+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දේව වචනය හා දේව කැමැත්ත එක හා සමානය  - මනූ මැතානි
July 23, 2021 Bible Study Notes

 

ගීතාවලිය 119:89

ස්වාමිනි, සදාකාලේටම ඔබගේ වචනය ස්වර්ගයෙහි පිහිටා තිබේ.  

මාර්ක් 3:31-35

31  එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය.

32 සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය.

33 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා,

34 තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!

35 මක්නිසාද දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි වදාළ සේක.

ලූක් 8:19-21

19 උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ වෙතට ආවෝය, නුමුත් සමූහයා නිසා උන්වහන්සේ ළඟට එන්ට නුපුළුවන්විය.

20 එවිට: ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ දකිනු කැමතිව පිටත සිටිතියි උන්වහන්සේට කියනලද්දේය.

21 එහෙත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් නම් දෙවියන්වහන්සේගේ වචනය අසා පිළිපදින්නාවූ මොව්හුයයි වදාළසේක.

යොහන් 15:1-2 

1 මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.

2 මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක. 

ශු. යොහන් 15:3

 මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.

හිතෝපදේශ 30:5

දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.

උත්පත්ති 15:1

මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

හිතෝපදේශ 26:2

ඔබ මොබ යන ගේකුරුල්ලා මෙන්ද, ඉඟිලී යන වැහිලිහිණියා මෙන්ද, කාරණයක් නැතුව කරන ශාපය නොවදින්නේය.

එපීස 6:17 

ගැළවීම නැමති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.

එළිදරව් 19:15

ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. ....

හිතෝපදේශ 4:23

සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.

2 යොහන් 1:8

අප විසින් කළ දේ නුඹලාට නැති නොවන ලෙසත් සම්පූර්ණවූ විපාකයක් නුඹලාට ලැබෙන ලෙසත් නුඹලාම බලාගන්න.

2 යොහන් 1:9-11

9 ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවතී ඉස්සරහට යන්නාවූ කිසිවෙකුට දෙවියන්වහන්සේ නැත්තේය. ඒ ඉගැන්වීමෙහි පවතින්නාටම පියාණන්වහන්සේද පුත්‍රයාණන්වහන්සේද සිටිනසේක.

10 නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම්, ඔහු ගෙදරට පිළි නොගන්න, ඔහුට ශුභසිද්ධවේවයි නොකියන්න.

11 මක්නිසාද ශුභසිද්ධවේවයි ඔහුට කියන්නා ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේය.

යෙසායා 54:17

නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

2 කොරින්ති 6:14

නොඇදහිලිකාරයන් සමඟ අසමලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?

ශු. මතෙව් 10:34

පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි.

1 යොහන් 4:4

මාගේ ප්‍රිය දරුවෙනි, නුඹලා දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා නුඹලා තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති.

2 තිමෝති 4:7

මම යහපත් යුද්ධයෙහි යුද්ධකළෙමි, මම දිවීම කෙළවරකළෙමි, මම ඇදහිල්ල රක්ෂා කළෙමි.

හිතෝපදේශ 13:13

දේව වචනය සුළුකර සිතන්නාට විනාශය පැමිණෙයි; එහෙත් ආඥාවට භය ඇත්තා විපාක ලබයි.

1 යොහන් 2:15-16

15 ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේමකෙරේ නම්, පියාණන්වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.

16 මක්නිසාද ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, මාංසයේ තෘෂ්ණාවත් ඇස්වල තෘෂ්ණාවත් ජීවිතයේ අහංකාරකමත් පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.

මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි කීවේය.

ක්‍රියා 20:35

හිතෝපදේශ 30:5

දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය; උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය.

පිලිප්පි 3:1

ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය.

හිතෝපදේශ 29:25

 මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.

හිතෝපදේශ 30:6

 උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.

ශු. යොහන් 15:7

 නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.


Watch the Sermon Video

Read 704 times