+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේ ගැන හරියාකාරව දැන ගැනීම (PART 1) - මනූ මැතානි
February 4, 2022 Bible Study Notes

 

හිතෝපදේශ 24:10

නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

දානියෙල් 7:25

ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය.

යෝවෙල් 3:10

නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

2 තිමෝති 2:15

සැබෑවේ වචනය හරි ආකාර පහදාදෙන්නාවූ, ලජ්ජාවෙන්ට ඕනෑ නැත්තාවූ වැඩකාරයෙක්ව, දෙවියන්වහන්සේට ඒත්තුවුණාවූ කෙනෙකු මෙන් පෙනෙන්ට උත්සාහකරන්න.

යෝබ් 42:7

තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.

ලූක් 13:10‭-‬11

10 උන්වහන්සේ සබත් දවසෙහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක.

11 බලව, දසඅට අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇතිවූ කොයි ප්‍රකාරයකින්වත් කෙලින් වෙන්ට බැරි ස්ත්‍රියෙක් එහි සිටියාය.

ලූක් 13:12

යේසුස්වහන්සේ ඈ දැක අඬගසා: ස්ත්‍රිය, නුඹේ දුර්වලකමින් නුඹ මිදුණෙහිය කියා, ඈ පිට අත් තැබූසේක.

සත්‍යය සාධක වෙනස් කරයි.

දානියෙල් 11:32

නුමුත් තමුන්ගේ දෙවියන්වහන්සේ හඳුනන්නෝ වන සෙනඟ බලවත්වී, සමර්ථකම් කරන්නෝය.

යොහන් 5:39

ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;

යේසුස්වහන්සේ ගැන ඔබ වැරදි ලෙස අසා තිබෙනවා නම් එය වෙනස් කර ගන්න.

අපි හරි දේ ඇසූ විට එය අපේ මනස වෙනස් කරයි.

යොහන් 4 පරිච්ඡේදය අනුව සමාරියේ කාන්තාව යේසුස්වහන්සේගේ වචන අසා ඇය පුදුමයට පත් වූවාය.

යොහන් 6:35

යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය, මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාසා නොවන්නේය.

සත්‍යය යේසුස්වහන්සේමයි. සත්‍යය ඔබව නිදහස් කරයි.

ඔබ සෑහීමට පත්වන්නේ උන්වහන්සේගේ වචන තුළින් පමණයි.

රෝම 14:17

*දේව රාජ්‍යය ක්‍රියා කරන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙනි. *

ලූක් 17:5

එවිට ප්‍රේරිතයෝ කථාකොට: අපේ ඇදහිල්ල වැඩිකළ මැනවයි ස්වාමීන්වහන්සේට කීවෝය.

ඇදහිල්ල අබ ඇටයක් හා සමානව තිබෙනවා නම්, එනම්, දෙවියන්වහන්සේගේ වචනය නමැති ජීවන බීජය ඔබට තිබෙනවා නම්....

ලූක් 17:6

ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.

ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචනය ඇසීමෙන් හා දේව වචනය ප්‍රකාශ කිරීමෙන්.

රෝම 10:17

ලූක් 17:7-10

ඇදහිල්ල ඔබ වෙනුවෙන් ක්‍රියා කරන විශ්වාසවන්ත සේවකයකු මෙන් ක්‍රියා කරනසේක.

ඔබට අඬමින් ඇදහිල්ල ලබා ගත නොහැකියි. 

ඔබ ඇදහිල්ලෙන් නැගිට ඔබගේ ප්‍රශ්නයට අණ කරන්න! දුරු වී යන්න කියා පවසන්න.

ඔබගේ දසයෙන් කොටස් හා දීමනා දෙන විටත් ඇදහිල්ලෙන් දිය යුතුයි.

රෝම 4:19

ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,

රෝම 4:20

එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,

රෝම 4:21

පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.

දෙවියන්වහන්සේගේ වචනය නමැති බීජය ඔබ කතා කරන්න!


Watch the Sermon Video

Read 776 times