+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

මනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන්නේ ඇදහිල්ල සොයාගෙනයි

June 6, 2021 Sunday Sermon Notes

 

Yasha Manu

Yashaමනුෂ්‍ය පුත්‍රයා නැවත පැමිණෙන්නේ ඇදහිල්ල සොයාගෙනයි. ලූක් 18:8

 

යෙරෙමියා 15:16 ඔබගේ වචන සම්බවූ විට මම ඒවා කෑවෙමි; ඔබගේ වචන මට ප්‍රීතියක් සහ සිතට සතුටක් විය. මක්නිසාද, සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබගේ නාමය මා කෙරෙහි කියනු ලැබේ.

 

උන්වහන්සේ ඔවුන්ට වහාම යුක්තිය ඉෂ්ටකරනසේ කැයි නුඹලාට කියමි. එසේවී නුමුත් මනුෂ්‍ය පුත්‍රයා එන කල්හි පොළොවේ ඇදහිල්ල සම්බවේදැයි කීසේක. ලූක් 18:8

 

තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන්වහන්සේ ඔවුන්ට මේ උපමාවකින් කීවා.         ලූක් 18:1

 

2 පේත්‍රැස් 3:3 අන්තිම දවස්වලදී තමුන්ගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නාවූ: අය සිටී.

 

උත්පත්ති 6:5 (අසාධාරණයන්, හොර බොරු වංචාව, විනාශය, අධර්මිෂ්ඨකම්, භීතිය පැතිරී තිබෙනවා).
මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.

 

උත්පත්ති 6:8-9 එහෙත් නෝවා ස්වාමීන්වහන්සේගෙන් (කරුණාව) අනුග්‍රහය ලැබුයේය. නෝවාගේ පරම්පරා මේය. නෝවා ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක්ව තමාගේ පරම්පරාවන්හි සම්පූර්ණව සිටියේය. නෝවා දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය .

 

හෙබ්‍රෙව් 11:7 ඇදහිල්ලෙන්, නෝවා ඒ වන තුරු නුදුටු දේ ගැන දෙවියන්වහන්සේ විසින් දන්වනු ලැබ, දේවභයින් පෙලඹී, තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය; එයින් ඔහු ලෝකයා වරදට පත්කොට, ඇදහිල්ලෙන් පැමිණෙන ධර්මිෂ්ඨකමට උරුමක්කාරයෙක් වූයේය.

 

1 තිමෝති 4:1-2 එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක. එසේ වන්නේ බොරුකියන්නාවූ, තමුන්ගේම හෘදයසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවාගැනීම තහනම්කරන්නාවූ, මනුෂ්‍යයන් සිටී.

 

2 තිමෝති 3:1-9 නුමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, දෙවියන්වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි *බලය එපාකළ අයව සිටින්නෝය. ( *ශුද්ධාත්මයාණන්ගේ බලය )
එබඳු අයගෙන් අහක්වෙන්න. මක්නිසාද මොවුන්ගෙන් සමහරු ගෙවල්වලට ඇතුල්වී, පාපවලින් බරවූ, අනේකාකාර තෘෂ්ණාවලින් ගෙනයනු ලබන්නාවූ, නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත්‍රීන් වහල්කරගන්නාවූ අයවෙති. යන්නෙස් සහ යම්බ්‍රේස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ
( ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය. ) නුමුත් මොවුන්ට තවත් දුර යන්ට ලැබෙන්නේ නැත. මක්නිසාද ඒ තැනැත්තන්ගේ අනුවණකම ප්‍රකාශවුනාක් මෙන්ම මොවුන්ගේ අනුවණකමත් සියල්ලන්ට ප්‍රකාශවෙනවා ඇත.

 

නික්මයාම 8:22-23 පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට, 23 මාගේ සෙනඟ හා නුඹේ සෙනඟ අතරේ වෙනසක් කරන්නෙමි. හෙට දවසේ මේ ලකුණවන්නේය කියා කියවයි කීසේක.

 

නික්මයාම 9:4 ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ සිව්පාවුන්ද මිසරයේ සිව්පාවුන්ද අතරේ වෙනසක් කරනසේක. ඉශ්‍රායෙල් පුත්‍රයන් සන්තක සියල්ලන්ගෙන් කිසිවෙක් නොනසින්නේයයි ඔහුට කියවයි කීසේක.

