලැබීය.

2 රාජාවලිය 5:14
[14] එවිට ඔහු බැස ගොස් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ කීම ලෙස යොර්දානෙහි සත්වරක් ගිලුණේය. ඔහුගේ මාංසයද කුඩා ළමයෙකුගේ මාංසය මෙන් හරි ගැහී ඔහු පවිත්‍රවුණේය.

දෙවියන්වහන්සේට අවශ්‍යය වූයේ වචනය තුළින් ඔහුව සුවකරන්නටය.

යේසුස්වහන්සේගේ ලේ වලින් සුවයි කියා අප දිනපතා පවසමු

අපගේ අත්වලින් තවත් කෙනෙකුට ආශීර්වාදය ගලා යන්නට සලස්වන මෙන් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිමු.

කිතුනුවෙක් ජීවත්වන්නේ ඔහුගේ ඇදහිල්ලේ ප‍්‍රකාශනයෙන්ය.

ස්වාමීන්වහන්සේගේ වචනය අපට සෑහේ.

නාමන්ට සුවය ලැබුණේ 7 පාරක් ගිලුනාට පසුවය.

ඔබට සුවය ලැබෙන තුරුම ඇදහිල්ලේ ප‍්‍රකාශ නොකඩව ප‍්‍රකාශ කළ යුතුවේ.

දෙවියන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන්ද සපයා දෙන්නේ එලෙසින්ය. උන්වහන්සේගේ තේජසේ සම්පතේ ප‍්‍රකාරයට අපගේ සියලු හිඟකම් සම්පූර්ණ කරනු ඇත.

උතුරායන තරම් ආශීර්වාද, බහුලත්වය ස්වාමීන්වහන්සේගෙන් අපට ලැබී ඇති පොරොන්දුය. එම පොරොන්දු ප‍්‍රකාශ කරමින් සියල්ල දෙවියන්වහන්සේ දී අවසන් බව විශ්වාස කරමු.

7 වරක් ගිලුනු නාමන් සුවය ලැබීය. 7 යනු සම්පූර්ණ කමයි. 7වෙනි වර ගිලුනු විට ඔහු සම්පූර්ණ සුවය ලැබීය.

අවුරුදු ගණනාවක් දේශයට වර්ෂාව නොමැති අවස්ථාවක එලියා අනාගතවක්තෘ පැවසුවේ ඔහුට වර්ෂාවක ශබ්දයක් ඇසෙන බවය.

බොරු අනාගතවක්තෘන් 850 එලියා විනාශකරන ලදි.(1 රාජාවලිය18:40)

දෙවියන්වහන්සේගේ මහත් බලය අපගේ ජිවිතේ ක‍්‍රියා කිරීමට නම් පළමුකොට බොරුව අහක්කල දැමිය යුතුය.

බොරුවේ පියා පවසන දේවල් අප සම්පූර්ණයෙන්ම ඉවත්කළ යුතුවේ.

ආශීර්වාදය පැමිණෙන්නේ ඊට පසුවය.

1 රාජාවලිය 18:41
[41] එලියා ආහබ්ට කථාකොට: හැරී ගොස් කන්න, බොන්න; මක්නිසාද මහත් වර්ෂා ශබ්දයක් තිබේයයි කීවේය.

වර්ෂාවක ශබ්දය ගැන පැවසීම එලියා කළ ඇදහිල්ලේ ප‍්‍රකාශයකි.

1 රාජාවලිය 18:42-44
[42] ආහබ් කන බොන පිණිස හැරී ගියේය. එලියා කර්මෙල් කන්ද මුදුනට නැගී බිම වැටී දණ දෙකට අතරේ මුහුණ තබාගන: [43] නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය. [44] සත්වෙනි වර ඔහු කථාකොට: මනුෂ්‍යයෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මුහුදෙන් නැගී එන්නේයයි කීවේය. ඔහුද: වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම්කරගෙන ගිය මැනවැයි කියා නුඹ ගොස් ආහබ්ට කියන්නැයි කීවේය.

එලියා 7 වරක් යාච්ඤා කළේ නැත. ඔහු ප‍්‍රකාශනය කර අවසන්ය. මෙහෙකරුවා 7වරක් ගොස් මුහුද දෙස බලන ලදි. 7 වෙනි වර ඔහු කුඩා අතක් මෙන් වළාකුලක් දුටීය.

එකම කාරණාව උදෙසා නැවත නැවත යාච්ඤා නොකරන්න. එක් වරක් යාච්ඤා කළ පසු එය ලැබුනේයැයි අදහා නොකඩව ස්තුති කරමින් සිටිය යුතුවේ.

