+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

යේසුස්වහන්සේ මෙලොවට පැමිණි විශේෂ කාරණා 6ක්

February 7, 2021 Sunday Sermon Notes

 

 

යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. මීට වසර දෙදහසකට පෙර මනුෂ්‍යයාකාරව උන්වහන්සේ මෙලොවට පැමිණියේය.

උන්වහන්සේ උපත ලබා ලෝකයේ මනුෂ්‍යයෙකු මෙන් ආත්මිකව හා ශාරීරිකව වර්ධනය වූසේක. නමුත් මනුෂ්‍ය ස්වරූපය ගත් යේසුස්වහන්සේ සාමාන්‍ය කෙනෙකු මෙන් නොව, වෙනස් පුද්ගලයෙකු ලෙස ජීවත් වූසේක.

ශුද්ධාත්මයාණන් තුළින් පිළිසිඳ ගත් කන්‍යාවක් යේසුස්වහන්සේව මේ ලොවට බිහි කළ බැවින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා වූසේක.

ලූක් 1:26-35 යොහන් 1:1, 14

යේසුස්වහන්සේ මේ ලොවට පැමිණියේ විශේෂ අරමුණක් සඳහාය.

දේව වචනයෙන් කාරණා 6ක් බලමු.

1). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... මනුෂ්‍ය සංහතිය සාතන්ගේ බලයෙන් ගලවා ගන්නා පිණිසයි.

ලූක් 19:10 හා කොලොස්සි 1:13

2). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... උන්වහන්සේගේ ජීවිතය මිදීමේ මිලයක් ලෙස පූජා කිරීමෙන් අපව නැවත මිලදී ගන්නා පිණිසයි. (අප වෙනුවෙන් වන්දියක් ගෙවා නිදහස් කරන පිණිසයි.)

මතෙව් 20:28

3). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... අපගේ ජීවිත තුළ සාතන්ගේ ක්‍රියා විනාශ කරන පිණිසයි.

1 යොහන් 3:8

4). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... අපට සදාකාල ජීවනය ලබා දෙන පිණිසයි.

1 යොහන් 5:11,12; යොහන් 3:16,17 සහ යොහන් 10:10

5). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... අපට දෙවියන්වහන්සේගේ පවුල තුළ නව උපතක් ලබා දෙන පිණිසයි.

යොහන් 1:12 හා 1 යොහන් 3: 1,2

6). යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ ...... දෙවි පියාණන්වහන්සේ සමඟ අපගේ සහභාගිකම (සම්බන්ධතාවය) නැවත පිහිටුවන පිණිසයි.

1 යොහන් 1:3

 

Watch the Sermon Video

Read 1036 times
More in this category: June 6, 2021 Sunday Sermon Notes »