 

නික්මයාම 9:6 පසුවදා ස්වාමීන්වහන්සේ ඒ දේ කළසේක, මිසරයේ සියලු සිව්පාවෝ මළෝය. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සිව්පාවුන්ගෙන් එකෙක්වත් නොමළේය.

 

නික්මයාම 9:26 ඉශ්‍රායෙල් පුත්‍රයන් සිටි ගෝෂෙන් නම් දේශයෙහි පමණක් කිසි ගල් වර්ෂාවක් නොවීය.

 

නික්මයාම 10:23 ඔවුන් තුන් දවසක් එකිනෙකා දුටුවේවත් කිසිවෙක් තමාගේ ස්ථානයෙන් නැගිට්ටේවත් නැත. නුමුත් සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ වාසස්ථානවල එළිය තිබුණේය.

 

නික්මයාම 11:7 එහෙත් මිසරවරුන් සහ ඉශ්‍රායෙල් අතරෙහි ස්වාමීන්වහන්සේ වෙනසක් කරන බව නුඹලා දැන ගන්නා පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කිසි මනුෂ්‍යයෙකුටවත් මෘගයෙකුටවත් විරුද්ධව බල්ලෙක් පවා උගේ දිව නොසොල්වන්නේයයි කීසේක.

 

නික්මයාම 12:13 ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය.

 

මලාකි 3:18 එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

 

1 යොහන් 2:14-21 
18 ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය. විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ- ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය,

 

පියවරුනි , නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන්ගැන්මේ සිට සිටින්නාවූ තැනැන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, *  නුඹලාට ලියා එවුවේ, නුඹලා *ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය. ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත. මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ. ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය. ප්‍රිය දරුවෙනි, මේක අන්තිම කාලයය . විරුද්ධ-ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ විරුද්ධ-ක්‍රිස්තුස්වරු නැගිට සිටිති; මෙයින් මේක අන්තිම කාලය බව අපි දනිමුව. ඔව්හු අප කෙරෙන් ගියෝය, නුමුත් ඔවුන් අපට අයිතිව සිටියේ නැත; ඔවුන් අපට අයිතිව සිටියා නම් අප සමඟ පවතිනවා ඇත. නුමුත් ඔවුන් සියල්ලන්ම අපට අයිති නැති බව ප්‍රකාශවන පිණිස ඔව්හු අපෙන් අහක්ව ගියෝය. නුඹලා ශුද්ධ තැනන්වහන්සේගෙන් ආලේපයක් ලැබ සියලු දේම දනිහුය. මා නුඹලාට ලියා එවුවේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.

 

යූදස් 1:3-5 ප්‍රේමවන්තයෙනි, අපේ පොදු ගැළවීම ගැන නුඹලාට ලියා එවන්ට මුළු උත්සාහය දරන විට, එක වරක්ම ශුද්ධවන්තයන්ට භාරදුන් ඇදහිල්ල උදෙසා උනන්දු ආකාරයෙන් පොරඅල්ලන ලෙස අවවාදකරමින් නුඹලාට ලියා එවන්ට මට ඕනෑවිය. මක්නිසාද පුරාණ කාලයේදී මේ දඬුවමට නියමකොට තැබුවාවූද, අභක්තිකවූද, අපගේ දෙවියන්වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගන්නාවූද, අපගේ එකම අධිපතිවූ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේව එපාකරන්නාවූද මනුෂ්‍යයන් වගයක් රහසින් ඇතුල්වී සිටිති. ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.

 

යූදස් 1:10-16 නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූ විනාශකරනු ලබන්නෝය. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔව්හු කායින්ගේ මාර්ගයෙහි ගමන්කර; කුලී පිණිස බාලාම්ගේ මුළාවෙහි වේගයෙන් දිවගොස්, කෝරාගේ විරුද්ධ-කථාවේදී විනාශවූවෝය. මොව්හු නම් නුඹලා සමඟ මංගල්‍ය කෑම කන විට නුඹලාගේ ප්‍රේම-මංගල්‍යවල නොපෙනී තිබෙන්නාවූ පර්ව-තයෝය, නිර්භීතව තමුන්ම පෝෂ්‍යකරගන්න එඬේරුය; හුළඟින් ගහගෙනයන වතුර නැති වලාකුල්ය; ඵල නැත්තාවූ, දෙවරක් මළාවූ, මුලින් උදුරනලද්දාවූ ශරත්කාලයේ ගස්ය. ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ. ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත් ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමඟ ආසේකැයි කීවේය මොව්හු මැසිවිලි කියන්නෝය, කොදුරන්නෝය, තමුන්ගේ තෘෂ්ණාවල් අනුව හැසිරෙන්නෝය, (ඔවුන්ගේ කටින් මහත් උඩඟු වචන කියමින්,) ප්‍රයෝජනය පිණිස මනුෂ්‍යයන්ගේ තරාතිරම් සලකන්නෝය. ස්ථිරව සිටීමට හා අනුකම්පා වීමට අවවාද .....

