+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

දෙවියන්වහන්සේගේ කැමැත්ත මනුෂ්‍යයා සමඟ සම්බන්ධතාවයක් ඇති කිරීමයි - යෝෂා මනූ
October 24, 2021 Sunday Sermon Notes

ක‍්‍රියා 10:34

එවිට පේතෘස් තමාගේ මුඛය ඇර කථාකොට: සැබවින් දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ තරාතිරම් නොබලන කෙනෙක්ය.

දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට වෙනස්කම් පෙන්වන්නේ නැත. උන්වහන්සේ තුළ කිසි භේදයක් නැත. අපි සියලු දෙනාම උන්වහන්සේගේ දරුවන් ඒ නිසා හැමෝටම සලකන්නේ එකාකාරවයි.

දෙවියන්වහන්සේ ආදම්ට ඒදන් උයනේ වගකීම භාර දුන්නේය. දෙවියන්වහන්සේට අවශ්‍ය වුයේ ආදම් සමඟ මිත‍්‍රත්වයක් ගොඩ නගා ගන්නටයි.

ආදම් තුළ භිය ඇතුල් වුණේ ඔහු දෙවියන්වහන්සේට අකීකරු වුණාට පසුවයි.

දෙවියන්වහන්සේට ස්වර්ගය අයිතියි. උන්වහන්සේ ස්වර්ගයේ රජුතුමන්ය. උන්වහන්සේට අවශ්‍ය වුණේ ආදම් මේ පොළොවේ රජ කෙනෙක් ලෙස ආධිපත්‍යය හා බලය ඇතුව ජීවත්වීමයි.

උත්පත්ති 1:24

දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්ත්වයන් ඒ ඒ වර්ග ලෙස හට ගන්වාවයි කීසේක. ඒ එසේ විය.

උත්පත්ති 1:25

දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.

උත්පත්ති 1:26

තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හුු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.

උත්පත්ති 1:27

දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත‍්‍රියද කොට ඔවුන් මැවූසේක.

උත්පත්ති 1:28

දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින්, පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරව්යයි කීසේක.

උත්පත්ති 1:29

තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල අති සියලු වෘක්ෂයන්ද නුඹලාට දුනිමි; එය නුඹලාට ආහාර පිණිස වන්නේය.

උත්පත්ති 1:30

පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.

උත්පත්ති 1:31

දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.

දෙවියන්වහන්සේ ආදම්ට ආඥාවක් දුන්නා.

උත්පත්ති 2:16

ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට අඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන;

මේ දෙදෙනාට ඒදන් උයනේ කිසි හිඟයක් තිබුණේ නැහැ.

උත්පත්ති 2:17

එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක.

උත්පත්ති 3:1

සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්ත්වයෙකුටත් වඩා ප‍්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත‍්‍රියගෙන් ඇසීය.

ආදම් සහ ඒව අකීකරු වුනාට පසුවත් උන්වහන්සේ මේ දෙදෙනාව සොයා ගෙන ආවා.

දෙවියන්වහන්සේ අපට සදාකාල පේ‍්‍රමයෙන් පේ‍්‍රමකරන්නේය.

උත්පත්ති 3:8

ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.

උත්පත්ති 3:9

ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක.

උත්පත්ති 3:10

ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.

ආදම් පව් කළාට පසුවත් ඔහුට දෙවියන්වහන්සේගේ හඬ ඇසුණේය.

උත්පත්ති 3:11

උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක.

උත්පත්ති 3:12

මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත‍්‍රී ගහෙන් මට දුන්නාය, මමද කැවෙමියි කීය.

උත්පත්ති 3:13

ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත‍්‍රියට කීසේක. ස්ත‍්‍රීද: සර්පයා මා රැුවටුවේය, මම කැවෙමියි කීවාය.

උත්පත්ති 3:14

එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියල සත්ත්වයන්ටත්, වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය.

උත්පත්ති 3:15

මම තා සහ ස්ත‍්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයයි කීසේක.

උත්පත්ති 4:1

මනුෂ්‍යයා තමාගේ භාර්යාවවූ ඒව හැඳින්නේය; ඈ ගර්භිණීව කායින් බිහිකර: ස්වාමීන්වහන්සේගෙන් මනුෂ්‍යයෙකු ලබාගතිමියි කීවාය.

උත්පත්ති 4:2

නැවත ඈ ඔහුගේ සහෝදරවූ ආබෙල් බිහිකළාය. ආබෙල් බැටළු පාලයෙක් වූයේය, නුමුත් කායින් ගොවියෙක් වූයේය.

උත්පත්ති 3:1

සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.

උත්පත්ති 5:1-3

1 ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක;

2 පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක.

3 ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.

උත්පත්ති 3:15

මම තා සහ ස්ත‍්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයයි කීසේක.

යේසුස්වහන්සේ ඉපදුනේ ස්ති‍්‍රයගෙන් බිහිවෙන වංශයෙන් එනම්, ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන්. ආදම්ගේ පව්කාර වංශයෙන් නොවේ. අපි නැවත උත්පාදනය ලැබුවේත් නව මැවිල්ලක් වුයෙත් යේසුස්වහන්සේගේ කුණු නොවන බීජයෙන්.

කොලොස්සි 1:13

පියාණන්වහන්සේ අන්ධකාරයේ බලයෙන් අප මුදා, තමන් ප්‍රේමයේ පුත්‍රයාණන්ගේ රාජ්‍යයට අප පමුණුවාගත්සේක.

 


Watch the Sermon Video

Read 545 times