+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ස්වාමින් අපගේ සපයන්නා - යෝෂා මනූ
October 10, 2021 Sunday Sermon Notes

 

හබක්කුක් 2:4

දෙවියන්වහන්සේ බලා සිටි අනාගතවක්තෘවරයා වෙත පැමිණ ඔහුට රහසක් දුන්නේය. "ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ."

රෝම 1:17   ගලාති 3:11

හෙබ්‍රෙව් 10:38

මක්නිසාද එන්නාවූ තැනන්වහන්සේ ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එනසේක. ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත්වේ. නුමුත් ඔහු පසුබටවන්නේ නම්, මාගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. 

1 පේත්‍රැස් 3:12 අනුව ස්වාමීන්වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ.

හබක්කුක් 2:1-3

1 මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි.

2 ස්වාමින්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.

3 මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.

අවුල් වියවුල්කම අප වටා තුබුණත් අපි විශිෂ්ට ජයග්‍රහණය ලබා ඇත.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ක්‍රියා කරන බව දැන ගන්න;

උන්වහන්සේ දෙස දෑස් යොමු කරන්න.

හබක්කුක් 3:17-19

17 මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්;  ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්;

18 මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.

19 ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක.

හබක්කුක් ඔහු සිටි කාලයේ ඔහු වටා දැක්කේ ප්‍රශ්න, කරදර, විනාශය නමුත් ඔහු තීරණය කළා තමා දකින දේ ප්‍රකාශ නොකරන්න.

යෝබ්ටත් මෙවැනි විනාශකාරී දේවල් සිදුවුණා. ඔහු ප්‍රකාශ කළේ  "... ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය. " - (යෝබ් 1:21)

යෝබ් තමයි මෙසේ ප්‍රකාශ කළේ දෙවියන්වහන්සේ නොවේ. ඒ නිසා ඔබ දැනගන්න අපගේ දෙවියන්වහන්සේ නොවෙයි අපගෙන් හැම දෙයක්ම ගනු ලබන්නේ. දෙවියන්වහන්සේ අපට සියල්ලම දෙනසේක.

අපෙන් සියල්ලම සොරකම් කරන්නෙත්, මරන්නෙත්, ව්නාශ කරන්නෙත් යක්ෂයාය. යේසුස්වහන්සේ පැමිණියේ අපට ජීවනය දෙන්නටත් එය අධික ලෙස දෙන්නටත්ය.

යොහන් 10:10

හබක්කුක් තමාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කළේ විනාශය මධ්‍යයේය.

ඔබට සියල්ල නොතේරුණත් උන්වහන්සේව විශ්වාස කරන්න

 


Watch the Sermon Video

Read 779 times