18 පදය: එනම්: අන්තිම කාලයෙහිදී තමුන්ගේ අභක්තික තෘෂ්ණාවල හැටියට හැසිරෙන සරදම්කරන්නන් සිටිනවා ඇතැයි ඔවුන් නුඹලාට කී හැටි සිහිකරන්න. මොව්හු මාංසිකව, ආත්මයාණන්වහන්සේ නැතුව, භේදකරන්නෝය. නුමුත් ප්‍රේමවන්තයෙනි, නුඹලා වනාහි නුඹලාගේ ඉතා ශුද්ධ ඇදහිල්ල පිට නුඹලාම ගොඩනඟාගනිමිනි, ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ සිට යාච්ඤාකරමින් , සදාකාල ජීවනය පිණිස අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දයාව බලාසිටිමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.

මතෙව් 24:12 අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය.

මතෙව් 24:3-8 උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න . මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.
8 වැනි පදය
මේ සියල්ල ශෝකයේ ආරම්භයයි. මේ සියල්ල නව යුගය බිහි කරවන ප්‍රසව වේදනාවේ පටන්ගැන්මය.
අලුත් දෙයක් පටන් ගන්නට/ආරම්භ වන්නට යන කාලයයි.

 

ක්‍රියා 1:7 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පියාණන්වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් *කාලයන්ද ප්‍රස්තාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත.

 

ක්‍රියා 17:28 මක්නිසාද අප උන්වහන්සේ තුළ ජීවත්වමුව, හැසිරෙමුව, සිටිමුව. 

 

හෙබ්‍රෙව් 1:1-2 දෙවියන්වහන්සේ ආදි කාලයෙහි බොහෝ කොටස්වලින්ද බොහෝ අන්දම්වලින්ද ප්‍රොපේතවරුන් ලවා පියවරුන්ට කථාකරවා, මේ දවස්වල කෙළවරදී තමන්වහන්සේගේ පුත්‍රයාණන් ලවා අපට කථාකෙරෙවුසේක. උන්වහන්සේව සියල්ලට උරුමක්කාරයා කළසේක, උන්වහන්සේ කරණකොටගෙන ලෝකවල් සෑදූසේක.

 

යෙසායා 2:2-3 මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක , අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.

 

මීකා 4:1-2 නුමුත් මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ පිහිටි කන්ද කඳුවල මුදුනේ පිහිටුවනු ලබන්නේය, හෙල්වලට වඩා උසස්වන්නේය ; ජනයෝ එය කරා ගලාගන එන්නෝය. බොහෝ ජාතීන්ද ගොස් කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නිකුත්වන්නේය.

 

ක්‍රියා 2:17-18 අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරුවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ තරුණයෝද දර්ශන දකින්නෝය. නුඹලාගේ මහල්ලන්ද ස්වප්න දකිනවා ඇත. එසේය, *ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

 

ශුද්ධාත්මයාණන් වගුරුවන්නාවූ කාලය, *ඒ දවස අදයි.

 


 

ManuManu Mahtani

ඇදහිල්ල යනු, දෙවියන්වහන්සේගේ හඬට කීකරු වී ගමන් කිරීමයි. ක්‍රියා 1:6-8 අප තුළට ශුද්ධාත්මය පැමිණි කළ අපි බලය ලබා ගන්නමු.

ලූක් 24:49
බලව, මම මාගේ පියාණන්වහන්සේගේ පොරොන්දුව නුඹලා වෙතට එවමි. නුමුත් ඉහළින් නුඹලා බලයෙන් සරසනු ලබන තුරු නුවර නැවතී සිටින්නැයි කීසේක.

