+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ආධ්‍යාත්මික ව්‍යායාම (PART 1) - මනූ මැතානි
July 11, 2021 Sunday Sermon Notes

 

යාකොබ් 1:26-27
26  යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.
27  අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලූටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත‍්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලිටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.

යෙසායා 12:3
එබැවින් නුඹලා ප‍්‍රීති ඇතුව ගැළවීමේ ළිංවලින් දිය ඇදගන්නහුය.
 
2 කොරින්ති 2:14
තවද ක‍්‍රිස්තුස්වහන්සේ තුළ නිතරම අප ජයට පමුණුවන්නාවූ, සියලූ තැන්වල අප ලවා උන්වහන්සේව දැනගැනීම නැමති සුවඳ පතුරුවන්නාවූ දෙවියන්වහන්සේට ස්තුතිවේවා.
 
ගීතාවලිය 2:1-4
1  මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද? 

 ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත‍්‍රණයකෙරෙති.
3  අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලනු අප කෙරෙන් ඉවතලමුයයි කියති.
4  ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාස කරනසේක.

2 ලේකම් 20:20
ඔව්හු අලූයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචනය අසාපල්ලා; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබාපල්ලා, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරපල්ලා, එවිට නුඹලා සඵලවන්නහුයයි කිවේය.

ගීතාවලිය 35:27
මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප‍්‍රියවන්නෝ ප‍්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප‍්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.

හිතෝපදේශ 24:16
මක්නිසාද ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය; නුමුත් දුෂ්ටයෝ විපත්තිය කරණකොටගෙන වැටීයන්නෝමය.

1 සාමුවෙල් 30:6
දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත‍්‍රයන්ද වරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

1 සාමුවෙල් 22:2
විපතට පත්වූ සියල්ලෝද ණයතුරැුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැුස්වූහ; ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමග හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඇති වූහ.

1 සාමුවෙල් 30:6-8
6  දාවිත් තද අමාරුවට පත්විය; මක්නිසාද මුළු සෙනඟගේ සිත් තම තමුන්ගේ පුත‍්‍රයන්ද වරුන්ද ගැන ශෝකවුණ බැවින් ඔහුට ගල්ගසන්ට සෙනඟ කථාකළෝය. නුමුත් දාවිත් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තුළ ශක්තිය උපදවාගත්තේය.

7  ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත‍්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.

 මම මේ සමුදාව ලූහුබැදයෙම් නම් ඔවුන් කරා පැමිණෙන්ට මට පුළුවන් වේදැයි දාවිත් ස්වාමීන්වහන්සේගෙන් විචාළේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ලූහුබැඳ යන්න. මක්නිසාද නුඹ සැබවින් ඔවුන් කරා පැමිණ නොවරදවාම සියල්ල නැවත ලබාගන්නවා ඇතැයි කීසේක.

1 සාමුවෙල් 30:19
ලොකු කුඩා සියල්ලන්ගෙන්ද පුත‍්‍රයන්ගෙන්ද ¥වරුන්ගෙන්ද කිසිවෙක්වත් කොල්ලයවත් ඔවුන් ගත්තාවූ කිසිවක්වත් අඩු නැතුව දාවිත් සියල්ලම නැවත ගෙනාවේය.

1 රාජාවලිය 20:23-29
23  තවද සිරියේ රජුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවිකෙනෙක්ය; එබැවින් ඔව්හු අපට වඩා බලවත්වූවෝය. නුමුත් සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරමු, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුව.

24  මෙසේ කරන්ට ඕනෑය; රජවරුන් තම තමුන්ගේ ස්ථානවලින් අහක්කර, ඔවුන් වෙනුවට සේනාපතියන් සිටවා,

25  නැතිවුණ ඔබගේ සේනාව මෙන් සේනාවක්ද අශ්වයන් මෙන් අශ්වයන්ද රථ මෙන් රථද ගණන් කරගතමැනවි. එවිට අපි සමභූමියෙහි ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමුව, එවිට අපි සැබවින් ඔවුන්ට වඩා බලවත් වන්නෙමුයයි ඔහුට කීවෝය. ඔහු ඔවුන්ගේ හඬට ඇහුම්කන්දී එසේ කෙළේය.

26  ඊට පසු අවුරුද්දේ බෙන්-හදද් සිරියවරුන් රැුස්කොට ඉශ‍්‍රායෙල්ට විරුද්ධව සටනට අපෙක්ට ගියේය.

27  ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ රැුස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ කුඩා එළු රැුළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.

28  දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ‍්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

29  තවද එක සෙනඟක් අනික් සෙනඟට ඉස්සරහපිටින් සත් දවසක් කඳවුරු බැඳගන සිටියේය. සත් වෙනිදා යුද්ධය කෙරුණේය; ඉශ‍්‍රායෙල් පුත‍්‍රයෝ සිරියවරුන්ගෙන් පාබළ මනුෂ්‍යයන් ලක්ෂයක් එක දවසකදී මැරුවෝය.