දුටුවේ කුඩා අතක් වැනි වළාකුලක් පමණි. වර්ෂාවක ලකුණක් නොවීය.

නමුත් එලියා අහබ්ට කියා යැව්වේ විශාල වර්ෂාවක් පැමිණෙන්ට යන බැවින් ඔහුගේ රථයට නැඟී ඉක්මනින් පිටවන ලෙසය.

1 රාජාවලිය 18:45-46
[45] ඉක්බිති මද වේලාවකින් අහස වලාකුල්වලින්ද සුළඟින්ද අඳුරුවුණේය, මහත් වැස්සක්ද විය. ආහබ් රථයට නැගී යෙස්‍රෙයෙල්ට ගියේය. [46] ස්වාමීන්වහන්සේගේ හස්තය එලියා කෙරෙහි පැමිණි නිසා, ඔහු තමාගේ කටිය බැඳගෙන ආහබ්ට පෙරටුව යෙස්‍රෙයෙල්ට ඇතුල්වෙන තැන දක්වා දිවුවේය.

මෙහිදී තවත් හාස්කමක් සිදුවිය. අහබ්ගේ අශ්ව රථයටත් වේගයෙන් දුවයන්නට එලියාට හැකිවුණි.

දෙවියන්වහන්සේ හාස්කම් කරන්නාවු බලවන්ත දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේට අපගේ ජීවිතයේ දේවල් ඉක්මනින්ද කළ හැකිය.

අප දෙවියන්වහන්සේ තුළ යටහත්ව සිටින කළ උන්වහන්සේගේ හස්තය අප පිටට පැමිණේ.

1 පේතෘස් 5:6
[6] එබැවින් දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න;

දෙවියන්වහන්සේ තුළ යටත් වන විට උන්වහන්සේගේ අපව ඔසවනු ලබයි.

යාකොබ් 5:15-18
[15] එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ. [16] එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි. [17] එලියා අප සමාන ගති ඇති මනුෂ්‍යයෙක්ව සිටිය නුමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දුකමින් යාච්ඤාකළේය; එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය. [18] ඔහු නැවත යාච්ඤාකළේය; එවිට අහසින් වැසි වැස, පොළොවේ ඵල හටගත්තේය.

ඉශ‍්‍රායෙල් සෙනඟ අන් දෙවිවරුන්, බොරු අනාගතවක්තෘන් පසුපස ගොස් විනාශවුණි.

බොරු අනාගතවක්තෘන් පසු පස යන්නන් විනාශය කරා යයි.

නමුත් එළියා බොරු අනාගතවක්තෘන් ගෙන්වා ඔවුන්ගේ වචනය බොරු කරමින් ඔවුන්ව විනාශ කර දමන ලදි.

ඉන් අනතුරුව එලියා පැවසූ වචනය ආකාරයෙන්ම සිදුවුණි.

ඕනෑම බොරු ඉගැන්වීමක් අප පහකළ යුතුය. දකින බොරු දේ වලට නොරැවටෙන්න.

දෙවියන්වහන්සේගේ වචනය පමණක් විශ්වාස කරමු.

නොකඩව දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහී රැදී සිටිමු. උන්වහන්සේ උන්වහන්සේගේ වචනයට බොරු කරන්නේ නැත.

උන්වහන්සේ ඇදහිල්ලේ යාච්ඤාවට පිළිතුරු දෙන දෙවියන්වහන්සේය.

දෙවියන්වහන්සේ එලියාට පිළිතුරු දුන් ආකාරයටම අපටත් පිළිතුරු දෙනු ඇත.

යාකොබ් 5:15-16
[15] එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමීන්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත. ඔහු පාපයන්කර තිබේ නම්, ඒවා ඔහුට කමාකරනු ලැබේ. [16] එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤාකරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පුකරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ටවෙයි.

දෙවියන්වහන්සේගේ වචනයේ ප‍්‍රකාරයට අප එකිනෙකාට සමාව දී සමාදානයෙන් ජීවත්වෙමු.

දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක්ගේ ජීවිත තුළ වෙනස්වීමක් කරන විට ඒ කෙනාගේ සිත දිනා ගැනීමට අප ආදර්ශයක් විය යුතුය.

1 පේතෘස් 3:1-2
[1] එසේම, භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, [2] ඔවුන් නුඹලාගේ පිරිසිදුවූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙන්න.

ඔවුන්ගේ හදවත් දිනාගත හැක්කේ ඔබ ඇවිදින බයිබලයක් ලෙස ජීවත්වීමෙනි.