ඔබ පිරී සිටින්නේ දේව බලයෙන්. ඒ බලය නිසයි ඔබ සාක්ෂිකාරයෙකු වී සිටින්නේ.

මතෙව් 5:16 එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

එස්තර් 8:15-17 මොර්දෙකයි නිල් හා සුදු රාජ වස්ත්‍රද ලොකු රන් ඔටුන්නක්ද රත්නිල් සිහින් හණ සළුවක්ද පැළඳගෙන රජු ඉදිරියෙන් පිටතට ගියේය. ෂූෂන් නුවර වැසියෝද ඝෝෂාකර ප්‍රීතිවූහ. යුදෙව්වරුන්ට එළියද ප්‍රීති සන්තෝෂයද ගෞරවයද ලැබුණේය. රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුද්ධ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.

හිතෝපදේශ 29:25 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාස- කරන්නා සුරක්ෂිතව සිටියි.

යෙසායා 2:2-3 මතු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවනලදුව හෙල්වලට වඩා උස්වන්නේය; සියලු ජාතීහුද ඒ වෙතට රැස්වී එන්නෝය. බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.

2 තිමෝති 2:15 සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

2 තිමෝති 3:7 නිතර ඉගෙනගන්න නුමුත් කිසිකලකත් සත්‍යය දැනගැනීමට පැමිණෙන්ට බැරිවූ, මෝඩ ස්ත්‍රීන් වහල්කරගන්නාවූ අයවෙති.

සත්‍යතාවයේ වචනය අපට නිතර මග පෙන්වයි.

හිතෝපදේශ 24:10 නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

යෝෂුවා 23:14 බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය.

යෝෂුවා 23:6-7 එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න.

හෙබ්‍රෙව් 12:1 එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා, සියලු බරද පහසුවෙන් අප අසුකරන පාපයද අහක දමා, ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණකරන්නාදවූ යේසුස්වහන්සේ දෙසම බලමින්, අප ඉදිරියෙහි තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු.

යෝෂුවා 23:8-13 නුඹලා අද දවස දක්වා කළ හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් නුඹලාට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය. එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න. මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න.

යොහන් 14:21 යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.

ගීතාවලිය 45:1 යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි. මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.

හිතෝපදේශ 22:17-19 නුඹේ කන නමා ප්‍රඥාවන්තයන්ගේ බස් අසා, නුඹේ සිත මාගේ ඉගැන්වීමට යොමුකරන්න මක්නිසාද ඒවා නුඹ තුළෙහි තබාගන, ඒවා මුළුමනින්ම නුඹේ තොල්වල පිහිටන්නේ නම් එය ප්‍රසන්න දෙයක්ය. නුඹේ විශ්වාසය ස්වාමීන්වහන්සේ කෙරෙහි තිබෙන පිණිස මම අද ඒවා නුඹට, එසේය, නුඹට දැන්නුවෙමි.

උත්පත්ති 2:17 එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.

විනිශ්චයකාරයන්ගේ පොත 6:2-4 මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්, ඔවුන්ට විරුද්ධව කඳවුරු බැඳ, ගාසා දොරටු දක්වා පොළොවේ භෝග ඵල නාස්තිකළෝය, ඔව්හු ආහාරවත් එළුබැටළුවන්වත් ගවයන්වත් කොටළුවන්වත් ඉශ්‍රායෙල්වරුන්ට ඉතිරිනොකළෝය.

මලාකි 3:10-11 මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

මලාකි 3:12-13 නුඹලා වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය.

විනිශ්චයකාරයන්ගේ පොත 6:1 ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.

හෙබ්‍රෙව් 3:12 සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.

මතෙව් 6:21 මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

හෙබ්‍රෙව් 11:6 නුමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශ්වාසකරන්ට ඕනෑය.

යෙසායා 55:1 එම්බා පිපාසා ඇති සියල්ලෙනි, වතුර ළඟට එන්න, මුදල් නැත්තෙනි, නුඹලාත් ඇවිත් ධාන්‍ය අරන් කන්න; එසේය, ඇවිත් මිලමුදල් නැතුව මුද්‍රිකපානයද කිරිද ගන්න.

යෙසායා 55:2 කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිදීවා.

 

Watch the Sermon Video

Read 823 times