+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

ක්‍රිස්තුස්වහන්සේ තුළ දෝෂාරෝපණය නැත - යෝෂා මනූ
November 7, 2021 Sunday Sermon Notes

 

රෝම 8:1-2 

1 එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.

2 මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.

ඔබ දේව වචනය ඔබටම කතා කරන්න. ඔබගේ මුඛයෙන් දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ඔබට නිදහස් විය හැකියි.

ඔබ මේ වචන කතා කරන විට ඒවා ඔබගේ මුඛයෙන් පිටවී හදවතට ඇතුල් වන්නේය.

දෙවියන්වහන්සේ අපව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් නිදහස් කළා. දැන් අපි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින නිසා අපට අලුත් ව්‍යවස්ථාවක් දී තියෙනවා. එනම්: ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාවයි.

1 කොරින්ති 6:17

අපි ස්වාමීන්වහන්සේට එක්වී සිටින බැවින් අපි එක ආත්මයක් වෙමු.

ගලාති 5:1  

ක්‍රිස්තුස්වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමටය. එබැවින් දාසකම නැමති වියගහකට නැවත අසු නොවී ස්ථිරව සිටින්න.

දෙවියන්වහන්සේ අන්ධකාර බලවේගයෙන් අපව නිදහස් කළා.

කොලොස්සි 1:13

අපගේ ජීවිතයේ ස්ථාන මාරුවීමක් සිදු වුණා.

යක්ෂයාගෙන් බලයෙන් දෙවියන්වහන්සේ වෙතට අපව ගෙන ආවා.

එපීස 2:6 

අපව දැන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග හිඳුවා ඇත.

 


Watch the Sermon Video

Read 540 times