හැසිරීම යන්නෙන් අදහස් කරන්නේ තමාගේ කතා විලාශය සහ ප්‍රකාශය වෙනස් කිරීමය. එතුලින් ඔවුන්ගේ හිත් දිනාගත හැකිය.

ඔබගේ යාච්ඤා කාලවලදී ඒ අය සිහිකරමින් යක්ෂ බළකොටු බිඳ හෙලා දමමින්, මුරණ්ඩු ආත්ම දුරුකර දැමිය යුතුය. ඒ අයගේ ආත්මික වර්ධනය උදෙසා යාච්ඤා කළ යුතුවේ.

ඇදහිල්ලේ වාක්‍ය තුළින් දේවල් වෙනස් කළ හැකිය.

සභාව යේසුස්වහන්සේගේ මනාලියයි. යේසුස්වහන්සේ මනාලයයි. අපගේ ආත්මික ස්වාමිපුරුෂයා යේසුස්වහන්සේය. ආත්මික ස්වාමි පුරුෂයා සමඟ හොඳ සම්බන්ධයක් ගොඩනඟා ගනිමු.

ඔබගේ හැසිරීම හා ප‍්‍රකාශනය තුළින් නිවසක් වෙනස් කළ හැකිය. පවුලක් වශයෙන් එක්ව ගමන් කිරීම ඉතා අගනා දෙයකි.

යක්ෂයා කියන දේට විරුද්ධ පැත්ත කථා කරමු.

2 තිමෝති 2:20-21
[20] ඉඳින් ලොකු ගෙයක රන් රිදී භාජන පමණක් නොව ලී මැටි භාජනත් ඇත්තේය; සමහරක් ගෞරවය පිණිසය, සමහරක් අගෞරවය පිණිසය. [21] එබැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍රකරගනී නම්, ඔහු පිරිසිදුකරනු ලැබුවාවූ, ස්වාමියාගේ පාවිච්චියට සුදුසුවූ, සියලු යහපත් වැඩවලට සූදානම්වූ, ගෞරවය පිණිසවූ භාජනයක් වන්නේය.

ලී සහ මැටි යනු ඇදහිල්ලෙන් වර්ධනය නොවූ දැකීමේ හා පෙනීමේ ප‍්‍රකාරයට සිටින්නන්ය. ඔවුන් හැසිරෙන්නේ මාංසාකාරවය. ඔවුන් හැගීම් භරව සිටිමින් අගෞරවයේ භාජන බවට පත්ව සිටිති.

දෙවියන්වහන්සේ පවසන්නේ ස්වාමියාගේ පාවිච්චිය සඳහා අප ගෞරවයේ සඳහා රන් හා රිදී භාජන විය යුතු බවය.

නොඇදහිලිකාරකම, සැක සිතුවිලි අහක දමා පවිත‍්‍රවෙමින්, මෙතුවක් ලී හා මැටි භාජනව සිටියත් ඉන් මිදී රන් හා රිදී භාජන බවට පත්වන්න.

රන් හා රිදී භාජනව සිටින්නේ නම් ඇදහිල්ලට පහරක් වදින්නට, ඇදහිල්ලෙන් දුර්වල වෙන්නට ඉඩ නොදී, ඇදහිල්ලේ ප‍්‍රකාශන තදින් අල්ලාගෙන ඉවසිල්ලෙන් ගමන් කරයි.

හෙබ්‍රෙව් 10:23
[23] අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශකිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු; මක්නිසාද පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටිනසේක.

පොරොන්දුව දුන් තැනන්වහන්සේ විශ්වාසවසිටියි. අප ඇදහිල්ලේ ප‍්‍රකාශය තදින් අල්ලා සිටිමු. අපේ දෙවියන්වහන්සේ අවශ්‍ය වේලාවේදී අප සමඟ සිටිමින් අපට උපකාර කරයි.

උන්වහන්සේ බලා සිටින්නේ අපගේ මුඛයෙන් පිටවන දේය. පොරොන්දුව දුන් තැනැන්වහන්සේ සදහටම එකාකාරය.

අප සිටින්නේ යහපත් සටනක් සටන් කරමින්ය.

1 තිමෝති 6:12
[12] ඇදහිල්ලේ යහපත් සටනෙන් සටන්කොට සදාකාල ජීවනය අල්ලාගන්න, ඊට නුඹ කැඳවනු ලැබ, බොහෝ සාක්ෂිකාරයන් ඉදිරියෙහි යහපත් ප්‍රකාශනය කර සිටියෙහිය.

දෙවියන්වහන්සේගේ පොරොන්දු සදාකාලිකයි. අප ඒවා තදින් අල්ලා ගනිමු.

