+94 722 340440 | 2nd Floor, 28 Galle Rd, Dehiwala South

බියෙන් තොර ජීවිතයක් සඳහා ආත්මික ව්‍යායාම- මනූ මැතානි
November 7, 2021 Sunday Sermon Notes

 

අපි ආත්මික ව්‍යායාම් කිහිපයක් කරමු

2 තිමොති 1:7

මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය.

ඔබ ප්‍රකාශ කරන්න:

“දෙවියන්වහන්සේ මට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව නමුත් බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් මනසක්ය.”

යොහන් 14:27

නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.

යේසුස්වහන්සේ මට දුන්නේ උන්වහන්සේගේම සමාදානයයි. මගේ සිත කැළඹන්ටවත් භයවෙන්ටවත් මම ඉඩ නොදෙන්නෙමි.

රෝම 16:20

සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක.

මා දිව්‍යමය සමාදානයෙන් ජීවත් වන්නෙමි.

කොලොස්සි 3:1

මා උසස් වූ ස්ථානවල තිබෙන දේවල් කෙරෙහි මාගේ මනස තබන්නෙමි.

යොහන් 8:44

යක්ෂයා බොරුවේ පියාය.

ගීතාවලිය 2:1-4

1 මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනාකෙරෙද්ද?

2 ස්වාමීන්ටද උන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණයකෙරෙති.

3 අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලණු අප කෙරෙන් ඉවතලමුයයි කියති.

4 ස්වර්ගයෙහි හිඳින තැනන්වහන්සේ සිනාසෙනසේක. ස්වාමීන්වහන්සේ ඔවුන්ට පරිහාසකරනසේක.

ආලේපලත් තැනැත්තා කවුද? ක්‍රිස්තුස්වහන්සේගේ සභාව.

යෙසායා 30:13

ඒ කෙරෙහි පිහිටා සිටින බැවින්, මේ අපරාධය උස්වූ බිත්තියක පිපිරී වැටෙන්ට තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේය. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේය.

අපගේ සිත යුද්ධ භූමියයි.

යෙසායා 26:3

ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.

රෝම 8:15

මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

ලූක් 10:19

අපි අභියෝග වලට මුහුණ දෙමින් අපර විරුද්ධව පැමිණෙන දේවල් ජයගමු.

යෙරෙමියා 1:4-8 

ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

5 මම නුඹ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් නුඹ හඳුනාගෙන සිටියෙමි, නුඹ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම නුඹ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට නුඹ නියමකෙළෙමියි කීය.

6 එවිට මම: අනේ, ස්වාමිවූ දෙවියන්වහන්ස, මම කථාකරන්ට නොදනිමි, මක්නිසාද මම බාලයෙක්මියි කීමි.

7 නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.

8 ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.

මනුෂ්‍යයන්ගේ මුහුණුවල් දකිමින් ඔබ භය නොවන්න.

ගීතාවලිය 23:4

එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නුමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමඟය.  ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ.

ස්වාමීන්වහන්සේ අප සමඟයි.  දානියෙල්ගේ හෙබ්‍රෙව් මිත්‍රයන් තිදෙනා මෙන් අපිත් භය නොවී නිර්භීතව සිටිමු.

යෙසායා 60:1-2

1 නැගිට බැබළියන්න, මක්නිසාද නුඹේ ආලෝකය පැමුණුණේය, ස්වාමීන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි උදාවිය.

2 එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.

යෙසායා 48:17-18

17 නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.

18 අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.

යෙරෙමියා 1:8-9

8 ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක. 

9 එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිඟුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.

මතෙව් 12:34

අපගේ සිතේ පූර්ණකමෙන් අපගේ මුඛය කථා කරයි.

සෙකරියා 2:8

මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුණයින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අත-ගසන්නේය.

අපි උන්වහන්සේගේ ඇසේ කළුරුවාව වන්නෙමු.

රෝම 8:15

මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව.

අපි නැවත ඉපදුණු නිසා දාසකමේ බන්ධනයේ ආත්මයක් ලැබුවේ නැත.

උන්වහන්සේගේ අභිමුඛයට අපි  භියෙන් තොරව නිර්භීතව යමු.

භිය ලෝකයාගේ භාෂාවයි.

ක්‍රියා 16:25

පාවුල් සහ සීලස් ප්‍රශංසා කරමින් සිරගෙදරින් නිදහස් වුණා.

ලූක් 8:26-39

යක්ෂාත්මයෙන් සිටි මනුෂ්‍යයා නිදහස ලැබූ විට ඔහුට යේසුස්වහන්සේ සමාදානයේ මනසක් දෙනු ලැබුවා. 

"සිදුවූ දේ බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ගොස් යේසුස්වහන්සේ වෙතට පැමිණ, යක්ෂයන් දුරුවුණ මනුෂ්‍යයා වස්ත්‍ර ඇඳ සිහි ඇතුව යේසුස්වහන්සේගේ පාමුල ඉඳගන ඉන්නවා දැක, භයවූවෝය."(ලූක් 8:35)

1 කොරින්ති 6:17

නුමුත් ස්වාමීන්වහන්සේට එක්වූ තැනැත්තේ එක ආත්මයය.

උත්පත්ති 6 පරිච්ඡේදය කියවන්න.

දෙවියන්වහන්සේ නෝවාගේ පවුල ආරක්ෂා කළ ආකාරය බලන්න.

යෝෂුවා 2 පරිච්ඡේදය කියවන්න.

දෙවියන්වහන්සේ රාහාබ්ගේ මුළු පවුලම යෙරිකෝ නුවරින් නිදහස් ආකාරය බලන්න.

යෝෂුවා 24:15

යෝෂුවා පැවසුවේ, මමත් මාගේ පවුලත් ස්වාමීන්වහන්සේට සේවය කරන්නෙමු.

හෙබ්‍රෙව් 13:5-6

5 නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.

6 මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද?  කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.

උන්වහන්සේ අප සමඟ නම් අපට සියල්ලම අයිතියි.

2 කොරින්ති 8:9

යේසුස්වහන්සේ දිළිඳු වූයේ කුරුසියේදී පමණයි. සියලු ශාප උන්වහන්සේ අප වෙනුවෙන් දරාගත්තේ අපව නිදහස් කරන පිණිසයි.


Watch the Sermon Video

Read 540 times