ගීතාවලිය 23:4
එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

එපීස 3:20
ඉතින් අප තුළ ක‍්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධික ලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,

ද්විතීය කථාව 30:8-14
8  නුඹ හැරී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලූ ආඥා පවත්වන්නෙහිය.
 එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ අත්වල සියලූ වැඩවල ඵලයද නුඹේ ගර්භයේ ඵලයද නුඹේ සිව්පාවුන්ගේ ඵලයද නුඹේ භූමියේ ඵලය ද යහපත පිණිස නුඹට වැඩිකර දෙනසේක.
10  මක්නිසාද මේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කීකරුවන්නෙහිනම්, නුඹේ මුළු සිතෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙසට හැරෙන්නෙහි නම්, ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් කෙරෙහි ප‍්‍රසන්නව සිටියාක් මෙන් නැවත නුඹට යහපත පිණිස නුඹ කෙරෙහිත් ප‍්‍රසන්නවනසේක.
11  අද මා විසින් නුඹට අණකරන මේ ආඥාව නුඹට අමාරු වැඩිවූ එකක්වත් දුරව තිබෙන එකක්වත් නොවේ.
12  අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා ස්වර්ගයට නැගී, එය අපට ගෙනත් අපට ප‍්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය ස්වර්ගයෙහි තිබෙනවා නොවේ.
13  අප විසින් එය පවත්වන පිණිස අප උදෙසා මුහුදෙන් එතරට ගොස් එය අපට ගෙනත් අපට ප‍්‍රකාශකරන්නේ කවරෙක්දැයි නුඹ විසින් අසන්ට ඕනෑවෙන හැටියට එය මුහුදෙන් එතර තිබෙනවාත් නොවේ.
14  නුමුත් ඒ වචනය ලෙස නුඹ කරන පිණිස එය නුඹට ඉතා ළංව නුඹේ මුඛයේද නුඹේ සිතේද තිබේ.

හිතෝපදේශ 4:23
සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගනින්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

රෝම 10:10
මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහන්නේය; ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය.

යාකොබ් 3:1-9
1  මාගේ සහෝදරයෙනි, (ගුරුවරු වන* අපට, වඩා බරපතළ විනිශ්්චය පැමිණෙන බව දැන, බොහෝ දෙනෙක් ගුරුවරු වෙන්ට නොසොයල්ලා,
 මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිළෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.
3  අශ්වයන් අපට කීකරුකරගන්න පිණිස උන්ගේ කටවල කටකලියා දැමුවාම අපි උන්ගේ මුළු ශරීරයත් හරවාගනිමුව.
4  මෙන්න, නැව් එපමණ මහත් නුමුත්, තද හුළංවලින් ගෙනයනු ලබන නුමුත්, ඉතා කුඩා සුක්කානමකින් එය අල්ලන්නා විසින් කැමති අතට හරවනු ලබයි.
5  එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද! දිවද ගින්නක්ය.
6  එය අපේ අවයවයන් අතරේ අධර්මිෂ්ඨකමේ ලෝකයක්ය. එය මුළු ශරීරය කිලූටු කොට, සකල ලෝකයට ගිනි අවුලවයි, එ්කට ගිනි ඇවිලෙන්නේ නිරයෙන්ය.
7  එසේය, සියලූු ආකාර වන මෘගයෝද පක්ෂීහුද බඩගායන ජාතීන් හා මුහුදේ සත්වයෝද මනුෂ්‍යයන් විසින් දමනය කරනු ලබති, දමනයකරනු ලැබුවෝය.

8  නුමුත් දිව දමනය කරන්ට කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. එ්ක කැරළිකාරවූ, මරණීය විෂයෙන් පූර්ණවූ, නපුරු දෙයක්ය.

9  එයින් ස්වාමිවූ පියාණන්වහන්සේට අපි ප‍්‍රශංසාකරමුව; එයින්ම දෙවියන්වහන්සේගේ සමානත්වය ලෙස මවනලද මනුෂ්‍යයන්ට අපි ශාපකරමුව,

හිතෝපදේශ 18:21
මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ; ඊට ප‍්‍රියවන්නෝ එහි ඵල භුක්තිවිඳින්නෝය.

යෙසායා 40:30-31

30  තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද මුළුමනින්ම වැටෙන්නෝය.

31  නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලූත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.

2 තිමෝති 2:22

යෞවන වයසේ තෘෂ්ණාවලින් දුරුව, පිරිසිදු සිතින් ස්වාමීන්වහන්සේට යාච්ඤකරන්නන් සමඟ ධර්මිෂ්ඨකමත්
ඇදහිල්ලත් පේ‍්‍රමයත් සමාදානයත් අනුව පලයන්න.


Watch the Sermon Video

Read 711 times