යේසුස්වහන්සේ යක්ෂයාගේ ක‍්‍රියාකාරීත්වය කුරුසියේදී විනාශ කළ හෙයින් අපගේ සටන අද තිබෙන්නේ යක්ෂයා සමඟ නොවේය.

යේසුස්වහන්සේ අපව ඔසවා ජයග‍්‍රහණයේ මට්ටමක තබා ඇත. එම ජයග‍්‍රහණයේ වේදිකාවේ සිට අප යක්ෂයාව, සතුරාව, භිය පහකල යුතුයි. දෙමනස ප‍්‍රතික්ෂේප කළ යුතුවේ.

දෙවියන්වහන්සේ සදහටම එකාකාරයි යන වචනය තදින් අල්ලා ගනිමු.

අපගේ සටන ඇදහිල්ලේ යහපත් සටනයි. නිසැකවම ජයග‍්‍රහණය ලබා ගත්තෙකු සේ අප ජීවත්වය යුතුවේ.

පරික්ෂාවේදී ඉන් ගැළවීමට දෙවියන්වහන්සේ අපට මාර්ගයක් විවර කර ඇත.

1 කොරින්ති 10:13
[13] මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙන සේක.

පරික්ෂා එවන්නේ දෙවියන්වහන්සේ නොවේය. දෙවියන්වහන්සේව කිසිදා පරික්ෂකයා ලෙස හදුන්වා නැත.

1 තෙසලෝනික 3:5
[5] මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.

මෙහිදී පරික්ෂකයා ලෙස හදුන්වා ඇත්තේ යක්ෂයාය.

ඕනෑම පරික්ෂාවකදී මගේ දෙවියන්වහන්සේ විශ්වාසවන්තයි කියා අප සිතේ තබා ගත යුතුය.

විශ්වාසවන්තයි යනු උන්වහන්සේ කවදාවත් වෙනස්වන ස්වභාවයක් නැති තැණැන්වහන්සේය. උන්වහන්සේ ශක්තිමත්ය. ස්තීරව සිටින සේක.

අප විශ්වාස කරනවාටත් වැඩි දෙයක් දෙවියන්වහන්සේ කරන බව අපි විශ්වාස කරමු.

එපීස 3:20
[20] ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

අපගේ දෙවියන්වහන්සේට අධික ලෙස බලය ඇත.

යෙසායා 59:19
[19] එවිට බස්නාහිර සිට ස්වාමීන්වහන්සේගේ නාමයටත් නැගෙනහිර සිට උන්වහන්සේගේ තේජසටත් මනුෂ්‍යයෝ භයවන්නෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ හුස්මෙන් පිඹහරින්නාවූ, හිර වෙවී ගලන්නාවූ ජලධාරාවක් මෙන් උන්වහන්සේ එනසේක,

ඔබගේ සතුරා ඔබට විරුද්ධව එන විට මහත් ජලධාරාවක් මෙන් ස්වාමීන්වහන්සේ සතුරා යටකරනු ඇත.

අප නමස්කාර කරන්නේ සැබෑ දෙවියන්වහන්සේට බව මනුෂ්‍යයන් දැන ගන්නවා ඇත.

පරික්ෂා පීඩා මධ්‍යයේ අප නොසැලී අපගේ ඇදහිල්ලේ ප‍්‍රකාශය තදින් අල්ලා සිටිමු.

අප යාච්ඤාවෙන් සිටින කළ පරික්ෂාවන්ට අප වෙත ළං විය නොහැක.

දාවිත් ගොලියත් වෙත ගියේ ඇදහිල්ලේ වචන පවසමිනි. (1සාමුවෙල් 17:34-37)

ගොලියත් දි40ක් ඉශ‍්‍රායෙල්වරුන්ව කටින් භයකරන ලදි. (1සාමුවෙල් 17:8-11)

යක්ෂයාගේ ගෙරවිලි හඬට භය නොවන්න.

දෙවියන්වහන්සේ මහත් සූර්යාට සමානය අවංක සිත් ඇතිව සිටින සියල්ලන්ගේ කිසිම යහපත් දෙයක් උන්වහන්සේ වලක්වන්නේ නැත. (ගීතාවලිය 84:11)

උන්වහන්සේ අපගේ මහත් පළිහයි, මහත් විපාකයයි. උන්වහන්සේ අපට පවසන්නේ භය නොවන්න, තැති නොගන්න කියාය.
යක්ෂයාට ඔබව මැරිය නොහැක. වතුර බව්තිස්මයේදී ඔබ මැරී නැවත නැඟිට ඇත. දැන් ඔබට ඇත්තේ සදාකාල ජීවනයයි.


Watch the Sermon Video

Read 44 times