+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ පොරොන්දු ඉෂ්ට කළ යුතුය.- මනූ මැතානි
October 24, 2021 Sunday Sermon Notes

 

බොරුකීමට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු නොවේ.

ගණන් කථාව 23:19

බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද?  උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?

ගීතාවලිය 133:1-3

1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!

2 එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය;

3 සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය.  මක්නිසාද ස්වාමීන්වහන්සේ *එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.

යෝවෙල් 3:10

නුඹලාගේ හීවැල්වලින් කඩුද නුඹලාගේ දෑකැතිවලින් හෙල්ලද තළාගන්න. මම බලවන්තයෙක්මියි බෙලහීනයා කියාවා.

පිලිප්පි 4:13

මා බලවත්කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන.

දෙවියන්වහන්සේව සැක නොකරන්න.

සැකය ඔබව නිතරම දුර්වල කරයි.

අපි ජීවත් වන්නේ අපගේ අභ්‍යන්තර ජීවනයෙන්.

ප්‍රීතියෙන් ඔබගේ ඇදහිල්ලේ ලිං වළින් දිය ඇදගන්න.

යෙසායා 12:3

එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

1 පේත්‍රැස් 5:7

යොහන් 8:44

සාතන් බොරුවේ පියාය.

ගලාති 5:1

උන්වහන්සේ ඔබව මුදවා ගත්තේ නිදහසේ ජීවත් වන්නටයි.

අපි සෑම දෙනෙකුටම කැඳවීමක් දී තිබෙනවා.

දානියෙල් 11:32

දෙවියන්වහන්සේ දන්නා හඳුනන සෙනඟ බලවත් දේවල් කරන්නේය.

ඔබ නැගිට බැබළෙන්න!

යෙසායා 60:1-2

1 නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.

2 එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.

නැගිට යන වචනයේ අර්ථය, ශක්තිමත්ව සිටින්න.

ඔබ ආලෝකයේ දරුවන් ලෙස සිටිම්මේ.

ඔබගේ ආලෝකය ප්‍රකාශ වන්නේ ඔබ බැබළෙන විටයි.

ඔබ ශුද්ධවන්තයෙක්

1 පේත්‍රැස් 1:18-19

18 " මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනිවූ දිරායන දේවල් කරණකොටගෙන නොව,

19 කැලලක්වත් පලුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනිවූ ක්‍රිස්තුස්වහන්සේගේ අනර්ඝ ලෙය කරණකොටගෙන බව නුඹලා දන්නහුය.

ක්‍රියා 20:28 

දෙවියන්වහන්සේගේ සභාව උන්වහන්සේ මිලදී ගත්සේක.

ඔබගේ ශරීරය දෙවියන්වහන්සේගේ මාළිගාවයි.

ශුද්ධාත්මයාණන්වහන්සේ දැන් මා තුළයි.

යොහන් 14:21

" යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.  

අඳුරු වේලේ උන්වහන්සේ මාගේ ආලෝකයයි.

මීකා 7:5-6

5 මිත්‍රයෙකු විශ්වාස නොකරන්න, හිතේසි මිත්‍රයෙකු කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ ළයෙහි සැතපෙන්නියගෙන් නුඹේ මුඛයේ දොරවල් රැකගන්න.

6 මක්නිසාද පුත්‍රයා පියාට අගෞරව කරයි, දුව ඇගේ මවට විරුද්ධවද යෙහෙළී ඇගේ නැන්දාට විරුද්ධවද නැගිටියි. මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් තමාගේම පවුලේ අයවල්ය.

යක්ෂයා පේත්‍රැස්ව පාවිච්චි කළා යේසුස්වහන්සේට විරුද්ධව සිටගන්න.

1 පේත්‍රැස් 5:8

සිහි ඇතිව, අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයාවූ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය.

මීකා 7:7

මම වනාහි ස්වාමීන්වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. මාගේ දෙවියන්වහන්සේ මාගේ වචන අසනවා ඇත. 

2 කොරින්ති 1:20

මක්නිසාද දෙවියන්වහන්සේගේ පොරොන්දු කොපමණ වුණත් උන්වහන්සේ තුළ එසේය කියා වේ. එහෙයින් අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය පැමිණෙන පිණිස, උන්වහන්සේ කරණකොටගෙන ආමෙන්ය කියාත් වේ.

මීකා 7:8

එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.

ගීතාවලිය 119:63

මම ඔබ කෙරෙහි භය ඇති සියල්ලන්ගේද ඔබගේ නියෝග පවත්වන්නන්ගේද සමාගම්කාරයෙක්මි.

ගීතාවලිය 119:11

විශාලම පාපය නොඇදහිලිකාරකම

එළිදරව් 2:11

ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය.

ඔබ ඇසීමට ඉක්මන් වෙන්න.

යාකොබ් 1:19

මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.

ලූක් 22:31-32

31 සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය.

32 නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක.

දානියෙල් 3 පරිච්ඡේදය

1 කොරින්ති 16:13-14

13 අවදිව සිටින්න, ඇදහිල්ලේ ස්ථිරව සිටින්න, පුරුෂයන් මෙන් සිටින්න, ශක්තිමත් වෙන්න.

14 නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන්? ලැබේවා.

හිතෝපදේශ 24:10 

නුඹ විපත්ති දවසේදී කලකිරෙන්නෙහි නම් නුඹේ ශක්තිය අල්පය.

මීකා 7:8

එම්බා මාගේ සැතිරිය, මට විරුද්ධව ප්‍රීති නොවන්න. මම වැටුණු විට නැගිටින්නෙමි. මා අඳුරෙහි හිඳින කල ස්වාමීන්වහන්සේ මට එළියක්ව සිටිනසේක.

රෝම 4:19-21

19 ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී,

20 එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්,

21 පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.

යෙරෙමියා 33:15-16

15 ඒ දවස්වලදීත් ඒ කාලයටත් මම දාවිත්ට ධර්මිෂ්ඨකමේ පැලෑටියක් ලියලවන්නෙමි; උන්වහන්සේ ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇත.

16 ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.

යෙරෙමියා 33:17-21

17 මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයේ සිංහාසනයෙහි හිදීමට දාවිත්ගෙන් කෙනෙක් කවදාවත් නැතුව නොයන්නේය;

18 එසේම දවන පූජා ඔප්පුකිරීමටත් ආහාර පූජාව දැවීමටත් යාග පූජා නිතරම ඔප්පුකිරීමටත් ලෙවීවරුන් වන පූජකයන්ගෙන් මා ඉදිරියෙහි කෙනෙක් නැතුව නොයන්නේයයි කීසේක.

19 තවද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-

20 දවාලත් රාත්‍රියත් ඒවායේ නියම වේලාවලදී නොපැමිණෙන හැටියට දවාල ගැන තිබෙන මාගේ ගිවිසුමත් රාත්‍රිය ගැන තිබෙන මාගේ ගිවිසුමත් නුඹලාට අවලංගු කරන්ට පුළුවන් නම්,

21 මාගේ මෙහෙකරුවූ දාවිත්ගේ සිංහාසනයෙහි රජකම්කිරීමට ඔහුට පුත්‍රයෙකු නැතුව යන හැටියට, ඔහු සමඟද මාගේ සේවකයන්වූ පූජකයන් වන ලෙවීවරුන් සමඟද ඇති මාගේ ගිවිසුමත් අවලංගුවන්නේය.


Watch the Sermon Video

Read 546 times